72 කොටස

9.3K 1.2K 749
                                    

" පුතා.. මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියනවද..?? මට තේරෙන්නෙ නෑ ඔයාටයි තාත්තටයි වෙලා තියන දේ.. එක්සෑම් එක ඔච්චර ස්ට්‍රෙස් කරගන්න එපා අපි බල කරන්නෙ නෑනෙ ඔයාට මෙඩිසින් යන්න කියලා.. ඔයා කැම්පස් නොගියා හෝ ගියා තව සැරයක් කරන්න පුළුවන්.. මෙච්චර නැහෙන්න එපා.."

මේසෙට ඔලුව තියාගෙන පොඩ්ඩක් නිදාගෙන හිටිය මම ගැස්සිලා ඇහැරුණේ අම්මා ඇවිත් තේකක් තියලා මගේ ගාවින් පුටුවක් ඇදගෙන වාඩිවුණ නිසා.. මට හුඟක්  වෙලා නින්ද ගිහින්ද..?? ඉක්මනට මූණ අත් දෙකෙන්ම පොඩි කරන් මං අම්මා දිහා බැලුවා.. අම්මගෙ ඇස් වල ඇත්තටම මං වෙනුවෙනුන් වද වෙන පෙනුමක් තිබුණා.. මට ඒක දැනුණෙ මහමෙරක් වගේ.. ඇත්තටම මං වෙනුවෙන් කෙනෙක් වදවෙනවා කියලා දකින එකත් මට ලොකු දෙයක් වගේ දැනුණා..

" එහෙම කියලා බෑනෙ අම්මා.."

" බැරි මොකද පුළුවන්.. මේ පුතේ මෙන්න මේ ඊමේල් එක පොඩ්ඩක් බලන්නකො.. මම හෙට අමාත්‍යංශෙට ගිහින් කතාකරන්න හිටියෙ දැන් කියනවනෙ ට්‍රාන්සර් එක කැන්සල් කල්ලා කියලා.. මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද මන්දා.."

මම හනික ෆෝන් එක අම්මගෙන් උදුරගෙන ඊමේල් එක කියවලා බැලුවා.. මතකෙට ආවෙ චමිරුව.. ඌ සීයා එක්ක කතාකල්ලද ඒ කියන්නෙ..?? මට පුදුමයි මෙච්චර ඉක්මනට අම්මගෙ මාරුවීම හරිගිය එක ගැන.. කොච්චර බයකින්ද හිටියෙ.. දැනුණ සතුටට මට චමිරුට දැන් කෝල් එකක් අරන් ස්තූති කරන්න තරම් හිතුණා..

" ලංකාවෙ හැටිනෙ අම්මෙ.. දැන් ඒ ප්‍රශ්ණෙ හරිනෙ.."

" ඔව් දෙයියන්ගෙ පිහිටෙන්.. මම බය වෙලා හිටියෙ ඔයාගෙ මේ එක්සෑම් අස්සෙ කරදරයක්වත් වෙයිදෝ කියලා.. ප්‍රශ්ණයක් නම් අම්මා එක්ක කියන්න පුතේ.. හිතේ හංගන් ඉන්න එපා.."

අම්මගෙ ඇස් නිරායාසෙන් මගේ බෙල්ල දිහාවට යද්දි මම බොරුවට පුටුවෙන් නැගිටලා අත් දෙක දෙපැත්තට කල්ලා හිරි ඇරගන්නවා වගේ රඟපෑවා.. අම්මා දකින්නෙ නැතුවැතිබෙල්ලෙ තැඉන් තැන තියන පැල්ලම්.. අපරාදෙ කොලර් එකක් තියන ඇඳුමක් හොයන් අඳින්න තිබ්බෙ..

" ප්‍රශ්ණ නෑ අනේ.. විභාගෙ තමා ලොකුම ප්‍රශ්ණෙ.."

" අපි කොහේහරි යමුද.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now