10 - Lost My Way | ප්‍රතික්ෂේප

107 19 15
                                    

' What will be the end of our lives that started in a mess? '
_________________________________________

පංතිය පුරා විසිවුන සුදු පාට පිටි උඩම හිටගෙන ඉන්න ජන්කුක්,මායා දෙන්නා තමන්ට ඉස්සරහ ඉන්න අනිකගෙ මූණ දිහා බලාගෙන හිටියෙ මොකක්ද මේ ඇත්තටම වුනේ කියලා කව්රුත් නොකියපු,කියන්නවත් උත්සාහා නොකරපු,සද්දෙකුත් නැති පංතියෙ දොර ඉස්සරහ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

පංතිය පුරා විසිවුන සුදු පාට පිටි උඩම හිටගෙන ඉන්න ජන්කුක්,මායා දෙන්නා තමන්ට ඉස්සරහ ඉන්න අනිකගෙ මූණ දිහා බලාගෙන හිටියෙ මොකක්ද මේ ඇත්තටම වුනේ කියලා කව්රුත් නොකියපු,කියන්නවත් උත්සාහා නොකරපු,සද්දෙකුත් නැති පංතියෙ දොර ඉස්සරහ.සුදු පිටි හැලිලා අවලස්සන වෙලා තිබුණ ස්කූල් කෝට් එක ගසලා මායාගෙ මූණ දිහා පුදුමෙන් බලාගෙන හිටපු ජන්කුක්ගෙ මූණ දිහා තවත් බලාගෙන ඉන්න කැමැත්තක් නොතිබුණ මායා ඉස්සරහට ඇවිදින් අත දිගඇරලා ජන්කුක්ගෙ එක කම්මුලකට තදින් වැදෙන විදිහෙ පාරක් ගැහුවෙ තරහින්.

ඒ වගේ දෙයක් ජන්කුක් බලාපොරොත්තු වෙලා නොහිටපු නිසාම,මායාගෙ අත කම්මුගේ වැදුන වේගෙට කොල්ලව පැත්තකට විසික් වුනා වගේ දැනුනෙ මූණත් එක පැත්තකට හැරවුන නිසා.
පංතියෙ ළමයි ජන්කුක් දොර ළඟින් පිටි භාජනයකුත් ඔලුවට පෙරලගන බිම වැටුන හැටි දැක්කම හිනාවුනත් මායාගෙ අත ජන්කුක්ගෙ කම්මුලක තදින් වැදුනම අර හැම හිනාවක්ම අතුරුදහන් වෙලා ගියෙ එක තත්පරෙන්.මූණෙ එක පැත්තක් රතු පාටට හැරීගන එනකොට ජන්කුක් කම්මුලකට වෙව්ලන අතකුත් තියාගෙන පංතියේ දොරට හේත්තු වුනා කව්රුත් දිහා නොබලම.කොල්ලගෙ ඇස් රැඳුනෙ සපත්තු අඩි හිටපු සුදු කුඩු විසිරුණු ⁣බිමට.

" තමුසෙ කව්ද අපේ ක්ලාස් එකේ ළමයෙක්ට එහෙම ග- "

සිද්ද වුන දේ දිහා ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන බලාගෙන හිටපු පංතියෙ ඇතුලෙ ඉඳන් දොර ළඟට ආපු වැනේසා කර්ට්ගෙ දොස් තියවිල්ල ගලාගෙන යන්න නියමිතව තිබුණෙ මායාගෙ පැත්තට වුනත් ලඟක හිටපු යුන්ගි තරහින් ඉන්න කෙල්ලව ඇදලා පංතිය ඇතුලටම ගත්තෙ වෙනත් රණ්ඩුවක් ඇති වෙන්න කලින්.

Just One Day - Book 01 || JJK Où les histoires vivent. Découvrez maintenant