26 - Awful Advice | අවවාදයක්!

64 13 5
                                    

' She realized that there are some things that can never be fixed '
________________________________________

ගෙවීගන යන සති කීපය ඇතුලෙ රැඳුන මැද දවසකදි බොහොම හෙමින් සුව අතට හැරීගන එන ජන්කුක්ව බලන්න රෝහල් කාමරේට ආපු වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ පිරිමි ළමයි කීපදෙනෙක් කාමරය ඇතුලට ගිය හැටි කොරිඩෝර් එකේ හිටපු හෙදියො කීපදෙනෙක්ම දැක්කත් ළමයි ගැන ලොකු උනන්දුවකින් බැ...

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


ගෙවීගන යන සති කීපය ඇතුලෙ රැඳුන මැද දවසකදි බොහොම හෙමින් සුව අතට හැරීගන එන ජන්කුක්ව බලන්න රෝහල් කාමරේට ආපු වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ පිරිමි ළමයි කීපදෙනෙක් කාමරය ඇතුලට ගිය හැටි කොරිඩෝර් එකේ හිටපු හෙදියො කීපදෙනෙක්ම දැක්කත් ළමයි ගැන ලොකු උනන්දුවකින් බැලුවෙ නැත්තෙ නිතරම රෝහලට එන පුරුදු මූණු තිබුණ ළමයින්ව ඒ අයටත් මතක තිබුණ නිසා.

හේතුව වුනේ උද්‍යානෙ අනතුරෙන් පස්සෙ රෝහලට එන ජොන් ජන්කුක්ගෙ පංතියෙ ළමයි දවසක් නෑර මිත්‍රයව බලන්න එන යන එක පුරුද්දක් කර⁣ගෙන තිබුණ එක.නම්ජුන්,හෝසොක්,මිස්ටර් සොක්ජින්,ක්ලාරා,යුන්ගි ඇතුලු අනිත් ළමයිනුත් එකතු වුන මිත්‍ර සංගමය කාට කාටත් දැන් නුහුරු දෙයක් නෙවෙයි.

රෝහල් කාමරය නිතරම මිත්‍රයන්ගෙන් පිරුණ නිසා ජන්කුක්ට තනියක් දැනුනෙ නැති තරං.තවමත් සම්පූර්ණයෙන් සුව අතට හැරුනෙ නැතත් කතා බහ කරලා කෑම කන්න තරං ඇඟ එහෙ මෙහෙ කරගන්න පුලුවන්කමක් ජන්කුක්ට ලැබිලා තිබුණා.ඒත් ඉන කොටසෙ ගැඹුරට විහිදුන තුවාලෙ නිසා තාමත් තනිවම නැගිටලා තමන්ගෙ වැඩක් කරගන්න,ඇඟ හෝදන පිරිසිදු කරන දේවල් කරගන්න,ඇඳුමක් ඇඳගන්න පුලුවන්කමක් ජන්කුක්ට තිබුණෙ නෑ.ඒ පෞද්ගලික වැඩ ජන්කුක් කරගත්තෙ දෙමව්පියන්ගෙ උදව්වෙන්.නිතරම රෝහල් කාමරේට ඇතුලු වුන යහලුවො පිටතින් ඇතිවුන තුවාලෙ නිසත්,හිත අැතුලෙ කුණු වුන පැසවපු තුවාලෙ නිසත් අපහසුවෙන් ඉන්න ජන්කුක්ගෙ හිතේ තිබුණ මහන්සිය නැති කරන්න උත්සාහා කෙරුවා.

පැරිස් ගිබ්සන්ගෙ තත්වෙ සුව අතට හැරෙනකනුත්,ජිමින්ට වාහන වල යන එක දවස් කීපෙකට නතර කරන්න සිද්ද වුන නිසත් සොක්ජින්ගෙ ගෙදර නැවතුන තේහ්‍යුං ජන්කුක්ව බලන්න සතියකට කීපසැරයක් ආවෙ ආගන්තුකයෙක් වුනත් ඒ නාදුනනකම් ගෙවීගන යන දවස ගානෙ අතුරුදහන් වී⁣ගන ගිහින් තිබුණ එක හේතුවෙන්.උසස් පාසලට නිවාඩු ලැබුන සතියෙ අග දවසක උදේ වරුවක ජන්කුක්ව බලන්න කෑම පාර්සල් කීපෙකුත් අරගෙන ආපු නම්ජුන්,හෝසොක් එක්කම රෝහල ඇතුලට ආපු යුන්ගි රෝහල් කාමරයට ගිහින් විනාඩි කීපයක් ගෙවිලා ගිහින් දැන්.

Just One Day - Book 01 || JJK Kde žijí příběhy. Začni objevovat