51 කොටස

16.2K 1.4K 1.8K
                                    

මම හිටියෙ දෙනෝදාහක් පිරිලා ඉතිරිලා තියන ස්ටේඩියම් එකේ එන්ට්‍රන්ස් එක ගාවට වෙලා කටත් ඇරගෙන හුස්ම ගන්න බැරුව.. අනේ හංස තාත්තේ මාව එක්කගෙන යන්නකෝ..!! හංස කුමාරයට බය හිතිලා තියෙන්නෙ..

" වත්සල්..  එන්න යමු ලේට් වෙනවා.."

අයුක අයීයා බ්ලෙසර් එකත් හදාගෙන ටයි එක පොඩ්ඩක් උඩට කරගත්තා.. ස්ටේඩියම් එකේ අතුරු සිදුරු නැතුව කට්ටිය පිරිලා ගිහින්.. ඒක දැක්කහම ඔලුවෙ කැක්කුම හැදෙනවා.. කලිනුත් සෝර්ට්ස් මීට් තියලා තියේ.. ඒත් දෙයියනේ මෙච්චර සෙනඟක් මම හීනෙකින්වත් හිතුවෙ නෑ.. හුඟක්ම හිටියෙ ස්කූල් ටී ගහගත්තු ඕල්ඩ් බෝයිස්ලා.. ඊටපස්සෙ යුනිෆෝම් ඇඳගත්තු පොඩි ළමයි.. ප්‍රයිමරි එකේ පොඩි ළමයි.. අටදාස් තුන්සීයක් ඉන්න ඉස්කෝලෙට තව දාහක් විතර සෙට් වුණහම..

" අනේ අප්පා.."

" එන්න එන්න.. මොකටද දැන් බය වෙන්නෙ.."

මම මෙස් එකත් අතේ තියාගෙන කැප් එක අරගෙන අත අස්සෙ ගහගත්තා.. බෑන්ඩ් එක කොහෙද.. ඒක එපැයි හොයාගන්න මුළීන්ම.. මාමණ්ඩිවයි ලොකු මාමණ්ඩිවයි පිළීගන්නත් තියේ.. තව චීෆ් ගෙස්ට්ලා දෙතුන්දෙනෙකුයි ග්‍රේට් ඕල්ඩ් බෝයිස්ලා වගේකුයි ඒගොල්ලොන්ගෙන් ස්පෝර්ට්ස් වලින් ලොකු ඇචීව්මන්ට්ස් ගත්තු අයයි තමා චීෆ් ගෙස්ට්ලට හිටියෙ.. අයුක අයියට සෑහෙන්න වැඩ ගොඩක් තිබ්බා එදා කරන්න.. මටත් එහෙමයි.. එයා මට බෑන්ඩ් එක රිහර්සල් කරන තැන පෙන්නලා දුවගෙන ප්‍රින්සිපල් ඉන්න හට් එක පැත්තට ගියා.. ම්ම බෑන්ඩ් එකට යනකොට සයෝන් අයියා ඒ හරියට වෙලා ඉන්නවා අතත් බැන්ඩේජ් කරගෙන.. අභිරු අයියා බනිනවා හෝ ගාලා..

" බූරුවා.. දැන් කොහොමද ඔහොම තියාගෙන ටෝච් එක ගන්නෙ.. අම්මපා සයෝන් උඹට ඇණේ ගහන්න තිබ්බෙ අතට නෙමේ පු#ට.."

" අනේ කෑගහන්නැතුව ඉඳපන්.. මොන මගුලක්ද.. මනුස්සයොන්ට වැරදීම් වෙනවා.."

" උඹට මහ හු#න වැරදීම් තමා-ආ සෙනුක මල්ලි.. පොඩ්ඩක් වරෙන්කො.."

" ඕ.. ඉක්මනට කියහන් මට වැඩ තියනවා.."

ඒ අහළින් ගිය මාව දැකලා අභිරු අයියා මට කතාකළා.. මම දෙන්නා දෙමහල්ලො රණ්ඩුවෙන තැනට ගියා.. සයෝන් අයියා කේන්තියෙන් පුපුර පුපුර අභිරු අයියට රවනවා.. උන් දෙන්නගෙ ලව් එක ඇවිල්ලා අර  Zampa & Stoinis වගේ.. අභිරු අයියට කෙල්ලෙකුත් ඉන්නවා මම දන්න විදියට.. ඒ වුණාට කෙල්ලව වඩා ලව් සයෝන් අයියට.. සයෝන් අයියා නම් ආදරේක තාම පැටලිලා නෑ.. එයා පොතේ හැටියට වැඩ කරන එක්කෙනානෙ.. ඇහුවහම කියන්නෙ ආදරේ කරනවට වඩා ඌට වැඩ තියලු.. එයා හෙන ස්වීට් පොරක්.. හිටි ගමන් මල පනිනවා.. ආයෙම කාම් ඩවුන් වෙනවා.. ඒකට ප්‍රධානම හේතුව තමා උගේ එහාපැත්තෙන් හිටගෙන ඉන්නෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now