75 කොටස

10.3K 1.2K 965
                                    

" අයුක අයියගෙ සීයා හදිසියෙම ලංකාවට එනවලු.. සංහිතයව මරයිද දන්නෑ බං.."

" මරලා මදි ජරා සතා.."

කියාන් අයියා කාර් එකේ ඉස්සරහා තිබුණු ටිශූ බොක්ස් එකෙන් ටිශූ දෙක තුනක් අරගෙන මට දික් කළා.. මම ඒක අතේ ගුලි කරගත්තා.. ඊයෙ රෑ පිස්සුවෙන් ගෙවාඑන උදේ නැගිට්ටෙ අම්මා කතාකරනවා ඇහිලා.. ෂනෙරු එක්ක කෝල් එකේ ඉද්දිම නින්ද ගිහින්.. එහෙම වෙච්ච එකත් හොඳයි.. නින්ද නොගියනම් ඒ විනාඩි ගාණ හරි මම අවදියෙන් ඉන්නෙ අඬ අඬනෙ.. ආධ්‍ය අයියා කිව්වා අයුක අයියව අයි සී යූ එකෙන් රූම් එකට මාරු කළා කියලා.. බ්‍රෑන්ඩ් ප්‍රැක්ටිස් යනවා කියලා අම්මලගෙන් ශේප් වෙලා ගෙදරින් ආවෙ.. කොහොමත් ෂනෙරුත් අද හොස්පිට්ල් එනවා කිව්වා.. එතකොට සැක හිතන එකක් නෑ.. ඒත් මට අපේ අම්මා හිතන දේවල් තේරෙන්නෙ නෑ.. වෙලාවකට හිතෙනවා අම්මා මොනහරි දැනගෙන ඒත් නොදන්නවා වගේ අපි ඉස්සරහා හැසිරෙනවද කියලා.. මේ ප්‍රශ්න යම්තාක් දුරකට හොඳ අතකට හැරුණ කාලෙක මම අයුක අයියා ගැන ගෙදරට කොහොමවත් අඟවන්නෙ නෑ කියලා හිතාගත්තා.. 

ඊයෙ එළී වෙනකල් ජොනතනුයි නෆ්‍රාසුයි හොස්පිට්ල් එකේ.. මට මාරම අවුල් උන් දෙන්නා මම නිසා කාපු කට්ට ගැන.. වචනෙන් විස්තර කරගන්න බැරි තරම් ලෙන්ගතුකමක් උන් දෙන්නා වෙනුවෙන් මට දැනුණා.. චමිරු ඊයෙ හොස්පිට්ල් ඇවිත් නෑ.. චමිරුට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහන්නවත් බැරිවුණා.. එහෙම සිහියක් ඊයෙ රෑ තිබ්බෙ නෑනෙ මට.. දැනුත් පොඩ්ඩක් හරි හොඳින් ඉන්න හිත එකතැනක තියන් ඉන්නෙ ආධ්‍ය අයියා කතාකරපු නිසා..

" රධ්‍ය අයියත් එනවලුද උදේ.."

" උදේ කියන්නෙ මෙහෙමයි බං.. ඌ පාන්දරම නැන්දම්මා හම්බෙන්න ගිහින් කිරිබතුත් කාලා ඔලුවත් අතගාවගෙන එයි.."

මම ලාවට හිනාවෙලා ශටර් එකෙන් අහක බලාගත්තා.. අයුක අයියව දකින්න හිත පුදුම හදිසියකින් හිටියෙ.. 

" ඌ ඉතින් උඹලා දෙන්නගෙ මේ මොකුත් දන්නෙ නෑනෙ.. ඒ තියා මම දන්නෙත් අයුක අපේ ගෙදර නවතින්න ආපු නිසා.."

" කියන්න පුළුවන් දෙයක්නම් කියනවනෙ බං.. අහපන්කො ෂනෙරුලා, ආධ්‍ය අයියලා, රධ්‍ය අයියලා, ඒ ගෙවල් වල අය වෙනයි, මම අයුක අයියලා, චමිරු, අපේ ගෙවල් වල අය, සිංහවංශලා වෙනයි.. අපිට තියන ප්‍රශ්න දෙගොල්ලොන්ට එකතුවෙලා විසඳගන්න පුළුවන් ඒවා නෙමෙයි.. අනික දැන් මේක ෂනෙරුට කිව්වයි කියලා ඌ මොකක් කරන්නද..?? ඊයෙ දැක්කනෙ කොරපු හැටි.. ෂනෙරු මගේ තැන හිටියත් ඌට මේ ප්‍රශ්නම ආවත් මට ඉන්වෝල් වෙන්න පුළුවන් සීමාවක් තියනවා.. ඒකෙන් අපේ යාළුකමට මොකුත් වෙලා කියන්නෙ නෑ.. ලව් කරන එකයි යාළුකමයි පටලගත්තහම හෙන අවුල් බං.. අනික රධ්‍ය අයියා වැඩිය කැමතිත් නෑ ෂනෙරුවව මේවට ගාවගන්න.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now