126 කොටස

8.4K 1.1K 1.1K
                                    

" ක්ෂිතිජ අයියේ..!!!!! කෝ අනේ මේ මනුස්සයා ගෙදර නැද්ද.. ඕයි අයියෙ..!!"

මම මිදුලෙ තිබ්බ ටොමියගෙ රබර් මස් කට්ටක් අරගෙන උඩ තට්ටුවෙ ක්ෂිතිජ අයියගෙ කාමරේ ජනේලෙට දමලා ගැහුවා.. සැහ් මේ බූතයා තාම නිදිද කොහෙද.. ගෙදර මිනිස්සු ඇත්තෙත් නෑ.. මං ටොමියව කූඩුවෙන් අරගෙන ක්ෂිතිජ අයියලගෙ පිටිපස්සෙ දොරෙන් ගේ ඇතුළට පැනගත්තා.. ඒකෙ යතුරක් පාපිස්ස අස්සෙ තියනවා.. අද රුත්විව හම්බෙන්න එන්න කිව්වා වැඩක් නැත්නම්.. ක්ෂිතිජ අයියගෙන් දඬුමොණරෙ ඉල්ලගන්න එපැයි ‍යන්න.. බස් වල යන්න බෑ අප්පා ඌ ඉන්නෙත් හෙන අතුරු පාරක.. මම මේ අතිෂය ප්‍රථම වතාවට තමයි රුත්විලගෙ ගෙදර යන්නෙ.. අයුක අයියා කිව්වා එයත් අවුරුදු පහකින්වත් රුත්විලගෙ ගෙදර ගිහින් නෑ කියලා.. රුත්වි ලංකාවෙ නෙමෙයිනෙ හිටියෙ.. ඇවිත් තියෙන්නෙ ළඟදිනෙ.. මුගේ ගේ අස්සෙ මොනවා තියනවද දන්නෑ. මාෆියා කාරයෙක්ගෙ වගේ බේස්මන්ට් එකේ මිනිස්සු හංගන් ඉන්නවා ඇති.. ඔව්වගෙ යන්න හොඳද දන්නෑ අප්පා.. මූ මාවත් හිර කරගනීවිද.. එහෙම වුණොත් ක්ෂිතිජ අයියට සුපර්මෑන් වගේ රතු ජොකෙක් උඩින් ඇඳගෙන ඇවිත් මාව බේරගන්න කියන්න ඕන.. මට මැවිලා පෙනුණා අයියා අහසින් ඇවිත් වහල කඩාගෙන බිමට පැනලා රුත්විට කණට දෙකක් දීලා, මගේ කණටත් දීලා බෙල්ලෙන් ගෙදරට ඇදන් ඇවිත් නිවාස අඩස්සියේ දානවා.. ඊටපස්සෙ කියාවි අයුක අයියත් එක්ක තියන සම්බන්ධෙ නවත්තන්න කියලා.. අයුක අයියා ලංකාවෙ නැති නිසා මට පැනලා යන්න විදියකුත් නෑනෙ.. අනේ මේ ක්ෂිතිජ අයියෙ උඹ නටපන් මම මේ සම්බන්ධෙ නවත්තන්නෙ නෑ.. කොච්චර කට්ටක් කාලද ලේනෙක් ලයින් කරගත්තෙ.. ඌට හරිගියේ නෑ කියලා අපි පලිද.. ගොං පගයා..

පෙනේද දවල් නමය වෙනකල් පුප උඩ දාගෙන නිදාගෙන ඉන්න විදිය.. මම දුවගෙන දුවගෙන ගිහින් ක්ෂිතිජ අයියගෙ ඇඟ උඩට පැන්නා.. ඌ හොඳටම බයවෙලා ඇඳෙන් බිමට ඇදගෙන වැටුණා.. ටොමියත් මදිපාඩුවට ගිහින් ක්ෂිතිජ අයියගෙ මූණ ලෙවකන්න ගත්තා..

" ආ ලස්සන කොම්ලෝ..!!"

" ම්-මම කොහෙද ඉන්නෙ..??"

ක්ෂිතිජ අයියා විනාඩි පහක් විතර අන්ධභූත වෙලා යන්තම් නැගිටගෙන කොණ්දට අතක් තියාගත්තා.. ආධ්‍ය අයියත් මෙහෙමයි.. මේ මිනිස්සු වයසටයද්දි හරියට කොන්දෙ කැක්කුම් අල්ලනවා.. හැබැයි ආධ්‍ය අයියා අන්තිමට කොන්ද අල්ලන් ඉන්නවා දැක්ක දවසෙ මං හිතන්නෙ නෑ වයස නිසා අල්ලන් හිටියා කියලා.. අර සනෙරුගෙ තරුව බලලා අමාරුකමට තමයි කොන්ද අල්ලන් ඉන්න ඇත්තෙ.. ඉක්කෙ සෙනුක උඹ මොනවද උදේ පාන්දර මේ හිතන්නෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now