113 කොටස

9.3K 1.1K 719
                                    

" අවුච්.. දන්නවනම් මම ජීවිතේට ඇහිබැම හදන්නෙ නෑ සෙනුකයා.. මේ බලපන් ඉදිමිලාද කොහෙද.."

මගේ එහාපැත්තෙ ඇඳේ දිගාවෙලා හිටපු ෂනෙරු ඇහේ තිබ්බ පිපිඤ්ඤා පෙත්ත අහකට කල්ලා මගේ පැත්ත හැරුණා.. 

" කෙල්ලො කොහොම ඉන්නවද දන්නෑ නේද බං.. ආශි එහෙම හැම තිස්සෙම සැලොන් එක අස්සෙ රිංගගත්තු ගමන්මනෙ.."

" ඒකි යන්නෙ සැලොන් එකට ඔව්වා කරගන්න නෙමේ බං.. අර සැලොන් එකේ අයියෙක් ඉන්නෙ ඒකිගෙ.. අන්න ඒ ඩයල් එක බලන්න.."

මමත් ඇහේ තිබ්බ පිපිඤ්ඤා කෑලි දෙක අහකට කල්ලා මූණ පුරාම කහ පාට ග්‍රීස් වගේ තලියක් ගාගත්තු ෂනෙරු දිහා බැලුවා.. ඌට බලු හිනාවක් ගියා මාව දැකලා.. 

" කියාන් අයියා දන්නවද බං ඌ ගැන.."

" දන්නවැති.. හැබැයි පොර සැලොන් එක පැත්ත පළාතෙ යන්නෙ නෑ.."

" අඩෝ පව් බං අහිංසකයා.."

ෂනෙරු හිනාවෙලා ආයෙ පිපිඤ්ඤාපෙත්ත ඇහේ තියාගත්තා.. මම උඩ සිවිලිම දිහා බලාගෙන හිටියා.. හෙට ඉස්කෝලෙ ගැදරින් එක.. ඒකට ඉතින් ලස්සනට යන්න එපැයි නැත්නම් කොන් වෙන්න බෑනෙ.. මමයි ෂනෙරුවයි සැලොන් එකට ඇපොයිමන්ට් එකක් දාලා මූණ රෙපෙයාර් කරගන්න ආවා.. දැන් මේ ෆේශල් එකක් දාලා ඇඳේ දපලා ඉන්නවා ඒක වේලෙනකල්.. මගේ ඇහිබැම හරියට සම්පූර්ණෙන් උගුල්ලලා දාලා වගේ කැක්කුමයි.. කෙල්ලොන්ගෙ ඇහිබැමවල් වගේ නෙමෙයිනෙ හත්තිලව්වෙ අපේ ඇහිබැම වැවෙන්නෙ.. එකක් ගැලෙව්වත් පුදුම විදියට රිදෙනවා.. ගෙදර ගිහින් අයිස් ටිකක්වත් තියාගෙන ඉන්න ඕන..

ආශි යන සැලොන් එක ගැන කියනවනම්, ඒක සැලොන් එකක් නෙමේ ඕපදූප ෆැක්ටරියක්.. ඕක අස්සට රිංගගත්තම ඒකෙ ඉන්න අයියණ්ඩිත් එක්ක ඒකි මේ ලෝකෙ තියන හැම චීත්තෙම හෝදනකල් තනියට යන එකා සඳැල්ල පත්තරේ බලන්න ඕන.. මම කීපවතාවක්ම ඒ කට්ට කාපු නිසා ආයෙ නම් මළාට ඕකට යන්නෙ නෑ.. ඕනවට වඩා අඳුරගත්තමත් මළ වදේ.. ඒකෙ ඉන්න අයියා ටිකක් ගර්ලිශ් ටයිප් කොල්ලෙක්.. ඒකටම හරියන එකී තමයි ආශි.. දෙන්නා එක්ක කොල්ලොන්ගෙ වැරදි, අඩුපාඩු, එන කරදරකාර කස්ටමර්ස්ලා, කොණ්ඩෙ පාට ගැන, ඇඳුම් ගැන, ආශි කවදාවත් විදින්නෙ නැති නහය ගැන පැය ගාණක් කියවලා අයියණ්ඩිගෙ අලුත් ක්‍රශ් එක ගැන මනෝ ගහලා ඌ අයියට දණගහලා ප්‍රපෝස් කළොත් කොහොමද වගේ හුඟක් වැදගත් දේවල් ප්ලෑන් කල්ලා අලි පත බිලක් ගෙවලා එළීයට එනවා.. මටනම් ඒ සැලොන් එකේ තියෙන්නෙ එකම එක හොඳ දෙයයි.. ගියාම ෆලූඩා එකක් හරි අයිස් කොෆී එකක් හරි දෙන එක විතරයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now