12 - Bulletproof | වේගවත් දිනක්

62 15 16
                                    

' At the best last moment of the fight I messed up our boys '
_________________________________________

' At the best last moment of the fight I messed up our boys '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" වැම්..ෂෙඩ්.. හායර්!
වැම්.. ෂෙඩ්..හායර්
වැම්.. ෂෙඩ්..හායර්..!! "

වැම්ෂෙඩ්හයර් ගෘහස්ථ ක්‍රීඩාගාරෙ ඇතුලින් ඇහෙන්නෙ තාලෙට,එකදිගට ශබ්ද කරගෙන යන කොලේජ් එකේ නම.ළමයින්ගෙ කටවල් වලින් එලියට පැනපු සද්දෙ ක්‍රීඩාගාරෙන් පිටතටත් ඇහෙන තරං.තරඟ වලින් දිනන අය⁣ වෙනුවෙන් වෙනත් කොලේජ් වලින් ආපු අය කියන වෙනසක් නැතුව හැම කෙනෙක්ම ගහන අත්පුඩි වල සද්දෙ,ඉඳලා හිටලා විසිල් එකක් ගහන සද්දෙ,එකඑක කොලේජ් වලින් තරඟ වලට එකතු වුන අයගෙ නම් කියන සද්දෙ,කොලේජ් බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වලින් එන සද්දෙන් මුලු ක්‍රීඩාගාරෙම පිරිලා ගිහින්.උසට තට්ටුවෙන් තට්ටුව හදාපු හැම පුටුවකට කව්රුහරි ඉඳගෙන හිටියා හිස් තැනක් හොයාගන්න බැරි තරමට.

තරඟ කරන්න ඉන්න ළමයි ක්‍රීඩාගාරෙ මැද කොටසෙ දැනටමත් එකඑක තරඟ වලට සහභාගී වෙලා.පැත්තක හිටපු කොලේජ් එකේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වලින් එන සද්දෙ නිසා තරඟ වලට ඇවිදින් හිටපු අයත් තවත් වැඩිපුර ආසාවකින් තරඟ කරගෙන ගියෙ කම්මැලිකමක් නැතුවයි.අවසාන පාසල් ක්‍රීඩා තරඟ කාටවත්ම ගැටලුවක් නොවන විදිහට,කම්මැලිකමක් නොදැනෙන විදිහට,අසාදාරණයක් නොකරන විදිහකින් සංවිදානය කරලා තිබුණා සභාපතිතුමා ඇතුලු ගුරු සංගමය.ක්‍රීඩාගාරෙ මැද උස පැනීමේ තරඟ පැවැත්වෙන වෙලාවකම රිලේ ටීම් එකක අන්තිම තරඟ පටන් ගන්න කටයුතු සිද්ද වෙන ගමන් තිබුණා කාලෙ නාස්ති නොකර හැම තරඟයක්ම කලින් ඉවර කරගන්න උවමනා නිසා.

" හෝසෝක්ක්!! ෆ්‍රස්ට් මිඩ්ල් එක ඕනා..බය නැතුව දුවන්න "

ක්‍රීඩාගාරෙ පහල පුටු පෙලක ඉඳගෙන ඉන්න යුමීගෙයි වැනේසගෙයි කෑගැහිල්ලක සද්දයක් රිලේ එක දුවන්න ට්‍රැක් වලට ඇවිත් තමන්ගෙ තැන් වල ඉන්න අය අතරින් පලවෙනි ට්‍රැක් එකේ ඉන්න හෝසොක්ට ඇහුනෙ අනිත් හැම ළමයෙක්ගෙම කටහඬවල් අතරින් කොල්ලව හොයාගෙන ආපු සද්දයක් විදිහට.ඉනටත් අත් දෙක තියාගත්තු කොල්ලා ඇඟ උණුසුම් වෙන ව්‍යායාම කීපයක් කරන ගමන්ම යුමීයි වැනේසයි ඉන්න පැත්තට හැරිලා හිනාවකුත් මූණෙ තියාගෙන අත වැනුවා කොල්ලා ඉන්නෙ සූදානමින් බව පෙන්නන්න.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now