102 කොටස

10.4K 1.1K 870
                                    

" ඉතින් අනේ අහන්නකො.. මම බය වුණේ අපේ එක්කෙනාගෙ අතක් පයක්වත් බිඳෙයිද දන්නෑ කියලා.. එහෙම බිඳුණොත් මම එපැයි කන්න බොන්න උස්සන් යන්න ඕන.. ඒක වදයක් නෙමෙයි තමයි ඒත් මට බෑ අනේ එපාවෙනෝනෙ.. දැන් මේ මිනිහා ගැන ගෙදර මිනිස්සුත් දන්න නිසා මට දවසෙම හොස්පිට්ල් නතරවෙලා ඉන්න වෙයි.. අයුක අයියා අසනීප වුණු වෙලේ සෙනුකට අයුක අයියව උස්සන් වොශෲම් හරි යන්න පුළුවන් වුණාට මම..?? ඔයාම කියන්න අනේ අරවින්ද මට පුළුවන්ද අර විසාල මනුස්සයගෙ අතක්වත් උස්සගන්න.. අනික එහෙම ඉන්න ගියහම අයාන් කියන මගේ හැළකිඹුල් බූරු මස්සිනත් එනවා සදේශ් අයියව බලාගන්න.. එයා අපේ සෙනුක බබාගෙන් කනේ පාරක් කාලා ඉන්න නිසා මට ලැජ්ජයි කතාකරන්න.. හැබැයි හොඳම වැඩේ.. සාදු අනේ ඕකට දෙන්න තිබ්බෙ විසික් වෙලා චප්ප වෙන්න.. ප්-කැහ්ම්- පප් පප් පප පපප් පප්ප පප පප්.. ටව්ම මැද ඉස්කෝලයක් තියනවා එහේ මෝඩ කොල්ලො ගොඩක් ඉන්නවා.. නමට පම්පෝරි ගහනවා එහෙ මෝඩයො ගොම් වැඩ කරනවා~"

" අරවින්ද.. ගිහින් ප්ලාස්ටරයක් ගෙනෙන් බං මේකිගෙ කටේ අලවන්න.. වැඩක් කරගන්න දෙන්නෙත් නෑ ගහප් දොඩම් ගෙඩියට චප්ප වෙලා යන්න..!!"

" මම තව්සෙව පොඩි මස්සිනාට කියනවා..!! ඒක නෙමෙයි අනේ දැන් ඔයාගෙ වෙන්ඩ බෝයිෆ්‍රෙන්ඩ් මොකද කියන්නෙ.. කතාකළාද හලෝ.. ආනෙහ්!! මම හරිම ලකී ගේකුරුළු පැටව් ගොඩක් මැද්දෙ ලස්සන ගේකිරිල්ලියක්-ඌප්ස් සොරි.. මම තමයි මෙතන ඉන්න පැණිකිරිල්ලි.."

" එතකොට කියාන් අයියා පැණීකුරුල්ලද.."

" නෑ අනේ ඌ ඇවිල්ලා පැස්බරෙක්.. නෑ නෑ..!! සෙනුක හංසයෙක්.. මම පැණී කුරුල්ලෙක්.. මහීට කේන්තියනවනෙ සෙනුක.. එයා වළිකිකිළියෙක්.. ෂනෙරු තාරාවෙක්.."

" ඔය ළමයට වැඩක් කරගන්න දීලා මෙහෙ එන්න ආශු..!!"

" බැහැ අනේ අපි හුඟ කාළෙකින් හම්බුණේ.. යනවකො මම බිසී.."

කියාන් අයියා විසාල කර්ට්න් ගොඩක් උස්සන් යන ගමන් ආශිගෙ කොණ්ඩ කෑල්ලක් හිමිහිට ඇදගෙන ගියා.. අද අපි ප්‍රොෆෙශනල් කොරියෝග්‍රැෆර් කෙනෙක් ගෙන්නලා ඉන්නෙ පොඩ්ඩක් ඩාන්සින් අයිටම් ටිකේ ස්ටෙප් හදාගන්න.. නල්ලමලේ ආටිස්ට් මෙතනට වෙලා අරවින්දයා එක්ක කියවනවා කියවනවා ඉවරයක්නෑ.. ස්ටේජ් එකේ කොණේම කර්ට්ස් අස්සෙ අපි ඉඳගෙන හිටියෙ.. මම අලුත් ට්‍රැක් එකක් හදනවා ලැප් එකයි ටැබ් එකයි දිගෑරගෙන.. මේකි නම් ඕපදූපයි කුරුල්ලොයි ගැන කියවනවා.. ෂනෙරු ක්ලබ් එකේ ඉඳලා ආවෙ දැන් වගේ.. ඌ ගියා ගයනිකා අක්කත් එක්ක අයිටම් එකේ වැඩ වගේකටයි, කොස්ටියුම්ස් වල මෙශර්මන්ට්ස් දෙන්නයි.. එයාලගෙ අයිටම් එකේ තියෙන්නෙ සෙන්‍යොරීටා සෝන්ග් එකට කවර් එකක් කරන්නයි.. තව පොඩි රොමෑන්ටික්-බ්‍රොමෑන්ස් වගේ ඇක්ට් එකක් කරන්නයි.. අපේ අක්කා මෙව්වා කල්ලා ටීචර් පට්ටම කුඩු කරගනීද කියලා තමයි බය.. එහෙම වෙන එකක් නෑ ප්‍රින්සිපලුත් අලුත් වැඩක් කියලා අප්පුඩි ගගහා රිහර්සල් වලදි බලන් හිටියනෙ.. අපේ හිච්චි කැමීලයි හිච්චි සෝනුයි.. මට ෂනෙරුවයි රධ්‍ය අයියවයි සින්දු කියනවා දකිද්දි ලෝකෙ නැති ලැජ්ජාවක් හිතට එනවනෙ.. බොක්කෙන්ම සපෝටර් වුණාම එහෙම වෙන්නැති.. හිතුණොත් මම කන්ඩක්ටින් නවත්තලා උන්ගෙ අයිටම් එකේදි ෂනෙරු+රධ්‍ය කියලා හාට් හාට් ගහපු බැනර් එකක් උස්සන් ඕඩියන්ස් එකට පැනලා චියර් කරනවා.. ඊටපස්සෙ එකසැරේ ෂනෙරු ස්කාෆ් එක පොළොවෙ ගහලා 'මම කැමති තව්සෙට නෙමෙයි ආධ්‍ය අයියට' කියලා කෑ ගහලා ඕඩියන්ස් එකේ ඉන්න මගේ බැනර් එකේ ආර් අකුර කපලා දැම්මොත්..!! එතකොට ෂනෙරු+ආධ්‍ය වෙනවනෙ.. අප්පච්චි නෙළුම් පොකුණෙන් බිමට පනී එහෙම වුණොත්.. අම්මොහ් අම්මොහ්.. අර ෂනෙරු කියන්න වගේ අප්පච්චිට බිමට පනින්න හරි නෙළුම් පොකුණක් තියෙන්නෙ මහින්ද මහත්තා නිසානෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now