33 - Sir and Ma'm️️ | නවාතැනට අමුත්තෙක් ඇවිත්

61 14 14
                                    

' His presence surprised me. I know he is mature and confident. but he does something different to me ' 
_________________________________________

 but he does something different to me ' _________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" විස්වාස කරන්න පුලුවන්,බොරුවක් නොවෙන හොඳ පැහැදිලි කිරීමක් දෙනවා "

කාර්යාල කාමරයෙ මේසය උඩට අත් දෙක තියාගෙන ඇස් කණ්නාඩි දෙක අස්සෙන්,උකුසු බැල්මකින්,හීනි කරගත්තු ඇස් දෙකෙන් මේසෙ ඉස්සරහ හිටගෙන ඉන්න පිරිමි ළමයි දෙන්නා දිහා බලාගෙන ඉන්න සභාපතිතුමාගෙ කටින් එලියට පිටවුන වාක්‍යයෙ තිබුණෙ ගොරෝසු පෙනුමක්.සභාපතිතුමාගෙ මේසය ඉස්සරහින් හිටගත්තු ස්කූල් යුනිෆෝම් එකට ඇතුලත් වුන කෝට් එක හැඩිවෙලා,සුදු කමිස කොලර් එක එහෙ මෙහෙ වුන යුන්ගිගෙන් පෙනුනෙ තරහින් ඉන්න පෙනුමක්.

පිළිවෙළකට පීරපු හිසකේත් හැඩිවුන යුන්ගිගෙ අත් වල ඇඟිලි පිටි අල්ලට තද වෙලා තිබුණා මුණෙ කරදරකාර පෙනුමක් ඇවිලිලා තිබුණ වෙලාවක.යුන්ගිට අනිත් පැත්තෙන් හිටගෙන හිටියෙ චිත්‍ර කාමරයෙ වැඩ බලන්න නම් කරපු තවත් පිරිමි ළමයෙක්.යුන්ගිගෙ මූණෙ තිබුණ පෙනුමම ආගන්තුක පිරිමි ළමයගෙ මූණෙත් අපූරුවට ඇඳිලා තිබුණෙ විනාඩි කීපෙකට කලින් දෙන්නා අතරෙ ඇතිවුන රණ්ඩුවක ඉඟි පෙන්නන ගමන්.

" යුන්ගියි මුලින්ම රණ්ඩුව ඇතිකරත්තෙ.මං කරේ මගෙ පේන්ටින් එක බේරගන්න හදපු එක විතරයි.මං කියන්නෙ මගෙ පැත්ත වැරදි නෑ කියලා.මං අහිංසකයි,වුන දේට සමාවෙන්න සර් "

මුණෙ තිබුණ කේන්තිය නැති කරගත්තු ආගන්තුක පිරිමි ළමයත් තොල් දෙකත් තද කරගෙන,ඇස් දෙකත් ලොකු කරගෙන ඉක්මනින් තමන් නිවැරදි බව පේන අහිංසක මූණක් මවාගත්තෙ සභාපතිතුමාවත් ඒ පෙනුමට රවට්ටගන්න අදහසක් හිතේ තියාගෙන.සභාපතිතුමාගෙ මූණත් ඒ නිසාම යුන්ගිගෙ පැත්තට ඇදුනෙ මින් යුන්ගිගෙ උසස් පාසල් ජීවිතේදි නිතරම එන යන මේ කාර්යාල කාමරය කොල්ලටවත්,යුන්ගිගෙ ගැටලු නිතරම අහන්න වුන සභාපතිතුමාටවත් අමුතු තැනක් නොවෙද්දි.

Just One Day - Book 01 || JJK Where stories live. Discover now