4 කොටස

17.3K 1.7K 993
                                    

" වන් ටූ ත්‍රී ෆෝ ගෙට් ඔන් ද ඩෑන්ස් ෆ්ලෝර්~"

" One two three four get on the dance floor
Booty shake booty shake
Dapaankoothu hardcore
Shoulder hichik michik
Body hichik michik
Gimme gimme gimme gimme gimme gimme some more.."

බස් එක ඇතුළෙ කණ පැලෙන්න වගේ සද්දෙ.. 

උදේ වන්දනා ගමන වගේ ආපු බස් එක පැයක් යන්න වුණේ නෑ නයිට් ක්ලබ් එකක් වුණා.. ඔක්කොමත් හරිම මගේ යාළු පගා මෙතන ඉන්න උන්ට නග්ගනවා මේ පොල්ලක් අල්ලගෙන නටන්න ගිහින්.. මම ශේප් එකේ ගිහින් උගේ ඇඟට හේත්තුවක් දාගත්තා.. රධ්‍ය අයියා තමා මේ තියන සේරම පෙන් උස්සන් ඇවිත් බස් එකේ ගහලා ආතල් දෙන්නෙ.. අම්මපා මුගේ වෙස්මූණ ගැලෙව්වහම මොකෙක්වත් දන්නෙ නෑනෙ හැටි.. සද්දනැතුව කුපාඩි කරන මිනිහයි.. මුළු ලෝකෙටම කියලා කුපාඩි වැඩ කරන මිනිහයි.. ගැළපීම තමා..

" බූටි නම් ශේක් කරන්න එපා මෙතන ඉන්න එකාට නැග්ගොත් මල මගුලක් වෙන්නෙ.."

" ඈ..???!! මොකක් හරි කිව්වද උඹ.."

" නෑ නෑ මොකුත් නෑ කරගෙන පලයන්.."

" කරත්තෙන් පලයන්..?? මොකක්..??"

" කරගෙන පලයන් කියල කිව්වෙ බල්ලො.."

" දැන් කන්න බෑ අප්පා.."

ෂනෙරුවා වටේ පිටේ සද්දෙ එක්ක මම කියන ඒවා පටලගෙන වෙන වෙන කුණූහර්ප අහන්න ගත්තු නිසා මම ඌව මිනිහගෙම පැත්තට තල්ලු කල්ලා ලඟ ඉඳපු උන්වත් එහෙට මෙහෙට කරගෙන වතුර බොන්න පිටිපස්සට යන්නයි හැදුවෙ.. ඒ එක්කම මගේ කොලර් එකෙන් පිටිපස්සට ඇදිලා ගියා.. බලද්දි මගේ මිනිහගෙ ඔපීසියල් මිනිහා ඇදලා තියෙන්නෙ.. ලැජ්ජ නෑනෙ තමන්ගෙ එකාව ලඟ තියාගෙන අපේ අරහෙන් මෙහෙන් අල්ලන්න.. 

" අයුක ඉන්නවනම් එන්න කියහන්කො.."

" ඇයි එයාට එන්න බැරිලුද.. මලසමයං.."

" කියපන් කියපන් උඹ හොඳ එකානෙ.."

මම රධ්‍ය අයියටත් ගස්සගෙන හති දමාගෙන නටන උන්ගෙ මූණූ එක එකපාටින් දිස් වෙන මේ වර්ණ රාත්‍රිය නෙමෙයි වර්ණ දහවලේ පිටිපස්සෙ සීට් එකට ඇදුණා.. ඒ අස්සෙ නටන උන්ගෙ අත පය වැදිලා ඇඟත් රිදෙනවා.. මම පිටිපස්සට යද්දි අයුක අයියා අත් දෙකත් බැඳගෙන සීට් එක කොනටම වෙලා ෂටර් එකෙන් එළිය බලාගෙන ඉන්නවා.. මට ඒකටනම් ටිකක් දුක හිතුණා.. ඒක හරියට අපේ හිතේ 'තනිකම' කියන රූපෙට මැවිච්ච චිත්‍රයක් වගේ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYTempat cerita menjadi hidup. Temukan sekarang