135 කොටස

9.2K 1.1K 1.1K
                                    

රුත්වි හම්බුණාට පස්සෙ සාමාන්‍ය විදියට අපිට ඉස්කෝලෙ යන්න වුණා.. අපිත් ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ අන්තිම දවස් මේ ගෙවිලා යන්නෙ.. ෂනෙරුත් හොඳින් හිටියා.. ඒකෙන් කියන්නෙ නෑ උගේ හිතේ තියන දුක ඔක්කොම මැකිලා ගිහින් ලෝකෙට අලුත් ඉරක් උදාවෙලා කියලා, යන්තම් ඌ ශේප් එකේ වැඩ ටික කරගෙන හිටියා.. හැබැයි ඉස්සර හිටපු හැමතිස්සෙම හිනාවෙන, විකාර කියවන, අපි එක්ක අඹ කඩන්න හොරාට වැට පනින ෂනෙරු නෙමෙයි හිටියෙ.. ඒ වෙනස අපිට හොඳට දැනුණත්, මොකක් කරන්නද..?? ෂනෙරු මගේ හොඳම යාළුවා නිසා ඌ මොන තත්ත්වෙක හිටියත් මම පිළිගත්තා.. දවස් හරිම සාමාන්‍යයි.. වැස්සක් වැහැලා පායලා වගේ අර පහුගිය ටිකේ ඔක්කොම කලබල ඉවරවෙලා සාමාන්‍ය දවස් ගෙවිලා යනවා.. කැම්පස් යන්න පොත පුරවලා යවලා තියෙන්නෙ.. 

සති කීපෙකට කලින් මම ඉසිවර අයියව හම්බෙන්න ගියා.. එයා බිසී නිසා ගෙදර ඉන්නෙ හවසට විතරයි.. මම අපේ අක්කට උඩින් පල්ලෙන් සීන් එක කිව්වහම එයා කිව්වා අයියගෙන් අහලා බලන්නම්, කෝකටත් මටත් අහන්න කියලා.. මම අයියගෙන් ඇහුවහම හරියටම දැනගන්න පුළුවන් වුණා ඉසිවර අයියා තමයි එදා ආධ්‍ය අයියලව එයාපෝට් එකෙන් ඩ්‍රොප් කළේ කියලා.. ආධ්‍ය අයියත් හොඳ තත්ත්වෙක නෙමෙයි ඉඳලා තියෙන්නෙ.. අඩුම එයාට පැය ගානක් ෆ්ලයිට් එකක යන්නවත් සනීප තත්ත්වයක් තිබිලා නෑ.. එදා ක්වාටස් එකේ බිත්තියෙ තිබ්බ ඒ පැල්ලම් දේව් අංකල්ගෙ වෙන්න ඇති.. මොකද ඉසිවර අයියා කිව්වා දේව් අංකල් එද්දි එයාගෙ බඩේ පැත්තක කට් එකක් තිබිලා අයියා මැහුම් දැම්මා කියලා.. කාලයක් තිස්සෙ ආධ්‍ය අයියා ඒප්ලස්ටික් ඇනීමියා වලින් දුක් විඳලා.. ඒක ආධ්‍ය අයියවත් හරියට දැනගෙන ඉඳලා නෑ.. තෙරපි වලට ආවහම කිව්වලු ලෙඩේ මොකක් වුණත් ඒ ගැන හොයන්නෙ නෑ, රධ්‍ය අයියා ස්වාධීන වුණාට පස්සෙ අයියා මැරුණත් කමක් නෑ, එතකල් ජීවත් වෙන්න තිබ්බොත් ඇති කියලා.. අඩුම තරමෙ අයියට පොඩිම පොඩි උවමනාවක්වත් තිබිලා නෑ එයාගෙ ලෙඩේ ගැන හොයන්න.. දැනගත්තත් ගාණක් නැතුව ඉඳලා.. එයා ඩොක්ට කෙනෙක්නෙ.. ඕක නොතේරි ඉන්න විදියකුත් නෑ මට හිතෙන විදියට.. 

ඊටපස්සෙ දේව් අංකල් ආවහම ආධ්‍ය අයියගෙ අසනීප  ගැන දැනගෙන ආධ්‍ය අයියත් එක්ක හොඳටම රණ්ඩු කළා කිව්වා.. එයා තමයි ආධ්‍ය අයියා හංග හංග හිටපු ලෙඩේ උඩට ඇදලා අරගෙන කාලෙක ඉඳන් නදීර අයියා ලව්වා ඩෝනර් කෙනෙක් හොයලා තියෙන්නෙ බෝන්මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න.. හොඳ වෙන්න තියෙන්නෙ සීයට විස්සක වගේ ප්‍රමාණයක්ලු.. අඩුම ආධ්‍ය අයියා ජීවත් කරවගන්න පුළුවන් වුණොත් ඉසිවර අයියා කිව්වෙ ඒක ලෝක පුදුමයක් කියලා.. මට හැමදේම දැනගත්තට පස්සෙ විරුල් අංකල් ගැන දැණුණෙ හරිම අප්‍රසන්න හැඟීමක්.. තමන්ගෙ ලෙයින් හැදිච්ච එක දරුවෙක් මැරෙන්න වැටිලා හිටියත් ඒ මිනිහා ඇහින් ඇහැ ඇරලවත් බැලුවෙ නෑ.. රධ්‍ය අයියා විතරද එයාගෙ එකම පුතා.. කොල්ලෙක් එක්ක යාළු වෙච්ච නිසා ඔච්චර ආධ්‍ය අයියව කොන් කරන්න ඕනද.. දෙයියනේ අයියා අසනිපෙන් ඉද්දි පවා හොස්පිට්ල් ගියා, ගෙදර ඉන්න බැරි නිසා ප්‍රයිවට් බෙහෙත් දෙන්න ගියා, රධ්‍ය අයියගෙ හැම ප්‍රශ්ණෙකදිම එයා ගාවින්ම හිටියා.. අපි හිතුවෙ ආධ්‍ය අයියට හයිපොග්ලයිසීමියා නිසා එයා නිතර අසනීප වෙනවා ඇති කියලා.. බලන් යද්දි ඊට හාත්පසින්ම වෙනස් බරපතල එඩක් ආධ්‍ය අයියට තිබිලා තියෙන්නෙ.. පෙනුමෙන්වත් අපිට අඳුරගන්න බැරිවුණානෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now