117 කොටස

11.4K 1.1K 994
                                    

" ආව් ආව්..!! අතෑරපන් මාව.. මෙන්න මූ මිනී මරනවා..!! නැන්දේ..!! මෑම්..!!"

මම අර පාරෙදි තෙමි තෙමි හිටිය බූරුවව කනෙන් ඇදන් කාමරේට ඇවිත් දුන්නු පයින් පාරට ඌ ගිහින් බිත්තියේ වැදිලා ඇඟ බදාගෙන බිත්තිය පැත්තට හැරුණා.. අහවල් රෙද්දක් කරනවද හෙණ ගහන වෙලාවෙ එළියෙ තෙමි තෙමි.. මූ එක්ක නම් මට තියෙන්නෙ මේ සංසාරෙ ඉවරවෙන තරහක් නෙමේ.. මොකාක් හරි බූරු වැඩක් කර කර ඉද්දි ඒවා මටම පේන්න ගන්නවනෙ.. ගහලා මදි මූව මකන්න තියෙන්නෙ..

" මරලා මදී ගොං හරකා.. යකෝ..!! හෙණ ගගහා වහින වෙලාවට තෝ ලබ්බක් කරනවද ලයිට් කණු යට.. මම නැත්නම් ගෙදරට ඇවිත් ඉන්න එපැයි අම්මා උඹව මේ ගෙදරින් එළවන්නෙ නෑනෙ.. අහ් තෝ මැරෙන්න වෙන්නැතිනෙ එතන හිටියෙ.. නේද.. ඉතින් මැරිය.. අද මම උඹව කොහොමත් මරනවා..!!"

" සෙ-සෙනුක.."

මම මේසෙ උඩ තිබ්බ මල් පෝච්චිය අතට ගත්තම අපේ අම්මා කාමරේ දොර ඇරගෙන ඇතුළට කඩා වැදුණා.. මම මල් පෝච්චිය ශේප් එකේ මේසෙ උඩින් තියලා මොකුත් වුණේ නෑ වගේ වතුර බේරි බේරි පුටුවක් ඇදගෙන ඉඳගත්තා.. නිදහසේ කේන්ති ගන්නවත් නෑ හු#ත.. සැහ් මම ජල රකුසෙක් වගේ මුළු කාමරේ පුරාම ටයිල් එකේ වතුර.. අනිකා එහෙන් තෙමනවා හිටු කියලා..

" මොකද ළමයො මේ තෙමී-!! අනේ චමිරු පුතත් ඇවිල්ලා.. ඔය දෙන්නා කොහේ ගිහිල්ලද මේ ආවෙ.."

අම්මත් ගෙදර නොවෙන කෙනෙක් දැක්කොත් බොරු මරිසිය දාන්නෙ තනිකර.. අනේ අම්මෙ මේ ඔවා දාන මරිසි මම හොඳට දන්නවා.. 

" මෑම් අ-"

" මම එන ගමන් චමිරුව හම්බුණා අම්මෙ.. අද රෑට චමිරු මෙහේ ඉන්නවලු.."

" මොක්-"

මම අම්මට පේන්නෙ නැතිවෙන්න අර නරියට දෙකක් රැව්වා.. ඌ කට වහගෙන අම්මත් එක්ක බොරුවට හිනාවුණා.. 

" අම්මට කිව්වද පුතේ.. මම කෝල් කල්ලා කියන්නම් එහෙනම්.. දැන් ඇඳුම් මාරු කරන් වොශ් දාන්න ඔය දෙන්නා ලෙඩ වෙයි.. කොහෙද-කොහෙද මම මේ ළමයට කිව්වා වැස්සෙ රවුම් ගහන්න එපා කියලා, කියන එකක් කණකට ගන්නෙ නෑනෙ..!!"

අම්මා මේසෙ උඩ තිබ්බ දිග අඩිරූල අරන් මගේ පිටට දීගෙන දීගෙන යද්දි මම පුටුවෙන් එහාට පැන්නා.. මිනිස්සු ඉස්සරහා කුමාරයට ලැජ්ජ කරන්නෙපා අම්මෙ.. අභිමානයක් තියාගෙන මම වාසය කරන්න එපැයි.. අපේ අම්මා අම්මගෙ බලපුළුවන්කාරකම පෙන්නලා චමිරුට නාලා අඳින්න ඇඳුමකුත් දෙන්න කියාගෙන කාමරෙන් එළීයට ගියා.. මම ඇඟට ඇලිච්ච ශර්ට් එකත් ගසාගෙන වතුර බේරි බේරි ගිහින් අල්මාරිය ඇරලා මම ඇඳපු නැති ඇඳුමක් හෙව්වා.. චමිරු උඩ ශර්ට් එක ගළවලා මගේ කිළුටු ඇඳුම් දාන බකට් එකට දාලා මූණ හට්ටියක් කරගෙන පුටුවෙන් ඉඳගත්තා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYМесто, где живут истории. Откройте их для себя