30 - First Love | හදවතේ පැලවුන ගස

59 13 10
                                    

' Do you have an axe to cut the tree in your heart? '
________________________________________

' Do you have an axe to cut the tree in your heart? '________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" අලුතින් පාට කරලා ගත්තම මේක පුස්තකාලයක් කරන එක ඒ තරං අමාරු නෑ.දැනට ඇරලා දාමු.එතකොට ළමයි හොරෙන් ඇතුල⁣ට රිංගන එකකුත් නෑ.කොහොමත් දැන් උද්‍යානෙට ළමයි එන නිසා මේක වහලා තියන්න උවමනා නෑ.මෙතන පොඩි ලී ගෙයක් තියන බව පේනවනෙ කාටත්.කාටර් වොරන්ගෙ සිද්දිය පෞද්ගලික තරහකට කරපු දෙයක් බව පැහැදිලියි.ඒකට කොලේජ් එකත් එක්ක සම්බන්දයක් නෑ මං හිතන්නෙ "

හිම කැට දියවීගන යන උද්‍යානෙ යොංසං ඟඟේ එහා ඉවුරෙ හිටගත්තු සභාපතිතුමා තවත් ගුරුවරයෙක් එක්ක වැදගත් සාකච්ඡාවක්.දෙන්නගෙම ඇස්තිබුණෙ ඉස්සරහින් පයිනස් ගස් කීපයක් මැද්දෙන් තිබුණ ලී වලින් නිමවපු පොඩි ගෙයක් පැත්තට.ෆ්ලොරෙන්ගෙ ප්‍රශ්න කිරීමෙන් පස්සෙ වැම්ෂෙඩ්හයර් උද්‍යානෙ බිම් කාමරයක් තියන බව දැනගත්තු පාසලේ බලධාරියො ඒක තියන තැනක් හොයන්න අරගෙන තිබුණෙ ළමයි කීපදෙනා රෝහලේ ඉන්න මුල් දවස් කීපෙදිමයි.තද සෝදිසි කිරීමකින් පස්සෙ බිම් කාමරය ⁣හොයාගන්න ලැබුනෙ යොංසං ගං ඉවුරෙ අනිත් පැත්තෙ කොටසකදියි.

බිම් කාමරය හොයාගන්න අපහසු වුනේ ඒකෙ පොල⁣ව මට්ටමේ තිබුණ දොර සීත කාලෙදි සම්පූර්ණයෙන් වැහිලා ගිහින් තිබුණ නිසා.හිම නැති කාලෙදි කොල වලට වැහෙන,වහින කාලෙට වතුරට යට වෙන,සීත කාලෙදි හිම පිරෙන බිම් කාමරේට යන්න පොලව මට්ටමෙන් හදලා තිබුණ දොර අහම්බෙන් වුනත් දැකපු කෙනෙක් හිටපු නැති එක පුදුමයක් වුනේ නෑ.

උද්‍යානෙ ගැටලු කීපයක් විසඳුන නිසා සභාපතිතුමා තීරණය කරලා තිබුණ මුලු උද්‍යානෙම පිරිසිදු කරන්න.බිම් කාමරයත් පිරිසිදු කරලා ඊට උඩින් ලී වලින් පුංචි තනි කාමර කොටසක් හැදුවට පස්සෙ වැඩ ඉවර වුනා.නිතරම නොවුනත් කලින් තිබුණ නීති තරමකට අඩු කරලා පාසලේ ළමයින්ටත් උද්‍යානෙ ඇරපු නිසා උද්‍යානෙ තවදුරටත් තහනම් වුන මාරක පිටියක් වුනේ නෑ. 

Just One Day - Book 01 || JJK Where stories live. Discover now