52 කොටස

12.2K 1.3K 605
                                    

" දැන් මොකක්ද උඹ කියන්නෙ.. ලතෝනි තියන්නැතුව හරියට විස්තරේ කියපන්කො.."

ආශි උඩ පනිනවයි කෑගහනවයි නිසා එවන වොයිස් එකක්වත් හරියට ඇහෙන්නෙ නෑ.. අයුක අයියත් කාමරේ නෑනෙ.. මම ආශිට වොයිස් එකක් සෙන්ඩ් කල්ලා හරියට විස්තරේ කියපන් කිව්වා.. ඒ අස්සෙ අර ෂනෙරු පගා ඔන්ලයින් ඉන්නවා මැසේජ් සීන් කරන්නෙත් නෑ.. මම ටෙලිග්‍රෑම් එකේ හදපු අපේ හවුස් එකේ ගෲප් එකට හැමෝටම තෑන්ක් කල්ලා පත හෑල්ලක් වගේ මැසේජ් එකක් දැම්මා.. ඒ අස්සෙ මට කවිත් ලියලා එවනවා පොඩි උන්ගෙ පන්තිවලින්.. මම ඉතින් දැක්ක දැක්ක සේරගෙම ස්ක්‍රීන් ශොට් ගහගත්තා.. පස්සෙ වෙලාවක මුල ඉඳන්ම බලන්නත් ඕන.. ගෲප් චැට් එකේ මැසේජ් ලක්ශෙ පන්නලා ඇවිල්ලා.. ඇයි එක හවුස් එකකට දෙදාහක්වත් ඉන්නවනෙ.. ඊට වැඩිය ඉන්නවා.. ඔක්කොම චැට් කරන නිසා ඒක පිරිලා.. මම ඉතින් ගැම්මට ගත්තු ලස්සන ෆොටෝ දෙකතුනක් අරගෙන යාළුවො ටැග් කල්ලා ඉන්ස්ටර් දැම්මා.. ආශි කියාන් අයියගෙ අතක් බදාගෙන ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා.. මූණ පේන්නෙ නෑ අත විතරයි පේන්නෙ.. අපි ඉතින් දන්නවනෙ කව්ද අයිතිකාරයා කියලා.. රධ්‍ය අයියා ස්ටෝරි දාලා උන් ටික ගහපු සෙල්ෆියක්.. ඊටපස්සෙ ෂනෙරු එක්ක ගහපු සෙල්ෆියක් වෙනම දාලා තිබ්බා.. දෙන්නත් එක්ක කරට අත් දාගෙන ඉන්න එකක්.. මහීශා ඒකිගෙ තනිකඩබව පෙන්නන්න බ්ලෙසර් එක උරහිසක දාගෙන කොලු පෝස් එකකින් ස්ටෝරි එකක් දාලා තිබ්බා.. මගේ ලේන් පැටියා විතරක් කොන් වෙලා බෑනෙ..!! 

මම අයුක අයියගෙ ෆෝන් එක අරගෙන දවල් ගත්තු ලස්සන ෆොටෝ ටිකක් එයාගෙ ඇක් එකෙන් දැම්මා.. දෙකතුනක් මමත් සෙන්ඩ් කරගෙන මමත් ස්ටෝරි දැම්මා.. ඒ මනුස්සයගෙ ඔක්කොම ෆොටෝ දාන්නෙ මම.. එකවුන්ට් එක තිබ්බට ෆොටෝ එකක්වත් දාන්නෙ හත් අවුරුද්දකින් නෙ.. එහෙම බෑ ඇක්ටිව් වෙලා ඉන්නෝන.. ඒකනිසා මම අයුක අයියගෙන් පාස්වර්ඩ් ඉල්ලගත්තා.. බලාගන්න පුළුවන්නෙ මගේ හිච්චි ලේනට ලයින් දාන්නෙ මොන මොන නැට්ටිච්චියොද කියලා.. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ හතර පස් දෙනෙක්ම ඉන්නවා එහෙම එන.. මුලින්ම අංගම්පොර හන්තියකට ඇවිල්ලා වගේ විසිසැරයක් විතර 'හායි' 'හේයි' 'හායි' 'හලෝ' 'හෝලා' ගගා මැසේජ් දානවා.. මම ඉතින් ඒ නම්කිලව මඩවලා සෑහෙන්න ආතල් එකක් ගන්නවා.. අයුක අයියා දන්නෙවත් නෑ මම එහෙම කරනවයි කියලා.. බලන්නෙ නෑනෙ.. පේන්න කව්ද ඕවා කරන්නෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now