37 - Most Beautiful Moments In Life | අඳුර මැඳින් ගෙවුන ලස්සන දවස්

46 9 0
                                    

'⁣ Why didn't we feel the happiness, friendship, love and unity felt in the forest anywhere else? '
_________________________________________

              වැහි වැහැලා ඉවර වුන රෑ යාමෙ පහුකරගෙන ආපු ඊලඟට උදාවුන අලුත් දවසෙ තවමත් කලුවර මැකිලා ගියපු නැති පාන්දර මොබයිල් එකේ එලාම් එකක් වදින සද්දෙ නිසා ඇහැරුණ ජිමින් අත පය දිගඇරගෙන නිදාගත්තු සෝෆා එකෙන් උඩට ඉස්සුනා කම්මැලිකමින් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

          
    වැහි වැහැලා ඉවර වුන රෑ යාමෙ පහුකරගෙන ආපු ඊලඟට උදාවුන අලුත් දවසෙ තවමත් කලුවර මැකිලා ගියපු නැති පාන්දර මොබයිල් එකේ එලාම් එකක් වදින සද්දෙ නිසා ඇහැරුණ ජිමින් අත පය දිගඇරගෙන නිදාගත්තු සෝෆා එකෙන් උඩට ඉස්සුනා කම්මැලිකමින් වගේ.ගෙවුනු රෑ වීදුරු කටුවකට කැපුනු අත දිගඅරිනකොට සෝෆා එකේ වැදුන නිසා දැනුන රිදීමක් හේතුවෙන් කටින් පිටවුන කෙඳිරියක් එහෙමම පිටවෙන්න දුන්න කොල්ලා වටපිට බැලුවෙ අනිත් අය ඇහැරිලා නැද්ද දැනගන්න.තවමත් ගෙදර දොර වහලා දාලා තිබුණ නිසා එලිය වැටීගන එන උදේම සෝෆා එකෙන් නැගිටලා නාන කාමරය හොයාගෙන යන්න හිතුන ජිමින්ගෙ ඔලුවට කලින්දා රෑ සිද්ද වුන දේවල් කීපයක් එන්න ඇති නිදිමත බේරුණ හිත ඇතුලින්ම.

ඒ නිසා අතේ අයිනක බැඳපු සුදුපාට බැන්ඩේජ් කෑලි දිහා බලපු ජිමින්ට මතක් වුනේ කලින්දා රෑ ජන්කුක් ඇවිදින් තුවාලෙට බෙහෙත් දාපු විදිහත්,ජන්කුක්ගෙ පිටව යෑමෙන් පස්සෙ සෝෆා එකේම ජිමින් නිදාගත්තු විදිහත්.උඩට ඉස්සුන හැඩිවුන කමිසෙ අතකින් හදාගන්න ගමන් ඈනුමක් පිටකරපු කොල්ලා සෝෆා එකේ අනිත් පැත්ත කොටස බැලුවමයි පුදුම වුනේ.

" ජන්කුක්? "

ජනේලෙකින් වැටුන ලා එලියෙන් ජිමින්ට දැකගන්න පුලුවන් වුනේ සෝෆා එකේ අනික් කොටසක ජන්කුක් හොඳින් නිදාගෙන ඉන්න විදිහ.මොබයිල් එකේ සද්දෙටවත් ඇහැරුනේ නැති ජන්කුක්ගෙ ඇස් තදින් පියවිලා තිබුණා අත් කකුල් එකිනෙකට වකුටු වෙද්දි.රෑ දැනුන සීතල නිසා පොරොනාවක්වත් නැතුව සෝෆා එකේ අනිත් පැත්තට කොටුවුන ජන්කුක් ආයෙත් එතනට ආවෙ කොයිවෙලාවෙද කියන එක ජිමින්ට මතකයක් තිබුණෙ නෑ.අවුල් වුන හිසකේ අස්සෙන් එක අතක් එහෙ මෙහෙ කරපු ජිමින් ජන්කුක්ට ඇහැරෙනකං තවත් විනාඩි කීපයක් බලාගෙන හිටියෙ ඇයි ජන්කුක් සෝෆා එකේ නිදාගත්තෙ කියලා අහන්න මගබලාගෙන ඉන්න විදිහකින්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now