41 කොටස

19.8K 1.6K 1.8K
                                    

හරිනෙ සෙනුක.. අන්තිමට සේරටම හොරෙන් නටලා එළිපිට වෙස් බඳින්න පටන් ගත්තා විතරයි ආත්මගත මිත්‍ර පරාණය මාත් එක්ක තරහා වුණා.. ඒ මදිවට අර රධ්‍ය කියන ෂනෙරුගෙ පිස්සු වාහෙ තඩි පචයක් ඇද ඇරලනෙ ඌට.. යකෝ අපි කවද්ද ආස්ක් අවුට් කරගත්තෙ.. උගෙ අප්පගෙ කතා තමයි කියන්නෙ.. මම ඇහුවහම මොකද එහෙම දෙක ශ්‍රේණීයේ බොරුවක් කිව්වෙ කියලා.. ඌ කියාපි..

" එහෙම උඹලට වගේ බොරු හදන්න බෑනෙ අපිට.. කටට ආපු එක කිව්වෙ.."

දැන් ෂනෙරු ගිහින් අර හශාන්ලා එක්ක කයිය ගහන හැටි මට බලාගෙන ඉන්න වුණානෙ.. මට පේන්නම බැරි වැඩේ ඒක නිසා ඌ හිතා බල බල ඒකම කරනවා.. මට ඉරිසියයි.. ෂනෙරු මගේ..!!

" කෝ හු#ත මේකෙ අයිස්.."

මම හෝම්සයන්ස් රූම් එකේ ෆ්‍රිජ් තුනක් පෝළිමට ඇරගෙන ගියාම ඒකෙ හදපු අයිස්ක්‍රීම් වගයක් ඔබලා.. අයිස් කැටයක් හොයාගන්න නැතිවුණානෙ හදිස්සියට.. අන්තිම ෆ්‍රිජ් එක ඇරලා අවුස්සලා බලද්දි දෙයියනේ කියලා අයිස් පැක් එකක් හම්බුණා.. මම ඒක අත් දෙකට මාරු කට කර ජිම් එකට යනකොට ෂනෙරු රධ්‍ය අයියා එක්ක ජිම් එකේ පඩිපෙළේ වාඩිවෙලා මොකක්ද වැඩක.. රධ්‍ය අයියා එක්ක හිටියට කමක් නෑ.. ඩයල් එක හිතාගෙන ඉන්නෙ ඔය දැන් කියාන් අයියා ඌට කැමතියි කියලනෙ.. අනේ මගේ පොල්පිති වසුපැටියා.. කියාන් අයියගෙන් බේරෙන්න රධ්‍ය අයියා ගාවට වෙලා ඉන්නවා.. කමක් නෑ මම පොඩ්ඩක් මෙහාට වෙලා ඔය දෙන්නට එකට ඉන්න දෙන එකත් හොඳයි.. අද රධ්‍ය අයියා කවාගත්තලු ෂනෙරුට කියලා.. ඌ ඉන්නෙ පොළොව මට්ටමෙන් සෑහෙන්න උඩ..

මම ජිම් එකේ චේන්ජින් රූම් එකට යද්දි අයුක අයියා කම්මුලත් එක අතකින් අල්ලගෙන අනිත් අතින් ෆයිල් එකක් පෙරළගෙන මොනවද ලියනවා.. මම ගිහින් අයිස් පැක් එක අයුක අයියගෙ රතුවෙලා ලේ පාට වෙලා තියන කම්මුලෙන් තිබ්බා.. අයුක අයියා සීතලට ගැස්සුණාද කොහෙද.. ඊටපස්සෙ අයිස් පැක් එක කම්මුලට තියලා තද කරගත්තා..

උඹ ගිහින් කොහිල වලකට පැනපන් හංස කුමාරයෝ..

මමත් එහෙමම ලඟ පුටුවකින් ඉඳගත්තා.. ජිම් එකේ හොකී ප්‍රැක්ටිස් මැචස් වගයක් යනවා.. හෙට චෙස් මැචස් නිසා උදේම ඉස්කෝලෙ එන්නත් ඕන.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYМесто, где живут истории. Откройте их для себя