65 කොටස

11K 1.3K 1K
                                    

" ආ මෙන්න මෙන්න රස්තියාදුකාරයා.. ඔහොම ඉන්නවා.. සාලිය..!!!!!!!!!! මෙහෙ එන්න පුතණ්ඩියගෙ වැඩ කෙරුවාව පෙන්නන්න.."

මම බිග් මැච් යන්න ශේප් එකේ රෑස්ති වෙලා ගෙදරින් පැනගන්න හැදුවෙ අම්මට බෙරිහන් දීලා 'යනවා' කියාගෙන.. කොහෙද මේ ගෙදර අම්මට හොරෙන් කළානම් කළේ ලියුම් හංගපු එක විතරයි.. අම්මා දුවගෙන මට සමුදෙන්න ඉස්සරහට ඇවිත් මාව දැකලා පපුව අල්ලගත්තා.. 

" ඔය මොකක්ද කනේ එල්ලන් ඉන්නෙ.. කනත් විදලද.. කෝ බලන්න.."

අපේ අම්මා ම්ගේ කනෙන් ඇදලා හොඳට කන දිහා බාලලා යසට තිබ්බ ත්‍රිකොණයක් වගේ මැග්නට් කරාබු දෙක ගලවලා අතට ගත්තා.. ඕන්නැති දෙයක් නෑ අප්පා මේ හංස අම්මට..

" අයියෝ අම්මා මෙහෙ දෙන්නකො ඕක.. කන විදලා නෑ මම බෙලි බට්න් එක ගාවනම් විදින්න හිතන් ඉන්නවා.."

තාත්තා මම වවාගෙන කන නිසා ඔලුව දෙපැත්තට හොල්වලා හොඳ සිහියට ඇවිත් ගිහින් සෝෆා එකෙන් ඉඳගත්තා.. ඊටපස්සෙ ඉහේ ඉඳන් දෙපතුල වෙනකල් හොඳ ස්කෑන් පාරක් දැම්මා.. අවුලක් නෑනෙ.. ස්කූල් ලෝගෝ එක අහපු කළු-තද නිල් ශර්ට් එකයි.. කළු කලිසමයි.. කළු ඩෙග් දෙකයි.. කලිසමේ පැත්තෙන් සිල්වර් චේන් එකයි.. අතේ සිල්වර් වොච් එකයි.. කරේ සිල්වර් චේන් එකයි.. අතේ මුදු දෙකයි..

" විදින්න හිතාගෙන ඇති.. හැදෙනවා හොඳ විදියකට දැන්.."

" මන්දකිණී.. පුතාට ලේට් වෙනවා නේද.."

මම තාත්තා දිහා බලලා ඇහැක් ගැහුවහම තාත්තා කම්මුලේ ලස්සන ඩිම්පල් දෙකක් හැදෙන්න හිනාවෙලා මට රිප්ලයි ඇහැක් ගැහුවා..

" හා හා යනවකො.. දහජරාව බොන්නයි නටන්නයි නම් තියාගන්නෙපා.. ඔලුවෙ ඉඳන් කකුල් දෙක වෙනකල් පට්ට ගහනවා මම තේරුණානෙ.."

" පිස්සුද රත්තරන්.. වතුර විතරයි.. හරි මේ අපි ගියා.. මච් ලව්.. ම්වහ්හ්හ්හ්හ්!!!"

" පුතා!!!"

අම්මා බෙරිහන් දෙද්දි දෙද්දි බදාගෙන ඉඹලා තාත්තට බාගෙට වැඳගෙන මම ගේට් එක ඇරන් එළීයට දුවගෙන ගියා.. ලස්සනට යන්නෙපැයි ඉතින්.. හංස කුමාරයගෙ අත පතාගෙන ආපු ලේන් අධිරාජ්‍යයේ තුන් ඉරියව් ලේනා අද කැප්ටන් වෙලා බැට්ල් එක ප්ලේ කරනවනෙ.. බිග් මැච් කියලා මතක් වුණාමත් ඇඟේ හිරිගඩු පිපෙනවා.. අන්තිමට තිබ්බ අවුරුද්දෙ සෙනුකට වැරදිලා වතුර වගේ වෙන අවර්ණ ද්‍රාවණයක් පෙවිලා පොඩි ප්‍රමාණෙ ඇබැද්දියක් වුණ නිසා මට බිග් මැච් එකේ අන්තිම හරිය මතක නෑ.. ජොනතන්ගෙ පයිලට් අප්පච්චියා ඇවිත් ඌවයි මාවයි උස්සන් ගියා කියලනම් පොඩ්ඩක් මතකයි.. පහුවදා අවදිවෙද්දි නෆ්‍රාස් මාව බදාගෙන තොත්තුවක් දෙන්න එනවා..!!!

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now