24 - Hunting Memories | පිළිතුරට පෙර

46 14 4
                                    

' I had to find out more about where the object I got came from '
________________________________________

' I had to find out more about where the object I got came from '________________________________________

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

" Little do you know
How I'm breakin' while you fall asleep..
Little do you know
I'm still haunted by the memories..
Little do you know
I'm tryin' to pick myself up piece by piece..
Little do you know
I need a little more time "

පහසු කොට්ටෙකට ඔලුව තද කරගෙන නිදිමතින් බර වුන ඇස් අත් වලින් පොඩි කරන ජිමින්ට ඇහෙනවා ඇඳ ළඟ පුටුවක ඉඳගත්තු කිම් තේහ්‍යුංගෙ කටින් පිටවෙන සිංදුවක හීනි සද්දයක්.පැය කීපෙකට කලින් නින්දක වැටුනු නිසා ජිමින්ගෙ උරහිස් තදින් හොලවලා ඇහැරවන්නෙ නැතුව ජිමින්ගෙ බෙහෙත් බොන වෙලාව ආවම තේහ්‍යුං කරේ මිත්‍රයට සුවපහසුවට නැගිටින්න පුලුවන් විදිහෙ සිංදුවක් මුමුණපු එක.

ඒක සාර්ථක වුන නිසා සිංදුව දිගටම කියන එක නවත්තපු තේහ්‍යුං හිසකේ එහෙ මෙහෙ වුන යාලුවගෙ නලල කොටසට අත තියලා බැලුවා කලින් දවසෙ ජිමින්ගෙ ඇඟේ රස්නෙ වැඩි වෙලා තිබුණ නිසා.ඇඟේ රස්නය සාමාන්‍ය අතට ඇවිදින් බව දැනුනම තේහ්‍යුංගෙ තොල් අග රැඳුනෙ ජිමින්ට ඉක්මන් සුව පතන හිනාවක්. 

" උඹට ඉක්මනින් හොදවෙයි "

උද්‍යානෙ සිද්දිය වෙලා සති දෙකකට ලංවුනු කාලයක් ගෙවිලා ගිහින් තිබුණත් අනිත් රෝගීන් දෙන්නටම කලින් සිහිය ආපු ජිමින්ව රෝහලෙන් ගෙදර නොයැව්වෙ ජිමින්ගෙ හිස් කබලෙ තුවාලයෙන් පස්සෙ නිතරම හැදෙන්න ගත්තු හිසරදයක් නිසයි.කොල්ලගෙ හිස කොටසෙ ස්කෑන් කීපයක්ම ගත්තු ඩොක්ටර් වෝල්ටර් ඒවා සම්පූර්ණයෙන් බලලා හිසරදයට හේතුවක් විස්තර කරනකං ජිමින්ට ප්‍රතිකාර කරන කාමරේම දවස් කීපයක් රැඳෙන්න කියලා තිබුණා හිස්කබලෙ පුපුරපු තැන් තවමත් හොද වෙලා නැති නිසා.

" තේහ්‍යුං..අර වැම්ෂෙඩ්හයර් කොලේ එකේ කොල්ලගෙ තත්වෙ දැන් මොකද?මට ඇහුනා ඩොක්ටර් වෝල්ටර් උදේ මගෙ තුවාලෙ බලන්න ආපු වෙලාවෙ කියනවා ජන්කුක්ට අද සිහිය ආවා කියලා.ඒක ඇත්තද? "

Just One Day - Book 01 || JJK Tahanan ng mga kuwento. Tumuklas ngayon