98 කොටස

10.6K 1K 1.2K
                                    

" අඩේ සිරාද.. හුඟක් උලුක්කු වෙලාලුද බං.."

අයුක අයියා ඈත පේන විසාල ගහක් දිහා බලාගෙන ඇස් දෙක හීනි කරගත්තා.. මූ හිනාවුණොත්නෙ දත් ටික ගලෝලා අනිත්පැත්තට හිටවනවා.. ඇයි යකෝ අපිත් මේ හැඟීම් හිර කරගෙන තද කරගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් තමයි.. එහෙමයි කියලා මෙතන ගුලි කාලා වගේ හිනාවෙන්න බෑනෙ..

" ඒකතමා.. පව් අනේ අපි නිසා එයාට වදේද දන්නෑ.. අයියව තියලා එන්නයි තිබ්බෙ නේද ඒයි.."

" තව ටිකකින් යනවනෙ.. එතකොට අයියට රෙස්ට් කරන්න පුළුවන්නෙ.."

" හුම්.."

ආශි අපිට සැන්ඩ්විච් වගයක් දීලා ආයෙම ෂනෙරුලා ඉන්න පැත්තට ගියා.. අයුක අයියා කටත් තද කරගෙන ගහකට මුවා වෙලා මහා බල්ලෙක් වගේ හිනාවෙන්න ගත්තා.. මම ගිහින් උගේ පුපට එකක් ඇන්නා..

" හිනාවෙන්නෙපා ඕයි.."

" අඩෝ ඇයි බං අයුකයා හිනාවෙන්නෙ.. ඇත්ත කියපන් පොඩි එකා තෝ මගේ දෝණිට ගුලියක්වත් කැව්වද.."

" ගුලි තියනවනම් ඌට කනවද බං මම කනවා මිසක්.. මොනවා අහනවද මන්දා.."

අයුක අයියා ඇස් දෙකෙත් කඳුළු පිහාගෙන කියාන් අයියගෙ උරහිසට අතක් තියාගත්තා..

" හම්මොහ්.. නෑ නෑ.. බ්-බං.. මේ වත්සල්-"

" ඕ වත්සල්ට මොකද ඉතින්.."

මම අයුක අයියගෙ පස්ස කෙනිත්තුවා.. හිනාවෙන්නැතුව හිටපංකො වාහෙ.. මුං නම් මහ හු#තෙ මිනිස්සු අප්පා.. 

" වත්සල් කියපු කැහ්-කතාවකට හිනාවුණේ.. උඹ පලයන්කො.."

" උඹට මාව ජෝකර් කෙනෙක්ද සුදුඅයියෙ.."

" නෑ නෑ උඹේ ඔය හිනාව මට හෙන ප්‍රශ්නයක්.. දැන් ආපු වෙලේ ඉඳන් මූ හිනාවෙනවා හිනාවෙනවා ඉවරයක් නෑනෙ.."

" අපෙ ලෝකෙට ප්රශ්න ගොඩයි අපි ඒවා මැදින් හැදුනේ
ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
ඇත්තට කියපං උල්කාපාතේ පු#ටද වැටුනේ.."

කියාන් අයියා මගේ ඔලුවට ටොක්කකුත් ඇනගෙන ඉස්සරහ ඉන්න උගේ ඉත්තෑවිව හොයාගෙන ගියා.. අද කියාන් අයියා ආශිට ඉත්තෑවි කියලා මෙතන සත්තු වත්තක්ම කියවගෙන, මම අරියව ටෝක් කරන්න කෝල් එකක් අරගෙන යන්තම් මගේ අතේ තිබ්බ ෆෝන් එක ලිට්ල් ඇඩම්ස් පීක් එකෙන් පල්ලෙහාට නොවැටි බේරුණා.. මේ මිනිහට තේරෙන්නෑනෙ මේවා සල්ලි කියලා.. අර ෆෝන් එක අල්ලලා විසික් කළානම් එහෙම.. එහෙනම් ඌටත් වෙන්නෙ මෙතන ඉඳලා පියාඹන්න තමයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now