15 - Dead Leaves | ලුණු දිය කේවර

50 19 6
                                    

' I heard something terrible
happened here a few years ago '
_________________________________________

' I heard something terrible happened here a few years ago '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කහ පාට හඳ වලාකුලකින් වැහිලා ගිය වෙලාවක අහස සීතලේ අන්ධකාරෙක ගිලිලා ගිහින්.නිවි නිවි පායන එක හඳකට පුලුවන්ද සීතල කාලෙදි අහසට බැඳුන අන්ධකාරෙ එලිය කරන්න?අහසින් වැටෙන හිම පියල්ලක් සැවානා ⁣සෝයර්ගෙ කන් අඟිස්සකට ඉඟි කරේ එහෙම කරන්න බැරි බව.ඒක නිසයි හඳත් එක්ක හැමදාම රෑ අහසෙ කොහෙහරි තරුවක් දෙකක් පෑයුවෙ තනියම අහසට එලිය දුන්න හඳට උදව්වක් වෙන්න.නිවුන හඳට එලිය එකතු කරන්න.

නැත්තං හිරු නැතුව අඳුරට හැරුන අහසෙ තනිවම පායපු ඒ හඳේම තනියට.හඳ නැති අහසෙ තරු විතරක් තියෙද්දි අහස කැත නැද්ද?තරු නැතුව හඳ විතරක් පායපු අහසෙ අඩුවක් දැකලා නැද්ද?ඒ දෙකම නැති දවසක් ගැන මතකයක් තියනවද?සඳුගෙයි තරුගෙයි පෑවිල්ල එකටම සිද්ද වුන දවසක් දැක්කා මතකද? 

තරු නැතුව රෑ අහස ලස්සන වුනත්,සඳු නැතුව තරු විතරක් පෑයුවත් ඒ වස්තූන් තියෙන අහස අසම්පූර්ණද?සම්පූර්ණ බව දැන දැනත් අසම්පූර්ණකමක් හෙව්වද?සැවානගෙ කන් අගිස්ස ළඟින් වැටුන අර හිම පියල්ල කෙල්ලගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවෙ ඒ විදිහටයි.මොකද මාස කීපෙකට පස්සෙ අහසෙන් ඈත් වුන සඳුයි,තරුයි බුසාන් නගරෙ එක අහසක් ළඟ අද එකිනෙකාට ඉස්සරහින් හිටගෙන ඉන්නවා.කිම් තේහ්‍යුං කියන හිතුමතේ තීරණ ගන්න හිතුවක්කාර හඳ ඉස්සරහින් හද එක්ක අමනාප වෙලා යන්න ගිය සැවානා සෝයර් කියන තරුව පායලා.ඒත් සඳුගෙන්වත්,තරුවෙන්වත් එලියක් විහිදුනේ නැත්තෙ සුදුමැලි වුන මූණවල් වල තිබුණ මලානික වුන පෙනුම නිසයි.

" තේ..හ්‍යු..ං "

හොස්ටල් කාමරේ ඉඳන් ඇවිදන් ආපු පාරෙ සපත්තු අඩි සලකුණු නැවතුන අයිනක සැවානා නැවතීගන හිටියෙ හදිසියෙ දැකපු තේහ්‍යුංගෙ චායාවක ඉව වැටුන නිසයි.ගස් අතරින් අඩි තියපු කෙල්ල තවත් තත්පර කීපයක් ඇවිදගෙන යන තේහ්‍යුංගෙ හෙවනැල්ල දිහා බලාගෙන ඉඳලයි කොල්ලා පිටිපස්සෙන් යන්න හිත හදාගත්තෙ.ගිහින් තේහ්‍යුංගෙ අතකින් ඇදලා කොල්ලව නැවැත්තුවෙ.නවත්තලා පුදුමෙන් පිරුණ ඒ මූණ දිහා අපහසුවකින් බලාගෙන හිටියෙ. වෙලාවකට ඕන වෙලා,වෙලාවකට එපා වෙන,තවත් වෙලාවකට කැමති හිතෙන,ආයෙත් ටිකකින් ලඟට ගන්න හිතෙන තත්පරෙන් තත්පරේ වෙනස් වෙන සිතුවිලි තියෙන ලෝකෙක ඉන්න මිනිස්සු අතරෙ සැවානා සෝයර් පැටලිලා හිටියා.ඒ වගේම තේහ්‍යුංනුත්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now