73 කොටස

9K 1.2K 617
                                    

මොකක් හරි හිත ඇතුළෙ තියන ගිනිපුපුරක් වගේ එළියක් නිසා මට ඒ මුළු රෑම නින්ද ගියේ නෑ.. ඇස් පොඩ්ඩක් හරි පියාගන්න ඕන කියලා මට දැනෙනවා.. හෙට උදේම නැගිටලා පන්ති යන්න ඕන.. නිදා නොගත්තොත් මට බෝඩ් එක දිහා බලන් ඉන්න බැරිවේවි.. ඒත් නිදාගන්න ඇස් පියාගන්න හැම වතාවකම හරිම නොසන්සුණු උණූහුමක් මගේ කොඳු නාරටියම රත් කරගෙන උඩ පහළ ගියා.. ඇඳේ ඔහේ හාන්සිවෙලා ඉන්න එකේ තේරුමක් නැති නිසා මම කළුවරේම නැගිටලා ගිහින් ටේබල් ලෑම්ප් එක ඕන් කරන් පුටුව ඇදගෙන ඉඳගත්තා.. අයුක අයියා රෑ දීපු පොඩි තනිරූල් කොලේ බයෝ රිසෝස් බුක් එකේ පිටු අස්සෙන් එළීයට ඇවිල්ලා.. මම ඒක ආයෙම ඇදලා අරගෙන හොඳට බැලුවා.. ලස්සන වසිලීසා පොතෙත් තියෙන්නෙ රෑට නැති නුවණ උදේට පහළ වෙනවා කියලා.. ඒත් ඉවාන් කුමාරයට වගේ වෙනසකට තිබ්බෙ මට නින්ද ගියේ නැති එක.. නින්දක් ගැන හිතන එකත් මට පුදුම විහිළුවක් වගේ දැනුණෙ..

" ගිනි ගන්නා මතක වලට 
තනු පටලන්න ආසයි
ළඟ නැතත් නුඹ මගේ
ළඟ උන්නා වාගෙයි
පාවෙන්න
ගුලිවෙන්න
මතකනම් බෝමයි
නුඹ හමුවුණු නිමේශය
නිදිවරුවක් ගානයි..
-සුදූට-"

හුඟක් වෙලා අයුක අයියගෙ කුරුටු අකුරු දිහා බලාගෙන ඉඳලා මම ෆෝන් එක අතට ගත්තෙ බයෙන්.. එක එක දේවල් දාහක් මගේ හිතට හිතෙනවා.. කිසිම හේතුවක් නැතුවත් නිදාගන්න හදන හැම වතාවකම මට මීට අවුරුදු තුනකට විතර උඩදි අයුක අයියව බලන්න මං හොස්පිට්ල් ගියපු විදියයි-එයා නිදාගෙන හිටපු විදියයි මතක් වෙනවා.. ඒත් ඒ කාලෙ මෙච්චර මේ දේවල් බරපතල විදියට දැනුණෙ නෑ.. එක්කො මම දැන් වයසින් ලොකු නිසා නොපෙනුණ දේවල් පේන්න අරගෙන.. ඊටත් වඩා අයුක අයියා මගේ ජීවිතෙන් කොටසක් වෙච්ච නිසා එයාව වැඩියෙන් දැනෙන්න අරගෙන.. 

" ඔයා නිදාගෙනද හිටියෙ.."

මම පුළුවන් තරම් හිමින් කතාකළේ ගෙදර කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න.. කාමරේ ෆෑන් එකත් වැඩි කල්ලා දාගත්තා.. හිතේ සැකේ නැතිවෙන්න.. හදිසියෙ ෆෑන් එක වැඩි කල්ලා දාගත්තු නිසා මේසෙ උඩ තිබ්බ කටු කොළ හුඟක් බිම විසිරුණා..

" මම හිතුවා ඔයා කෝල් කරාවි කියලා.."

තදබලවම 'ඔයා හොඳින්ද' අහන්න ඕන වුණත් ඒක අයුක අයියගෙන් අහන එක විහිළුවක් වගේද කියලා හිතුණ නිසා මම මොකුත් කිව්වෙ නෑ.. එයා ඉන්නෙ හොඳින් නෙමෙයි කියලා මම දන්නවා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now