139 කොටස

8.8K 1.1K 1.8K
                                    

" එහෙම කොහොමද ඕයි රැග් කරන්නෙ..!! යමං යමං.. මම ඕකගෙ කලිසම ඔලුවෙන් ගලවලා ගන්නම්කො.. එහෙම හුකාරිස්ලට මේකෙ වසන්න බෑ.. කවුරු කියලද ඌ හිතාගෙන ඉන්නෙ..!!"

මගේ වීර මස්සිනා බෝඩිමට ආපු ගමන් හොඳටම කලබල වෙලා, මේ දැන් කැම්පස් එකට ගිහින් අර විට කන ප#යට ගහන්න සපත්තුවකුත් බාගෙට දාගත්තම මං උගේ කොලර් එකෙන් ඇදලා අරන් සෝෆා එකෙන් ඉන්ඳුවා.. චමිරු පුපුර පුපුර මට රැව්වා.. සිංහවංශ සීයා ආපු වෙලේ ඉඳලා මම හදලා දීපු තේක බොනවා සෝෆා එකේ ඉඳගෙන.. එළියෙ ඉස්තෝපුවෙ තියන පුටු ටිකේ පෝළීමට කළු ඇඳගත්තු හයයි හතරෙ බොඩිගාඩ්ස්ලා හතරදෙනෙකුත් ඉඳගෙන තේ බොනවා.. මම හිතුවෙ නෑ මගේ හවස් වරුව මෙහෙම ගෙවෙයි කියලා.. අරුන් දෙන්නා හිටියනම් මම නීතිවිරෝධී වැඩ කරනවා කියලා මෙලහට පපුවෙ අමාරුව හදාගෙන.. යකෝ අච්චර දෙනෝදාහක් ඉන්න කැම්පස් එක ඉස්සරහම වාහනේ නවත්තගෙන හිටියෙ මොන එහෙකටද.. මේ නාකි ඇමතියා මට මේ ආත්මෙ නිදහසේ ඉන්න දෙන්නෙ නෑ.. දැන්නම් කේන්තියිත් වගේ රෙද්ද..

" පාඩුවෙ ඉන්නවා චමිරු..!!"

" ඔහොම කලබල වෙලා ප්‍රශ්ණ විසඳන්න බෑ.. චමිරු කලහකාරී වැඩියි, ඒකමයි පරිහානියට මුල.."

මම සීයා කියපු එකට ඔලුව වනලා හිනායන්න ආපු හින්දා වෙන පැත්තක් බලාගත්තා.. මට ඒ මනුස්සයව පේන්නෙ සුදුපාට හෙන නාකි පූසෙක් වගේ.. ඩයල් එක ඇත්තටම සුදුයි.. අනික සිංහවංශ පවුලයි ෆැශනුයි කියන්නෙ-ඒක ඇවිල්ලා වෙනමම එකක්.. අද සීයා අර වයසක තේ වතු අයිතිකාරයෙක් වගේ විකාර තොප්පියක් දාගෙන, කොට කලිසමට සුදු ශර්ට් එකක් යටකල්ලා suspenders ඇඳලා හිටියෙ.. කොහොම හරි මට තනිපල යකා වගේ කනත්ත ගාවින් එන්න වුණේ නෑ.. ඒ ගැන නම් හුඟක් සතුටුයි.. සිංහවංශ පවුල ෆැශන් කරනවා කිව්වට මගේ මස්සිනාට ඒක අදාල කාරණාවක් නෙමේ.. මොකද ඌ ගෙදර ඉන්න ගමන්ම කොටු කොටු කලිසමට ආම් කට් එකක් දාගෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන සකලබුජං වගේ නුවර ඇවිත් තියෙන්නෙ.. ඊටපස්සෙ මෙහේ සීතලයි කියලා මගේ ජැකට් එකක් ඇඳගත්තා.. අද සීයා නුවර එන්න කලින් චමිරුට කිව්වලු මාවත් බලන්න යනවා කියලා.. හදිසියෙ කිව්ව නිසා මූ ගෙදරට ඇඳන් හිටපු එක පිටින්ම නුවර ඇවිල්ලා.. දෙන්නත් එක්ක නුවර එළියෙ තියන හොටෙල් එක බලන්න ගිහින්, එහෙන් ලොකු ස්ට්‍රෝබෙරි බාස්කට් එකකුත් කඩාගෙන ඇවිත් මට දෙන්න.. සීයගෙම අතින්මලු ස්ට්‍රෝබෙරි කැඩුවෙ 'සෙනුක කන්න ආස ඇති නේද' කිය කිය..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now