85 කොටස

10.4K 1.1K 876
                                    

" තව දවස් විස්සයි හත්දෙයියනෙ.. තොපි පිස්සු කෙළින්නෙ නැතුව නැගිටලා මේ ප්‍රශ්ණෙට උත්තරේ ලියපල්ලා..!!"

" මගේ කොන්දත් රිදෙනවා ඒයි.. බෑ මේ කරුමෙ කරන්න.. මුළු දවසෙන් පැය කීයක් වාඩිවෙලා ඉන්නවද අනේ අපි.. මේ වගක් දන්නවනම් මම හංදියෙ සැලොන් එකක් දානවා යුනිසෙක්ස්.. දාලා හොට්න් සෙස්සි ෆෙම්බෝයිස්ලා ටිකක් දාගෙන ඒගොල්ලො එක්ක කයියක් ගහගෙන කොණ්ඩයක් කපාගෙන පාඩුවෙ ඉන්නවනෙ.. ඉස්සරහා ගහන බෝඩ් එක හැම මාසෙම මාරු කරනවා.. ඔයාලට පුළුවන් මගේ බෝඩ් එකේ මොඩ්ල්ස්ලා වෙන්න.. හිතුණොත් අයියලා ඔක්කොමත් එකතුකරගන්නවා මගේ හැළකිඹුල් මස්සිනා ඇරෙන්න.."

" ඔය කිව්වෙ-"

අපි මේ ඉන්නෙ ෂනෙරුලාගෙ ගෙදර.. වාසනාවන්ත ලෙස දැන් රෑ තුන පසුවී මිනිත්තු පහළොවයි.. නයිටක් ගහනවා කියලා මුළු දවසෙම ෂනෙරුවගෙ ගෙදරට වෙලා පාඩම් කරන අපි ගැන මට හරි දුකයි.. එදා නයිට් කෑම්ප් එකෙන් පස්සෙ ගොට් ටැලන්ට් එකක් තිබුණා ඉස්කෝලෙ.. මොකද කියනවනම් ඉස්කෝලෙ පාර්ලිමේන්තුවේ අපේ යෝජනාව සම්මත වුණා.. අපි පාර්ලිමේන්තුව ඉවරවුණාම අර විපක්ෂෙ කණ්නඩි දාන පොඩි ප#යට උඩ පැන පැන හිනාවුණා.. ඌ කිව්වා මේක ලේසියෙන් අතාරින්නෙ නෑ කියලා.. ඇඥේ පොඩි පගයා අපිට මොකක් කරන්නද.. කරන්නත් අපි ඉස්කෝලෙ යන්න එපැයි.. යෞවන කටයුතු ඇමතියයි, ක්‍රීඩා ඇමතියයි ඌට පාරෙ පන්න පන්න හූ කිව්වා ඕක සම්මත වෙච්ච දවසෙ.. අනිකා අයුක අයියා.. ඡන්ද ගණන් කරනකල් හෙන බයේ හිටියෙ, මොකද මමයි චමිරුයි අයුක අයියගෙ පේන්ටින් ඉක්විප්මන්ට්ස් ඔක්කොම ගිනි තියනවා කියලා ඉස්කෝලෙ පල්ලියෙ දිවුරුවා.. දරුණුයි තමා කොරන්න දෙයක් නෑ.. පාර්ලිමේන්තුවෙ කථානායක වුණත් ඒ ඉන්නෙ කව්ද.. මගේ බෝයිපෙන්.. බෝයිපෙන්ගෙ කාර්‍ය තමයි මාව සතුටු කරන එක.. මම සතුටින් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ අපේ යෝජනාව සම්මත වුණානම් විතරයි.. දැන් අපි සතුටින්..

හැබැයි ගොට් ටැලන්ට් එකෙන් පස්සෙ අපේ හංස රජතුමා රතු එළි නිකුත් කල්ලා නිවාස අඩස්සියේ දැම්මා.. මේ දවස්වල ක්ලාස් යන්නයි, පාඩම් කරන්න යාලුවො හම්බෙන්නයි විතරයි අවසර තියෙන්නෙ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now