108 කොටස

8.9K 1.1K 607
                                    

" කෝ නැගිටපිය පොඩි කරදරකාරයා.. ටොමී ඇඳෙන් බැහැපන්.. යකෝ මේ ඇඳේ නැත්තෙ කව්ද කියපන්කො කොල්ලො බල්ලො ඔක්කොම ඒකෙ.."

මම ඇඟ උඩ දඟලන ටොමියට පයින් පාරක් දීලා ආයෙම ඔලුවෙ ඉඳන් වහගත්තා.. මගේ ඇස් ඇරගන්නවත් බෑ.. උණ හැදිලා වගේ ඇඟත් රිදෙනවා.. කටහඬ පිටවෙන්නෙත් නෑ.. යන්තම් අවදි වෙච්ච ගමන් මතෙකට ආවෙ අයුක අයියව. ඒක නිසා මම ඉස්කෝලෙත් යන්නෙ නෑ කියලා හිතාගෙන ඇස් තද කල්ලා පියාගෙන බොරුවට නිදි වගේ හිටියා.. තාමත් මගේ පපුව රිදෙනවනෙ.. මම හිතුවෙ නිදාගෙන නැගිටිද්දිවත් ඒක හරියයි කියලා.. ඊයෙ රෑ ක්ෂිතිජ අයියලගෙ ගෙදර එද්දි ක්ෂිතිජ අයියයි ටොමියයි විතරයි ගෙදර.. එහේ ආන්ටිලා ට්‍රිප් එකක් ගිහින්.. ක්ෂිතිජ අයියට හැමදාම වැඩනෙ ඉතින්.. මම ආවා කියලා ක්ෂිතිජ අයියා අපේ අම්මට කියලා අද එහේ ඉන්නවා කියලා තව මොනවද තඩි බොරු ගොඩක් කියලා මට කිරි එකකුත් හදලා දීලා බොන්න කියලා නිදාගන්න කිව්වා.. මම ඊයෙ රැ හුඟක් වෙලා කොට්ටයක් බදාගෙන අඬලා අඬලා ටොමියගෙ ඔලුව අතගගා ඉඳලා නිදාගත්තා.. ඒත් මගේ ඇඟට කිසිම හොඳක් දැනෙන්නෙ නෑ.. හුඟ දවසක ඉඳන් මහන්සියෙන් ඉඳලා එකසැරේ අසනීප වෙච්ච ගාණට මම හිටියෙ.. ඇත්තටම මගේ ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි..

" අද තමුසෙ ඉස්කෝලෙ යන්නෙ නැද්ද කියපන්කො.. යන්නෙ නැත්නම් දවසම හරි කමක් නෑ නිදාගත්තට.. බට්ටො ඇහුණද..!!??"

" අම්මට කියන්න අප්පා.. මට යන්න බෑ.."

" අම්මට මොකක්ද කියන්න ඕන..??"

මම එක ඇහැක් විතරක් ඇරලා මගේ ඉස්සරහා හෙනකඳයෙක් වගේ හිටගෙන ඉන්න ක්ෂිතිජ අයියා දිහාබැලුවා.. මම ඇස් ඇරපු නිසා ටොමියා මම පොරවගෙන හිටපු රෙද්ද කටින් ඇදගෙන ආයෙ ඇඳේ දඟලන්න ගත්තා..

" අම්මට කියමු මෙහෙම, මණ්දාකිණි නැන්දෙ හරි වැඩේ තමයි වෙලා තියෙන්නෙ අපේ බට්ටට ඉස්කෝලෙ යන බැහැල්ලු එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලංකාවෙන් ගිහින් හින්දා.. අඬලා අඬලා උණ හදාගෙන කියමු.. ඉඳපන් සුටුස් ගාලා කියන්න.. ඊටපස්සෙ නිදාගන්න පුළුවන්.."

මම දනිපනි ගාල ඇඳෙන් නැගිටලා ක්ෂිතිජ අයියගෙ ෆෝන් එකේ එල්ලුණා.. ටොමී හිතන්නෙ මම මූ එක්ක සෙල්ලම් කරනවා කියලා.. ඌ නැට්ටත් වන වන කාමරේ තියන බෝලයක් කටින් උස්සන් ඇවිත් ඒක මගේ කකුල් දෙක ගාවින් දැම්මා.. මෝඩ භව්වා..!! අයිතිකාරයා වගේමයි මූ හැදෙන්නෙ.. මගේ ඔලුව ගිනි අරන් ඉද්දි මූ ආතල් දෙනවනෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now