25 - Answer | ගිනි කූර

43 13 0
                                    

' The answer is Pain more
that you Thinking '
________________________________________

දවස් ගනනාවක් තිස්සෙම කලින් දැනුම් දුන්න කාලගුණ අනාවැකි නිවැරදි කරගෙන අවුරුදු කීපෙකට කලින් බුසාන් නගරෙට මහා මෝසම් වරුසාවක් ඇදහැලෙන දවස් කීපයක් ගෙවීගන ගි⁣යෙ ඒ නිසාම නගරවාසියො අපහසුවෙන් කල් ගෙවද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දවස් ගනනාවක් තිස්සෙම කලින් දැනුම් දුන්න කාලගුණ අනාවැකි නිවැරදි කරගෙන අවුරුදු කීපෙකට කලින් බුසාන් නගරෙට මහා මෝසම් වරුසාවක් ඇදහැලෙන දවස් කීපයක් ගෙවීගන ගි⁣යෙ ඒ නිසාම නගරවාසියො අපහසුවෙන් කල් ගෙවද්දි.පමණට වඩා වැටෙන වැස්ස,පමණ ඉක්මවපු හිම පතනය වෙන සීත කාලය,පොලව ඉරි තැලෙන ග්‍රීස්මය කියාපෑවෙ මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනස් වුන කාලගුණය බුසාන් නගරෙටත් ඒ විදිහටම බලපාපු බව.වතුරින් වැහිලා ගිය වැම්ෂෙඩ්හයර් උසස් පාසලේ ගේට්ටුව ඉස්සරහින් තිබුණ නගරෙ මැදකින් වැටුන ප්‍රධාන පාරෙ වාහන එහෙ මෙහෙ ගියෙත් බොහොම හෙමින්.

හේතුව ටයර් වලින් පිටතට විසිවෙන වතුර පයින් ඇවිදින කෙනෙක්ගෙ ඇඳුම් වල වැදෙන නිසා.දවසට පැය කීපයක් ඇදගෙන වැටුන වැහි තුවානම වතුර බිංදු දෙක තුනකින් ඉවර වෙලා ඉක්මනින්ම නගරෙන් ඈතට ගිය වැහි කුණාටු වුනේ නෑ.වැස්සට තෙත් වුන පොලව දෙදරන්න,වැස්සට ආරක්ශා වෙන්න නගර වාසියො සීතලට ගුලි ගැහුනු නිවහන් වල වහල කොටස් ගැස්සෙන්න තදින්ම හෙන පුපුරපු මාසයක් ඒ.කරන කියන වැඩක්වත් නිවැරදිව කරගන්න බැරුව බුසාන් නගරවාසියො අහසටත් එක්ක අවලාද තියපු කාලයක් ⁣ගෙවීයන යන අතරෙ වැම්ෂෙඩ්හයර් උසස් පාසලට එන යන ළමයින්ගෙ හිත් වල තිබුණෙත් වැස්සට තෙතබරියම් වුන අමනාපෙන් පිරුණ අකමැත්තක්.

හේතුව මහ වැස්සෙම කොලේජ් එකට එන්නත්,හවස් වරුවෙ වැටෙන වැස්සක් මැද ගෙදර යන්නත් සිද්ද වුන නිසා.කොලේජ් එකේ හොස්ටල් කාමරේක නවතින කෙනෙකුට වැස්සට නිතරම තෙමෙන අපහසුව තිබුණෙ නෑ.උසස් පාසලට ළඟ නිසා උදේ හවා යන එන ළමයි වැහි කාලෙදි ඒ නිසා අපහසුවෙන් හිටියෙ ජන්කුක්,නම්ජුන්,හැනා වෙස්ටර්,ෆ්ලොරෙන් වෙස්ටර්,එල්ටන් මැතිව් වුනත් එකිනෙකාට වෙනසක් නැතුව ඒක විඳගනිද්දි.මොකද ඒ කව්රුත්ම කොලේජ් එකේ නවාතැන් පහසුකම් වලට සුදුසුකම් තිබුණෙ නැති පාසලට තරමක් හෝ ලඟින් නිවාස පිහිටපු අය වුන නිසා.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now