87 කොටස

9.9K 1.2K 1K
                                    

" මොකෝ තනියම හිනාවෙන්නෙ.."

" නෑ මේ ඉස්කෝලෙ මතක් වුණා අම්මෙ.."

අම්මා හදාගෙන ආපු තේ එකත් උස්සගෙන මම තාත්තව හොයාගෙන ගියා.. අම්මා මගේ මේසෙ අවුල්ජාලයක් වෙලා කියලා බැන බැන අස් කරනවනෙ.. හොඳ වෙආවට හසුන කියවලා සිවිලිම අස්සෙ ගැහුවෙ.. දෙයියනේ කියලා කලවැද්දා නටන නාඩගමක් පාඩුවෙ නටන එකයි මගේ හසුන් ටික නිරුපද්‍රිතව තියලා.. වෙලාවක කෙසෙල් කැනක්වත් සිවිලිමෙන් තියන්න ඕන ප්‍රතිඋපකාරයක් විදියට.. ඌට දරුපවුලක් ඉන්නවද දන්නෙ නෑ.. හැබැයි කෙහෙල් කැනේ බරට සිවිලිම කඩන් වැටිලා මමත් මැරිලා මගේ හසුන් ටිකත් අහුවෙලා අපේ තාත්තා ගිහින් අයුක අයියව හම්බෙලා, ඊටපස්සෙ එක මඟුලක් වෙලා, මඟුලක් නෙමෙයිනෙ මම මැරිලනෙ දැන්, මලමඟුලක් වෙලා අපේ අම්මට දුක දරාගන්න බැරුව අඬ අඬ ඉන්නකොට අයුක අයියත් ඇවිත් අම්මව බදාගෙන අඬලා 'සුදූ ඔයා නේද ඇයි මාත් එක්ක ඉන්නවා කියලා බොරු පොරොන්දු දුන්නෙ.. ඔයා නිදි නේද..??' කියලා අහලා ක්ෂිතිජ අයියගෙ හොඳ පාරක් කාලා මම පෙට්ටියට දාලා වහලා වලට දාද්දි ඒ වලේම අයුක අයියත් සියදිවි නසාගෙන වැලලිලා අපි ලබන ආත්මෙ කලවැදි ජෝඩුවක් වෙලා ඉපදුනොත් මොන දෙයියට කියන්නද.. මේකෙ ඉන්න කලවැද්දට කෙහෙල්කැන් ඕන නෑ මගේ හසකැන් තිබ්බහම ඇති..

" මියුරු කල්පනා..
නෙතක දැල්වුණා..
අමයුරු රස හසකැන්‌ මැද
සිතක්‌ හිනැහුණා.."

මම සිංදුවක් කියාගෙන ගිහින් තාත්තා ඉඳගෙන හිටපු හාන්සි පුටුවෙ ඇන්දක ඉඳගත්තා.. තාත්තා මගේ ඇඟ වටේ අතක් දාලා පිටට දෙතුන් සැරයක් තට්ටු කළා.. අම්මේ තාත්තා රණවරා බොනවා.. ඒ කියන්නෙ මේ රණවරාද..?? අම්මා තේ කියලා හංස කුමාරයට රණවරා කෝප්පයක්නෙ දීලා තියෙන්නෙ..

" ලස්සන සිංදුවක් ඒක.."

" තාත්තා කැමතිද.."

" ම්ම්.."

මම තාත්තා බල බල හිටිය පොතට එබුණා.. තඩි වචන තොගයක් තියනවා ගල්පොත ශිලාලිපිය වගේ.. බලපු ඉක්මනටම මම ඇස්දෙක අහකට ගත්තා.. පාඩම් කරපුවා අමතක වෙනවා..! තාත්තා කියවන පොත් තේරෙන්නෙ තාත්තට විතරයි.. දැන් සංස්කෘ ත භාශාවක් ගැන කැම්පස් එකේ ලමයි එක්ක මොකක්ද ප්‍රොජෙක්ට් එකක් කරනවලුනෙ.. මටනම් ඔව්වා තේරෙන්නෙ නෑ.. අපේ මනුස්සයගෙ අකුරුනම් පොඩ්ඩක් ඔය වගේ.. ඒත් ඒවා සිංහල කියලා මට තේරෙනවා.. අපි අද තරහවෙලා ඉන්නෙ අනික.. ඕන්නෑ ඔය අවලං ලේනව මතක් කරන්නවත්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now