02 - Just Kidding | තරහකාරයෝ

191 39 64
                                    

Today it is frozen, 
but one day the snow will melt
_________________________________________

Today it is frozen, but one day the snow will melt_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

“ආර්ට් සර් ආයෙ වැරදිලාවත් හොරර් මූවීස් බලන එකක් නෑ මං ඇඳපු චිත්‍ර ටික දැක්කම "

අමාරුවෙන් එහෙට මෙහෙට දඟලලා බොහොම මහන්සි වෙලා දන්න කියන හැම ශාස්ත්‍රයක්ම දාලා ඇඳගත්තු තමන්ගේ චිත්‍ර ටික දිහා බලපු යුන්ගිට දැනුනෙ චිත්‍ර විශය ගැන මොලේ හසරක තේරුමක් නොදන්න මනුස්සයෙක් පලවෙනි වතාවට චිත්‍රයක් ඇන්ඳා වගේ හැඟීමක්.තමන්ගෙ චිත්‍රෙ දිහා බැලුවම තමන්ටම දුක හිතෙන එක ගැන යුන්ගිට වෙනමම දුකකුත් ඇතිවුනා.තවත් ටිකක් දුරට ගිහාම ආට් පේපර් එක බලන ගුරුවරයට දැනෙන හැඟීම කොහොම එකක් වෙයිද කියලා කල්පනා කරාම යුන්ගිට කෑගහලා අඬන්න හිතුනා ⁣හෝල් එකේ ඩෙස්ක් එකක් බදාගෙන.

කොල්ලා ආර්ට් එක්සෑම් එකට ඉඳගත්තෙ චිත්‍ර අඳින්න නෙවේ කියලා දන්නෙ කොල්ලම විතරයි.යුන්ගි කොලේජ් එකේ ආර්ට් රූම් එක ලඟින්වත් ගිහින් නැතුව ඇති මාස ගානකින්.වෝටර් කලර් පෙට්ටියක් අල්ලලා නෑ අවුරුදු ගානකින්.පාට කලවම් කරගෙන චිත්‍රෙකට එකතු හැටි දන්නෙ නෑ.යුන්ගි කෙල්ලක්ව ඇන්ඳොත් ඒ අඳින රූපෙ පේන්නෙ පිරිමි කෙනෙක් වගේ.පිරිමි කෙනෙක්ව ඇන්ඳොත් ගැහැණු කෙනෙක් වගෙයි.

ඇතෙක් ඇන්දොත් කැන්ගරුවෙක් වගෙයි.සර්පයෙක් ඇන්ඳොත් පත්තෑයෙක් වගෙයි.යුන්ගිගෙම චිත්‍රයක් යුන්ගිම ඇන්ඳොත් ඒක දිහා බලන්නත් සාදාරණ බයක් කොල්ලගෙ හිතේ තිබුණා.එහෙම එකේ මේ වෙලාවෙ කොලේජ් එකේ සභාපතිතුමා වැරදිලා හරි එක්සෑම් හෝල් එකට ආවොත් කොල්ලට සිද්ද වෙන්නෙ ඩෙස්ක් එක යටටවත් රිංගලා හැංගෙන්න.නැත්තං අර ජන්කුක් ඉන්න ජනේලෙ ලඟින් එලියට පැනලා අවසන් ගමන් යන්න.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now