37 කොටස

12.2K 1.4K 689
                                    

" මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ.."

" සෙනුකයා.."

" කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්සෑනී.."

" ඕයි..!!"

" කුණුගොඩේ මැස්සා මං
තේරුම් ගත්තෙ පස්සෙ මං
ඒත් මම පනපිටින් සඳමාලි.."

මම සද්දෙට සිංදුවක් කිය කිය පන්තියේ දොර දිහා බැලුවා විතරයි මගේ මූණ කෙලින් සපත්තුවක් පියාඹලා ඇවිත් ඔලුවෙ වැදී නොවැදී ගියා.. මම මෙහාට වුණේ නැත්නම් මූණත්තහඩුව රොටියක් වෙනවා.. මුගෙ ආච්චිට..

" සඳමාලි සඳමාලි නෙමෙයි පිස්සු හු#තො.. උඹ එන්නැද්ද ඉන්ට්‍රැක් එකේ බෝඩ් සිලෙක්ශන් යනවා.."

පන්තියේ උන් අපි දිහා හැරිලා බැලුවෙ හරියට පිටසක්වලයො දිහා බලනවා වගේ.. ෂනෙරුගෙ මූණට මහ වල් හිනාවක් ආවා.. මම උගේ සපත්තුවත් අරගෙන නැගිට්ටා.. 

" ඌ.. සොරි බ්‍රදර්.. ඉන්ටැක් ක්ලබ් එකේ සිලෙක්ශන් එකට අමතරව අද මෙම්බර්ශිප් ගන්නවා.. ඔය කැමති අය අහ්ම්- අලුතින් ආපු අය එහෙම ඉන්නවනම් එන්න පුළුවන්.."

අපේ පතියෙ ඉස්සරහම ඉන්නෙ අලුතින් ආපු බෙලෙක් කටු ටික.. ෂනෙරු කියපු ටිකට පිටිපස්සෙ අපේ පරණ උන් ටික අමුතු හිනාවක් දාලා සේරම එක්ක නැගිටලා පහළට ගියා.. ඉස්කෝලෙ කාලෙ අනිවාරෙන් ක්ලබ් එකක ඉන්න ඕන.. ඒක නීතියක්.. මම ෂනෙරුට ඇහැක් ගහලා උගේ සපත්තුව දුන්නා.. අර බෙලිකටු මලු ටික හිතාගෙන ඉන්නෙ උන්ට විතරයි වැඩ පුළුවන් කියලා.. අපි ඇවිල්ල අත පල්ලෙන් වැටිච්ච උන්.. අපේ ක්ලාස් එකේ විතරයි මේ සීන් එක යන්නෙ.. ඇයි බාගෙකට වඩා අලුතින් ආපු උන් නෙ ඉන්නෙ.. උන් කන්නෙ එකට.. බොන්නෙ එකට.. රෙ#නෙත් එකටද මන්දා.. කොහොමහරි අපිව ඉතින් ගණන් ගන්නෙ නෑ.. අපිට අවස්ථාවක් ආවොත් උන්ව උඩ පැන පැන තලනවා.. කරන්න දෙයක් නෑ.. අපිව සත්තු කරගන්න එපා කියලා කලින්ම කියලා තිබ්බෙ..

" මට වැඩ වගයක් තියනවා සෙනුකයා.. උඹ හෝල් එකට පලයන්.."

" උඹට දැන් මොනවද ඔච්චර වැඩ.."

යකෝ රධ්‍ය අයියව පෙන්නගන්න වෙන්නෙම නෑනෙ මූට..

" ක්ලබ් එකේ හය හත සිලෙක්ශන් බං.. එපාවෙනවා.. මම සඳරුට බලන්න කියලා ආවෙ.. ඒ ටික සුටුස් ගාලා ඉවරකල්ලා මම හෝල් එකේ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now