‘ Even though we know each other, it's funny how we sit together and talk because we don't know each other yet ‘
_________________________________________සුවඳ ගහන දවල් කෑම වේල අතරතුරදි සොක්ජින්ගෙ ගැහැණු ළමයගෙ ගෙදර සාදෙට සහභාගි වුන අය දිග මේසෙ දෙපැත්තෙ ඉඳගෙන කතාබහක හිටියා.එතන ජිමින්,තේහ්‍යුං,සොක්ජින් වගේම සොක්ජින්ගෙ දෙමව්පියොත්,ගැහැණු ළමයගෙ පැත්තෙ දෙමව්පියොත්,තව කීපදෙනෙකුත්,ජන්කුක්ගෙ තාත්තා වුන ජොන් මහත්තයත් ඉඳගෙන හිටියා.දවල් කෑමටවත් නොඉඳපු ජන්කුක්ගෙ අම්මා ජිමින්,තේහ්‍යුං දෙන්නා ගෙවත්තෙ ඇවිදලා එන්නත් කලින්ම නිවහනෙන් පිටත් වෙලා තිබුණා.ජන්කුක්ගෙ පවුලෙ අයත්,සොක්ජින්ගෙ අත ගන්න ඉන්න ගැහැණු ළමයගෙ පවුලෙ අය අතරත් හිතවත්කමක් තියන බව ජිමින්,තේහ්‍යුං දැනගත්තෙ දවල් කෑම මේසෙදියි.
ලිලී මල් වැට ගාවදි දැකපු මිසිස් ජොන්ගෙ එකම චායාවක්වත් ඉන්පස්සෙ ජිමින්ට දැකගන්න ලැබුනෙ නෑ.ඒත් මිසිස් ජොන් වගේ කලබලයෙන්,අපහසුවෙන් හැසිරුනේ නැති ජොන් මහත්තයනං හරිම සතුටින්,හිනහා වෙන ගමන් සොක්ජින්,තේහ්‍යුං එක්ක වගේම ජිමින් එක්කත් කතා කෙරුවා.කෑම වෙලාවෙන් වැඩිපුරම වෙලාවක් ජොන් මහත්තයා කතාබහ කරන්න ඇත්තෙත් ජිමින් එක්ක.ඒ නිසාම ජිමින්ට දැනෙන්න ගත්තෙ මිසිස් ජොන් උද්‍යානෙ ගැටලුව නිසා තවමත් ළමයි එක්ක හිත හොඳ නැති කමින් ඉන්න බවක්.ඒකට හේතුව වුනේ ජොන් මහත්තයගෙ තිබුණ සුහඳ බව.ඉවරයක් නැති කතාව.හිනහව.
" කොල්ලා ලස්සනයිනෙ.ලොකු වෙලා ගොඩක්.අපේ පුතා වගේමයි දැන්.ලොකු ළමයිනෙ.ඒත් ආයෙ උද්‍යානෙදි දාගත්තා වගේ ප්‍රශ්නනං දාගන්න එපා ළමයි.තේරුණාද ජිමින්? "
අල කෑල්ලක් හිරවුන ගෑරුප්පුව මේසෙ අනිත් පැත්තෙ ඉන්න ජිමින්ගෙ දිහාට දික්කරන ජොන් මහත්තයා කියන්නෙ හිනහා වෙන ගමන්.නමුත් අවදාරණෙන්.ජිමින් කරෙත් කතා කරන්න කිසිම අපහසුවක් නැති ජන්කුක්ගෙ තාත්තා එක්ක හොඳින් කතාබහ කරපු එක.
YOU ARE READING
Just One Day - Book 01 || JJK
Fanfictionඅඳුරු රැයකට ඇද වැටුනු ධාරානිපාත වරුසාවක සීතල වැහි දිය පසාරු කරගෙන තනිවුනු නමක් නැති එකම එක මල් අත්තක පිපුණු නටුවෙන් හැලෙන්නට මග බලන වර්ග දෙකක මල් පෙති දෙකක්! මීදුමට වැහුන රෑ යාමෙදි මඩ තැවරුණු සුදු ලිලී මල් පෙති කුණාටුවකට හමාගෙන ආපු කව්දෝ හොරෙක් ඇවිද...