" එක දවසක කතාවක් "

353 55 5
                                    

' එක දවසකදි ' අඳුරු රැයකට ඇද වැටුනු ධාරානිපාත වරුසාවක සීතල වැහි දිය පසාරු කරගෙන තනිවුනත් නමක් නැති එකම එක මල් අත්තක පිපුණු නටුවෙන් හැලෙන්නට මග බලන වර්ග දෙකක මල් පෙති දෙකක්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

' එක දවසකදි ' අඳුරු රැයකට ඇද වැටුනු ධාරානිපාත වරුසාවක සීතල වැහි දිය පසාරු කරගෙන තනිවුනත් නමක් නැති එකම එක මල් අත්තක පිපුණු නටුවෙන් හැලෙන්නට මග බලන වර්ග දෙකක මල් පෙති දෙකක්!

මීදුමට වැහුන රෑ යාමෙදි මඩ තැවරුණු සුදු ලිලී මල් පෙති කුණාටුවකට හමාගෙන ආපු කව්දෝ හොරෙක් ඇවිදින් අහුලං ගිහින්!

වරුසාවෙනුත්,කුණාටුවෙනුත් හැංගුන පෙති වේලුන රතු රෝස මල් පෙත්ත නොදැනිම පිපුණ ගහ මුල වැටිලා තාමත් දුකිං!

මගඇරුණ කතා,අත්ඇරුන මිනිස්සු
,අඳුරනොගත්තු බැඳීම්,නොගිග ගිය තැන්,කතා කරපු නොකරපු අවස්ථා,ආස නොවුනු ආස දේවල් අතරෙ පිපුණු මල් පෙති දෙක හිරවුන මාරු වුනු වෙස් මුහුණුත් අරන්!

හොරකං කරපු සුදු ලිලී මලයි, ගහ මුල වැටුන රතු රෝස මලයි තමන්ගෙ නමින් ලියවුන දෛවය වෙනස් කරන්නට ආයෙත් වතාවකට මුණගැහෙන්නෙ කොහොමද ඉතිං?

හොරකං කරපු සුදු ලිලී මලයි, ගහ මුල වැටුන රතු රෝස මලයි තමන්ගෙ නමින් ලියවුන දෛවය වෙනස් කරන්නට ආයෙත් වතාවකට මුණගැහෙන්නෙ කොහොමද ඉතිං?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකෝමත් කාලෙක තදින් හිම වැටුන නගරෙක සීතල සුදු හිම කැටි වලට යටින් තිබුණලු හැංගුන කතාවක්!

ඒ කියපු හිම වැටුන නගරෙ එක තැනක හිම වැටුන පාරක් දිගේ හිමිහින් ඇවිදන් ආපු හිතුවක්කාරයෙකුගෙ අඩි සලකුනු වැටුනෙ යකඩ ගේට්ටුවෙන් වැහුනු සීතල මීදු⁣මට පෙඟුන උද්‍යානෙ ගංඟාවට..

Just One Day - Book 01 || JJK Where stories live. Discover now