33 කොටස

11K 1.4K 381
                                    

" අනේ මන්දන්නෑ සාලිය.. මේවගෙ කෙළවරක් කවදා වෙයිද කියලා.. පුතාලගෙ විභාගෙත් කල් යන කතාවක් දැන් කියන්නෙ.."

රෑ නිවුස් යන වෙලාවෙ අම්මා හිටියෙ ටීවී එක ඉස්සරහට වෙලා කම්මුලට අතක් තියාගෙන.. අම්මලාගෙ පන්තියෙ පිරිළමයෙක් නැතිවෙලා කොවිඩ් නයින්ටීන් වලින්.. අම්මා අඬලා අඬලා මුළු දවල් වරුවම නොකාත් හිටියා.. එයා එයාගෙම ළමයින්ට වගේනෙ ආදරේ.. ඒ ළමයා ගැනම කිය කිය ඉන්නවා කියලා තාත්තා අම්මව එක්කන් ඇවිත් ටීවී එක ඉස්සරහින් ඉන්දුවා.. ඒත් නිවුස් වලට යන්නෙත් එච්චර හොඳ දේවල් නෙමෙයි.. මම සෝෆා එකේ තනි පුටුවකට ගුලි වෙලා කකුල් දෙකත් උඩට අරගෙන ඔහේ ටී වී එක දිහා බලාගෙන හිටියා.. එන්න එන්නම රටේ තත්වෙ නරක අතට යනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.. පහුගිය දවස් ටිකේම කියාන් අයියයි රධ්‍ය අයියයි කතාකළා.. දැන් ෂනෙරුවට කොළඹට එන්න විදියක් නෑ.. ඌ ඉන්න පැත්තම ලොක්ඩවුන් කල්ලා.. රධ්‍ය අයියගෙ අයියත් ගෙදර එන්නෙ නැහැල්ලු.. අර කිට් එකම ඇඳගෙන ඉඳලා ඇඟේ රෑශ් වගයක් දාලා අයියට හොඳටම අමාරුලු.. ෂනෙරුගෙ මාමත් වෛද්‍ය බලකායෙ නිසා ඉතාලියෙ ඉඳන් මෙහෙට ආපු කට්ටිය නිරෝධායනය කරන්න කන්දකාඩු යවලා.. මාමා කතාකරන්නෙ නැහැල්ලු දවස් ගානක ඉඳලා.. කන්දකාඩු වලත් හොඳටම කලබල.. ඒත් අපේ අම්මා දේදුණු නැන්දට කිව්වෙ මෙහේ එන්න එපා කියලා.. ඌ ඉන්න පැත්තෙ ඔය ලෙඩේ මහා විසාලෙට ගිහින් නෑ.. කොලඹනම් විසාලා මහනුවර වගේ..

මම ටීවී එක දිහා බලාගෙන දස අතේ කල්පනා කළා.. ඒ එක්කම අලුත් නිවුස් එකක් යන්න පටන් ගත්තා.. අම්මයි තාත්තයි කතා කර කර ඉඳපු එකත් නවත්තලා ටී වී එක දිහා බැලුවෙ පුදුමෙන්..

" විපක්ශ නායක ගෞරව සිංහවංශගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සංහිත සිංහවංශගේ බිරිඳ අද දින ඩුබාහීදී අභාවප්‍රාප්ත වී ඇත.."

අපේ අම්මා මං දිහා බලලා ආයෙම ටී වී එක දිහා බලාගත්තා.. මගේ අතේ තිබ්බෙ "ඈන්" කියලා පොතක්.. පොතේ පිටු රොත්තක්ම මගේ අතට ගුලි වුණේ මටත් දැනෙන්නෙ නැතුව.. මට ඒ ඇහුණ දේවල් ඇත්තටම ඇහුණ දේවල්ද.. මම හිතින් මවාගත්තු දේවල්ද..

" පාර්ලිමේන්තු මන්ත්‍රී සංහිත සිංහවංශගේ බිරිය වන සබීනා අල්මා සිංහවංශ හදිසියේ ඇති වූ හර්ද්‍යාබාධයකින් ඩුබායිහිදී අද උදෑසන අභාවප්‍රාප්ත විය.. ඇය තම පුතු සමඟ නිවාඩුව ගත කරමින් සිට ඇති අතර තම ආදරණීය බිරිඳගේ හදිසි අභාවය පිළිබඳ සංහිත සිංහවංශ මන්ත්‍රීතුමා ඔහුගේ ට්විටර් ගිණුමේ පණිවිඩයක්ද පල කර, තවද මෙම කම්පනය හේතුවෙන් ඔහුට හා පවුලේ අයට සාමාන්‍ය ජීවිතයට අනුගත වීමට කලක් ගතවනු ඇතයි සඳහන් කර ඇත.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now