67 කොටස

11.5K 1.2K 928
                                    

සතුටුත් නැති දුකකුත් නැති ඔහේ ගෙවිලා යන සතියක්..

බිග් මැච් එකෙන් පස්සෙ අයුක අයියට වැඩ අඩු වුණ එක කෙසේවෙතත් මටනම් තියන වැඩ ඩබල් වුණා.. මොකද අපිට රිවිශන් සතියෙ දවස් තුනකට වැටුණ නිසා.. බාහිර වැඩත් එක්ක ක්ලාස් වල වැඩ කරගෙන යන්න ඇත්තටම අමාරුයි.. මේ දවස්වල අම්මයි තාත්තයි මට එයාලගෙ පැත්තෙන් හුඟක් සපෝට් කළා වැඩ ටික බැලන්ස් එකේ ගෙනියගන්න.. මට වෙලාවකට දුකත් හිතෙනවා අපේ අම්මා රෑ දෙක තුන විතර වෙනකල් මගේ කාමරේට වෙලා ඇහැරගෙන පේපර්ස් බලද්දි.. එයාට ඕවා දවල් බලන්න පුළුවන්.. මට තනියි කියලා තමයි රෑට බලන්න ගන්නෙ.. තාත්තත් සමහර දවස්වලට ඇහැරලා ඉන්නවා.. එයා දැන් කැම්පස් එකේ උගන්නන්න යන නිසා ටිකක් වැඩ වැඩිවෙලා තියෙන්නෙ.. අයුක අයියා වුණත් වැඩි කෝල්ස් වල හිටියෙ නෑ උවමනාම දේවල් කතාකරන්න විතරයි කෝල් එකක් හරි දුන්නෙ.. කොහොමත් ක්ලාස් ඉවරවෙන වෙලාවට අයුක අයියා ක්ලාස් එක ගාවට එනවා මාව හම්බෙන්න.. ඉස්කෝලෙ ගියාම නිතරම හම්බෙනවනෙ.. 

අරවින්දත් දැන් ක්ලාස් යන්නෙ නුගේගොඩ.. අලුත් බෝඩිම අල්ලලා ගිහින් නිසා අරවින්ද මාර උනන්දුවෙන් ඉස්කෝලෙ වැඩ කරනවා කියලා අපිට පෙනුණා.. ඌට ලොකුම ප්‍රශ්ණෙ වෙලා තියෙන්නෙ ඉන්න තැනක් හරිහැටි නැති එක.. දැන් ඉන්න තැන කාමර දෙකක් තියන ඇනෙක්ස් එකක්.. එක රූම් එකක අරවින්ද ඉන්නවා.. අනිත් රූම් එකේ කැම්පස් යන අයියා කෙනෙක් නැවතිලා ඉන්නෙ.. දෙන්නටම ගෙදර ලිවින් ඒරියා එකයි කිචන් එකයි ශෙයා කරගන්න පුළුවන්.. අයියා නිතර ගෙදර නැති නිසා අරවින්ද හරිම නිදහසේ ඉන්නවා.. අපේ අම්මත් නිතර අරවින්දට දෙන්න පේපර්ස්, පොත් මට හොයලා දෙනවා.. අනික දැන් අරවින්ද චමිරු එක්ක නෙමෙයි ඉස්කෝලෙදි ඉඳගන්නෙ.. ඌ තනියම ඉන්න පුරුදු වෙලා වැඩක් නැත්නම් ලයිබ්‍රි එකට යනවා.. නැත්නම් අඹ ගහ ගාව බංකු තියන තැන අපි පාඩම් කරනකොට අරවින්දත් ඇවිත් පාඩම් කරනවා.. 

අයුක අයියා එයාගෙ සීයට කියලා අරවින්දගෙ ගෙදර තාත්තගෙ නමට එයාලගෙ ෆැමලි ෆන්ඩ් එකෙන් ගාණක් වැටෙන විදියට හැදුවා.. අරවින්දට ලොකුවටම සල්ලි ප්‍රශ්ණ තිබුණ නිසා ඒක එයාට ලොකු උදව්වක් වුණා.. ඌ උගේ ජීවිතේ ආයෙම ඉස්සරහට යන්න පටන්ගන්නකොට මට පුදුම විදියට සතුටු හිතුණා.. තමන් තමන් වෙනුවෙන් ස්වාධීන වෙලා නැගිටින තාක්කල්ම ඒ මනුස්සයා ජීවිතේ කොයි පැත්තෙන් හරි පරාජිතයෙක් තමයි.. අරවින්ද එයාටම ආදරේ කරන්න ගත්තෙ කොයි දවසෙ ඉඳලද මම හරියටම දන්නෙ නෑ.. හැබැයි දැන් එයා එයාවම හොයාගෙන තියනවා.. ඒක නෙමෙයිද වෙන්න ඕන..??

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYМесто, где живут истории. Откройте их для себя