36 - Nightmare Of Ulsan Street | අවසර නැති සිහින

45 11 0
                                    

' We believed that the destination we were going to stay in was a place full of happiness. But that's where we fucked up! '
_________________________________________

 But that's where we fucked up! '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අ-හෙලෝ "

සෝෆා එකට ඔලුව තද කරගෙන හිටපු ජිමින්ගෙ ඇස් කලු වීදුරු මල් පෝච්චියෙන් අහකට ගියා සෝෆා එකේ පැත්තකින් තියපු මොබයිල් එකට කෝල් එකක් ආපු සද්දෙ නිසා.එතකොටයි ජිමින්ට තේරුණේ අකුණු සැර පිරුණ රෑ තමන්ගෙ මොබයිල් එක ඕෆ් කරලා නැති බව.එහෙම කරන්න කොල්ලට අමතක වුන බව.ෆෝන් එකේ තිරයෙ රැඳුන පාක් මහත්තයගෙ රූපෙ දිහා බලාගෙනම 'කොහොමද තාත්තා' කියන ගමන්ම ඇමතුමට කතා කරපු ජිමින්ට අහන්න ලැබුනු තාත්තගෙ කටහඬ. 

" අපි ⁣හොඳින් ඉන්නවා පුතා.උල්සාන් වල වැස්සෙ තෙමෙන්න එහෙම යන්න එපා.අර නූන් නිවුස් වලටත් කිව්වා හැන්සර් සුලි කුණාටුව උල්සාන් වල ඔය පැත්තට එනවා කියලත්.මොනවා කරත් පරිස්සමෙන්.අම්මා හිත කරදරෙන් ඒ නිසා "

" මං හොඳින් තාත්තා.තාත්තා නිදාගන්න.අම්මට මම සුබ රැයක් කිව්වා කියලත් කියන්න.සුබ රැයක් තාත්තා "

" සුබ රැ-ඔහ්හ්!! "

ඉක්මනින්ම දුරකථන සංවාදෙ ඉවරයක් කරලා මොබයිල් එක අයින් කරලා දාන්න හිතුවත් පාක් මහත්ත⁣යගෙ සුබ පැතීම අන්තිමේදි ජිමින්ගෙ කන් වලට ඇහුනෙ එහා පැත්තෙන් සිද්ද වුන කලබලයක සද්දයක් විදිහට.ඒ නිසා මොබයිල් එක තවමත් කන ලඟින් අයින් නොකරපු කොල්ලා පාක් මහත්තයගෙ පැත්තෙන් සිද්ද වෙන කලබලය හිමිහින් අහගෙන හිටියා.ජිමින්ට තේරුනේ තාත්තගෙ අතින් මොබයිල් එක කොහෙහෝ බිම වැටුන බවත්,ඒ ගැන සොන්වෝල් නෝනා දොස් තියන බවත් කියන කාරණා දෙක.

" තාත්තා මොකක්ද වුනේ? "

" දෙයි-න්-නේ පාක්-පරිස්-මෙන් වැ-ක්-ක්--න්නකො-මො-ද,ලා ති⁣යෙ-හ්හ්!බිඳු-වීදු-- "

Just One Day - Book 01 || JJK Where stories live. Discover now