05 - While In The Hospital | වීදුරු සපත්තු

105 30 22
                                    

' The first time something good happens to someone else because of a mistake I made,I think '
________________________________________

සිවිලිං පංකාවක් එකදිගට කැරකෙන සද්දෙත් එක්ක කලවම් වෙලා ආපු සීතල හුලඟට ෆින්ලේ මැකෙන්සිගෙ එකට ඇලුන ඇස් හිමි හිමින් ඇරෙන්න ගත්තා බාගෙට ඇරෙන ඇස් වලින් පිටත අපැහැදිලිව පෙනෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සිවිලිං පංකාවක් එකදිගට කැරකෙන සද්දෙත් එක්ක කලවම් වෙලා ආපු සීතල හුලඟට ෆින්ලේ මැකෙන්සිගෙ එකට ඇලුන ඇස් හිමි හිමින් ඇරෙන්න ගත්තා බාගෙට ඇරෙන ඇස් වලින් පිටත අපැහැදිලිව පෙනෙද්දි.අත් කකුල් හොලවන්න හැදුවත් ෆින්ලේට තේරුණේ ඒවා ගල්වෙලා බව.හමේ එක එක තැන් වලින් කටුවකින් අනින පුපුරු ගැහිල්ලක් දැනෙනකොට ඒ තැන් අත් වල ඇඟිලි වලින් සූරන්න උවමනා වුනා කෙල්ලට.

කකුල් දෙක නවලා නැගිටගන්න හැදුවත් කෙල්ලට දැනුනෙ එක කකුලකින් ආපු දරාගන්න අමාරු විදිහෙ වේදනාවක්.කෙල්ලට තේරුණා කෙල්ල කොහෙහරි ඇඳක ඉන්න බව.අත් වල ඇඟිලි බෙඩ්ශීට් එකට තද වුනෙත් නැගිටගන්න තිබුණ අමාරුව නිසයි.උඩ සුදු පාටින් දිලිසෙන හිමින් කැරකෙන සිවිලිං පංකාව දිහා බලාගෙන හිටපු ෆින්ලේ කල්පනා කරා කෙල්ල කොහෙද ඉන්නෙ,කෙල්ලට මොකක්ද වුනේ,කෙල්ල ඇයි මෙතන ඉන්නෙ කියන ඔලුවට ආපු ගැටලු හැමඑකක් ගැනම.

කැරකෙන සිවිලිං පංකාවෙ පෙති දිහා බලාගෙන හිටපු කෙල්ලගෙ අතුරුදහන් වුන මතකෙ ඔලුවට එනකොට ෆින්ලේට දැනුනා අලුත් බයක්.පාරෙ හති වැටීගන මහ වැස්සක දුවන වෙලාවක හරස් පාරකින් දාපු වාහනේක ලයිට් එලි වලට ඇස් ගිනියම් වුන හැටිත්,ඒ වාහනේටම කෙල්ලව හැප්පුන හැටිත් ෆින්ලේගෙ මතකෙට ආවෙ කලුවරේ වැටුන අකුණු සැරයක් වගේ.ඒත් ඉන් පස්සෙ මොනවා වුනාද කියන එක ගැන පැහැදිලි මතකයක් ෆින්ලේගෙ මනසට ආවෙ නෑ කොහොමවත්ම.

නැගිටගන්න අත පයේ වාරුව නැති නිසා ඉන්පස්සෙ මැකෙන්සිගෙ ගණුදෙනුකාරයින්ටම අහුවුනාද,නැත්තං වාහනේ ආ⁣ව කව්රුහරි කෙල්ලව ⁣කොහෙහරි අරගෙන ගියාද කියන එකට හරි උත්තරයක් ෆින්ලේට තාම ලැබිලා නැහැ.කෙල්ලට පුලුවන්කම තිබුණෙ ඇස් දෙක උඩ අතට හරවගෙන සිවිලිං පංකාව දිහා බලාගෙන ඉන්න එක විතරයි.තවත් ටික වෙලාවකින් තමන් ඉන්නෙ ⁣කොහෙද කියලා අදහසක් ගන්න පුලුවන් තරමට කෙල්ලට පුලුවන් උනා ඔලුව දෙපැත්තට මාරුවෙන් මාරුවට හරවගන්න.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now