19 - Save Me | රුහිරු හිම කැට

52 18 0
                                    

' Today is the day you decide to stay here and then start to know all the previously unknown secrets '
_________________________________________

උද්‍යානෙට හිම වැටුන කාලෙකදි යොංසං ගඟ ළඟ තිබුණ කොන්ක්‍රීට් බංකුවක ඉඳගත්තු මූණට වෙස්මුහුණක් දාගත්තු ගැහැණු ළමයෙක් කකුල් උඩ සුදු ලිලී මල් පොකුරකුත් තියාගෙන ඉන්න විදිහෙන් ඇඳපු ජන්කුක්ගෙ චිත්‍රෙට 'ද මාස්ක් ගර්ල්' නමින් නම තිබ්බෙත් ජන්කුක්ම බව නම්ජුන් හ...

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

උද්‍යානෙට හිම වැටුන කාලෙකදි යොංසං ගඟ ළඟ තිබුණ කොන්ක්‍රීට් බංකුවක ඉඳගත්තු මූණට වෙස්මුහුණක් දාගත්තු ගැහැණු ළමයෙක් කකුල් උඩ සුදු ලිලී මල් පොකුරකුත් තියාගෙන ඉන්න විදිහෙන් ඇඳපු ජන්කුක්ගෙ චිත්‍රෙට 'ද මාස්ක් ගර්ල්' නමින් නම තිබ්බෙත් ජන්කුක්ම බව නම්ජුන් හිමිහින් ජිමින්ට විස්තර කරන්න පටන් අරගෙන තිබුණා.

ජන්කුක්ගෙ අතින් පාට වුන මාස්ක් ගර්ල් පේන්ටිං එක කොයිවගේද,ඒකෙ තිබුණෙ මොනවද,නොතිබුණේ මොනවද කියන එක ගැන උසස් පාසලේ පිරිමි ළමයි කීපදෙනාම විස්තර කරගෙන ගියෙ ඒ විස්තරයට ජිමින් වගේම පැරිසුත් හොඳින් කන් දෙද්දියි.විස්තරය හිමිහින් කියාගෙන යනකොට,ජන්කුක්ගෙ චිත්‍රය කොයිවගේද කියන එක ගැන ජිමින්ට,පැරිස්ට අදහසක් ගොඩ නගාගන්න පුලුවන් වෙනකොට පැරිස්ගෙ ඇස් දෙක ලොකු වෙන්න ගත්තෙ වකුටු වුන ඇහිබැමි,රැලි ගැහුන නලලත් එක්කයි.

කෙල්ලගෙන් ඊලඟට පිටතට ආපු හැසිරීම වුනේ වෙන කොහෙවත් නොබලා එකඑල්ලෙම ගඟ මැද හිටගත්තු ජිමින්ගෙ මූණ දිහා බලාපු එක.පැරිස්ගෙ ඇස් ජිමින්ගෙ මූණට වැටෙනකොට නලල රැලි කරගත්තු ජිමින්ගෙ ඇස් වුනත් කෙල්ලගෙ පැත්තට වැටිලා අනිත් අයට නොපෙනෙන විදිහකින්.වෙස් මුහුණු කෙල්ලගෙ සිතුවම ගැන නම්ජුන් සම්පූර්ණයෙන් දුන්න විස්තරයෙන් පස්සෙ විනාඩි කීපෙකට කලින් දෙන්නම හිතාගෙන හිටපු දෙයක් හිතුවටත් වඩා ඉක්මනින් ස්ථිර වුන බව දෙන්නටම දැනුන නිසයි ජිමින්ගෙත් පැරිස්ගෙත් ඇස් තරමකට ලොකු වුනේ.

" ඒක..එත.කොට නැතිවුනායින් පස්සෙ හොයාගත්තෙ නැද්ද? "

නිශ්ශබ්දව හිටපු ජිමින් මොකුත් අහන්නත් කලින්ම කලබල වුන පැරිස්ගෙ කටින් එකපාරම එලියට පැන්නෙ ⁣නොඉවසිලිවන්ත වුන වචන පේලියක්.තමන් කලබල වුනේ නැති බව පෙන්නන්න උත්සහයක් ගත්තු පැරිස් උද්‍යානෙ කලුවර නිසා පැහැදිලිව නොපෙනෙන පුදුමෙන් මහත් වුන තමන්ගෙ මූණ අනිත් අයට නොපෙනුන එක ගැන සැනසුනේ ජිමින් කෙල්ල දිහා බලාගෙන හිටපු නිසයි.පැරිස් උවමනාවට වඩා කලබල වුන නිසා වැරදි දෙයක් කටින් පිටවෙයි කියලා හිතුන වෙලාවක ජිමින්ගෙ සන්සුන්ව තියාගන්න උත්සාහා කරපු හිත බිඳලා දාපු එක ගැන තරහින් කොල්ලා තොල් එහා⁣ මෙහා කෙරුවා.

Just One Day - Book 01 || JJK Wo Geschichten leben. Entdecke jetzt