23 - Everything I Know | අළු යට රහසක්

61 18 1
                                    

' I am going to answer a question that I have never told anyone '
_________________________________________

' I am going to answer a question that I have never told anyone '_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මං හිතන්නෙ අපිට ආයෙ මිස්ටර් ලීව මුණගැහෙන්න වෙයි.මිනිහගෙ මොක්කහරි අමුත්තකුත් තිබුණා දවස් දෙකකට කලින් පරණ සිද්දිය ගැන විස්තර අහනකොට.අපි ඒක පොලිස් ඩිපාර්ට්මන්ට් එකේදි විසඳගමු.මේව මේ තරං දුරදිග යන්නෙ නෑ ඒ කාලෙ තිබුන පොලිස් ඩිපාර්ට්මන්ට් එක හරියට වැඩ කරානං "

ප්‍රශ්න කරන නිලධාරියා බුසාන් වල ඒ කොටසෙ තිබුණ පොලිස් දෙපාර්තමේන්තුවෙ ඉඳන් රෝහලට ආවෙ ෆ්ලොරෙන් වෙස්ටර්ට පැහැදිලි සිහිය ආපු බව පණිවිඩේකින් ලැබුන නිසයි.ඒ වෙනකං අලුතින් දෙපාර්තමේන්තුවට ආපු පරීක්ශක නිලධාරියා යටගිහින් තිබුණත් එකපාරම ආයෙත් අලුතින් ඇවිස්සුන උද්‍යානෙ ගැටලුවෙ අභිරහස් ආයෙත් මුල ඉඳන් ලෙහාගන්න උත්සාහා කරන ගමන් හිටියා.

" ඒ සිද්දි දෙකෙන් ඔය ළමයට නිදහසක් ලැබෙයි.මොකද ඒ කියපු දේවල් ඇත්ත බව අපිට පැහැදිලියි.උද්‍යානෙ එදා වුන සිද්දියයි,ලී යුන්ශික්⁣ගෙ කොටසයි අපි දැන් අයින් කරමු.ඒත් හිතනවද මේකෙන් ඉක්මනින් ගැලවෙන්න ලැබෙයි කියලා?දන්නවද මේ මොකක්ද කියලා? "

පපුව හරහට බැඳගත්තු අත් දෙක ලිහිල් කරපු නිලධාරියා ඇහි බැමි දෙකත් උස් කරගෙන තවත් ප්‍රශ්න වටයකට යන බව ෆ්ලොරෙන්ට තේරුම් කරේ මේසෙ හිටපු අනිත් උසස් නිලධාරීන් කීපදෙනා දිහත් බලන ගමන්.මේසෙ උඩ තියපු ලිලී මල් පොකුරත්,වෙස්මුහුණත් රැඳුණු විනිවිද පේන බෑග් එක වෙනත් නිලධාරියෙක් අතට දුන්න ප්‍රශ්න අහන ඔෆිසර් තවත් ඉටි උරයක් අතට ලැබෙනකං තත්පර කීපයක් බලාගෙන හිටියා.ලැබුන බෑග් එකෙන් ඇතුලෙ තිබුණ කඩදාසි කෑල්ලක් අතට අරගත්තු නිලධාරියා ඒක මේසෙ දිගේ තල්ලු කරගෙන ගිහින් ෆ්ලොරෙන් ලඟින් නැවැත්තුවෙ කෙල්ල ඒක අඳුනනවද දැනගන්න.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now