51 - Buried letters | දින සටහන්

89 8 7
                                    

‘ Some stories are written with pen.
  Some stories are
 written with pain ‘
_________________________________________




  Some stories are written with pain ‘_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Brother Day | June 21 

‘ දැන් ඔයා ඔය තනියමද යන්නෙ?අර ළමයා එනකං ඉඳලා එයා එක්කම ගියොත් නරකද?මඟදි මොනාහරි වුනොත් බලාගන්න කව්ද ඉන්නෙ?ඒ දරුවා නිසා හොඳයි.නැත්තං කව්ද ඔහොම පිටිපස්සෙන් යන්න ඉන්නෙ?ඔයාටත් ඒ දරුවගෙ වටිනාකම දැනෙන්නෙ නෑ තාම.ආ..දැන් ඔය යන්නද යන්නෙ?ඔය ලිලී මල් පොකුර අමතක වෙයි ළමයෝ..! ‘     

දවස්,මාස,අවුරුදු ගනන් ගෙවෙනවා ඇති.ඒත් අම්මගෙ කටින් දවස ගානෙම නොවරදවාම පිටවෙන අහලම එපා වුන වචන ටික තමයි ඔය.එයාගෙ කටින් වෙන වචනයක් පිටවෙන්නෙම නැද්ද?මේ පිටු අස්සෙම කීපාරක් මේක ලියලා තියනවද මං.හහ්!වෙලාවකට හිතෙනවා අම්මා මටත් වඩා එයාට ආදරෙයිද කියලත්.ඒකනෙ උගුඩු පැටියෙක් වගේ නිතරම මිසිස් යුන්ගෙ කෑම රහයි කියාගෙන උයන පැත්තට රිංගන්නෙ.කපටියෙක්!

ඒ මිනිහටනං පිස්සුද කොහෙද වෙලාවකට.මගෙ ඇත්තම සහෝදරයා වුනානං එහෙම..මතක් කරනවා විතරයි අන්න මිනිහා වැටත් පෙරලගන පොත් බෑග් එකත් උස්සං දුවගෙන එනවා.දිනපොත…පාක්ගෙන් මං බේරෙන්නෙ කවද්ද?පාක් මාව අත්අරින්නෙ කවද්ද?පාක් මගෙ පිටිපස්සෙන් එන එක නවතින්නෙ කවද්ද?

- Miss.Yun -
_________________________________________


Help Day | June 25

තාත්තගෙ පොතක් අස්සෙ තිබිලා හොයාගත්තෙ වොන් කීයද?අයියා මං ඒකට ගත්තු අයිස්ක්‍රීම් එක උදුරගෙන කන ගමන් සිංදුවක් කිය කිය පාරෙ දිගේ ගියා.ඒත් එයා අතේ තියන සල්ලි වලින් මට මොනාහරි අරන් දෙන්න අමතක කරන්නෙ නෑ සමහර දවස් වලනං.මේ දවස් වල අයියගෙ කලිසම් සාක්කුව පාලුවට ගියපු කාන්තාරයක් වගේ කියලයි එයා කියන්නෙ.ඒ නිසා දවසක එයාට උවමනයිලු කවදහරි බුසාන් නගරෙ ලොකු හෝටලයක් දාන්න.මට හිනහත් යනවා.එයා හොටෙල් එකක් කරනකොට මං වයසටත් ගිහින් ඉඳීවි.කොහොමනමුත් අයියට මං එනගමන් කිම්චි බෝතලයක් අරගත්තා.එයා මට ඉස්කෝලේ වැඩ වලට හැමතිස්සෙම උදව් කරන එකේ...මාත් මොනාහරි අරන් දෙන්න ඕනනෙ නේද දිනපොත?

You've reached the end of published parts.

⏰ Last updated: Feb 06 ⏰

Add this story to your Library to get notified about new parts!

Just One Day - Book 01 || JJK Where stories live. Discover now