32 - Boys With Fun | රහස් මෙහෙයුම

61 10 0
                                    

' We cried a lot, we laughed a lot. But it was so beautiful '
________________________________________

 But it was so beautiful '________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" Remember to take it home. A flower pot is already ready. Okay! Now I get it, you looser! "

පණිවිඩයෙ අන්තිම කොටස් වලදි කියවුන මල් පෝච්චිය මොකටද කියන එක කාඩ්බෝඩ් පෙට්ටිය ගොඩගන්නත් කලින්ම තේරුම් ගත්තු ජන්කුක්ගෙ කටින් පිටවුනේ ඇස් දෙක කාඩ්බෝඩ් පෙට්ටියෙ ඇරපු පියන් දෙක ඇතුලෙ තිබුණ වස්තුව පැත්තට යැවුන වෙලාවෙදියි.එක මොහොතකට මුලු උද්‍යානෙම නිශ්ශබ්ද වුන වෙලාවක,පයිනස් ගහකින් දියවෙලා බිමට වැටෙන වතුර බිංදුවක සද්දෙ විතරක් ඇහෙන වෙලාවක,යොංසං ගඟේ තාලෙකට වතුර ගලන සද්දෙවිතරක් ඇහෙන වෙලාවක ජන්කුක්ගෙ සීතල ඇස් හිම ගොඩේ කැපිලා පෙනුන කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලෙ රැඳිලා තිබුණෙ එක පැහැදිලි සිතුවිල්ලක් නැතුවයි.

ප්ලාස්ටික් වලින් හදපු,ඒත් හැදුව බව එකපාරින් කියන්න බැරිවුන,බොහොම අපූරු සුදු කැල ලිලී මල් පොකුරක් පෙට්ටිය ඇතුලෙ පිළිවෙළකට තියලා තිබුණෙ ලිලී මල් වල නටු කීපය එකට එකතු කරන්න බැඳපු සුදු පාට පීත්ත පටියකුත් එක්කයි.උද්‍යානෙ වැලලුන අජීවි හැනා වෙස්ටර්ව පණිවිඩකාරයා ගලපලා තිබුණෙ සුදු කැල ලිලී මල් පොකුරකට.හේතුව අවුරුදු කීපෙකට කලින් යොංසං ගඟ හැදෙන දවස් වලදි උද්‍යානෙ වහගත්තු කැල ලිලී මල් සම්පූර්ණයෙන් විනාස වුන එකත්,උද්‍යානෙම පස් වලට යටවුන එකත් බව ජන්කුක්ට තේරුම් ගන්න පුලුවන්.ඒකත් එක විදිහක ජීවි දෙයක් වැලලීමක් බව කොල්ලා දන්නවා.

දවස් කීපෙකට පස්සෙ හිත නිදහස් වුනත් අලුත් අත්දැකීමක් නිසා වෙව්ලන ඇඟිලි වලින් සුදු ලිලී මල් පොකුර අතට ගත්තු ජන්කුක් පින්තුරෙ කියවුන මල් පෝච්චිය තියෙන්නෙ කොහෙද කියන එක කල්පනා කරන්න ගත්තා.ඒත් ලිලී මල් පොකුර පෙට්ටියෙන් උඩට උස්සනකොට නටු ගැටගහපු රිබන් පටියත් එක්කම එල්ලුන විනිවිද පේන ඉටි උරේකින් වහපු රතු පාට ලියුම් කවරයක් ජන්කුක්ගෙ ඇස් වලට අහුවුනේ අද දවසෙ තුන්වෙනි පින්තූරය ජන්කුක් හොයාගත්තු බව කියන ගමන්.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now