23 කොටස

12.4K 1.4K 419
                                    

" මෙයාලත් ඇවිල්ලා..!!! එන්න එන්න අනේ.."

ඉස්කෝලෙ ගාව කැෆේ එකට ඇවිත් උඩ තට්ටුවට යද්දි කොනේම මේසෙක ආශියි මහීශයි ඉඳගෙන හිටියා.. මාව දැකලා ආශි අත වැනුවා.. අද පේරන්ට්ස් මීටින් නිසා හැමෝටම එක්ස්ට්‍රා පොකට් මනි හම්බෙලා.. කැෆේ එක පිරෙන්නම සෙනඟ හිටියා.. ඒක ලස්සන කැෆේ එකක්.. cozy වයිබ් එකට හදලා තිබුණු තැනක් නිසා එලියෙ ඉඳන් ඇතුළට ආවහම ඒවා ඉසා ඉබේම ඩිස්ට්‍රෑක්ට් වෙනවා.. ඒකනිසා ගෙදරම නොයා මෙහේට ආපු එක හොඳයි කියලා මට හිතුණා..

" අපි දෙන්නා මේ කතාවුණත් එක්කන් ඔයාලා ඒවිද කියලා.. ඉන්න මම මොනාහරි ඕඩර් කල්ලා එන්නම්.."

මහීශෂා නැගිට්ටහම ෂනෙරුත් බෑග් එක තියලා ඒකිත් එක්ක කවුන්ට්‍ර් එකට ගියා.. මම ආශි ගාවින් ඉඳගත්තා.. ඒකි විතරනෙ දන්නෙත්.. මට මොනාහරි කතාකරන්න.. කවුන්ටර් එකේ සෙනඟ හිටපු නිසා මහීශායි ෂනෙරුයි එතනට වෙලා කියව කියව ඉන්නවා දැක්කා..

" ඔයා පළවෙනියා නේහ්.. කන්ග්‍රැජුලේශන්ස් සෙනුකමලේ.."

" ස්තූතී ස්තූතී.. උඹටත් කන්ග්‍රැජුලේශන්ස්.."

" බොහොත් ආප්කෝ ධන්‍යාවාද්.. ඇයි මේ අවුලෙන් වගේ හලෝ.. මොකද වුණේ.. මෙහ්.. අයුක අයියා ආවද ඉස්කෝලෙ.. කතාකළාද.."

ආශි මං ගාවට කිට්ටුවෙලා රහසින් වගේ අහද්දි මට හිනාගියා..

" ම්ම්.. කතාකළා.. ඒක සෙට් වෙන්නෙ නෑ.. මට වෙන ක්‍රශ් එකක් ඉන්නවා මම හිතන්නෙ.."

" ම්-මොකක්!!! එතකොට අයුක අයියා..?? එයා ඔයාගෙ හිත රිදෙන මොනාහරි කිව්වද.."

" එහෙම නෙමේ.. එයා මගේ ටයිප් එක නෙමේ.. අනික කැමති වෙන්න තරම් දේවල් වුණාද බං.. මාසෙකට සැරයක් විතර මූණ බලලා කතාකරනවා විතරනෙ.. අනික ඌ ඇවිල්ලා මේ හෙන ලොකු අත්තක්.. මට සෙට් වෙන්නෙ නෑ.."

" ඔයා කියන්නෙ ඒක ඇට්‍රෑක්ශන් එකක් කියලද.."

" ෆිෆ්ටි ෆිෆ්ටි.. කොහොම වුණත් ආයෙ ඌ ගැන කියවන්න ඕන නෑ.. මම කැමති නෑ.."

ආශි ටික වෙලාවක් මගේ මූණ දිහා බලාගෙන ඉඳලා මගේ උරහිසට තට්ටුවක් දැම්මා..

" ඉස්කෝලෙ මොකක් හරි දෙයක් වුණානම් එයාගෙ පැත්තෙනුත් හිතලා බලන්න සෙනුක.. ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now