103 කොටස

10.9K 1.1K 1.7K
                                    

" චමිරුවා..!! මේ කිරි එක බීලා හිටපන් එළියට ඇවිත්.. මේ දොරත් ලොක් කරන් මොන රෙද්දක් කරනවද..!!!!"

මම දොරට පයින් ගහගෙන ගහගෙන ගියා.. දොර ලොක් කරන් මොනවා කරනවද මන්දා.. ටිකකින් මට දෙස් දෙවොල් තිය තිය චමිරුවා ඇවිත් දොර ඇරලා එක ඇහැකුත් ඇරගෙන මං දිහා බැලුවා.. මූ නිදාගෙන ඉන්නවනම් දොර ලොක් කරන්නෙ නැතුව හිටපන්කො එහෙනම් මම ඇවිත් කිසි කරදරයක් නැතුව ඔලුවටම කිරි එක හලලා යනවනෙ.. මෙච්චර කෑගහන්න ඕන නෑනෙ..

" මම දැන් සිය පාරක් විතර කතාකරනවා.. මොන රෙද්දක් කරනවද මන්දන්නෑ.."

" කෝ තේක..??"

මම ඌට මග් එක දික් කළා.. චමිරු මග් එක අතට අරගෙන දොර උළුවස්සට හේත්තු වුණා..

" කන්න දෙයක් නැහ්..??"

" කුස්සියෙ ඇති.. මේ බීලා මග් එහේ මෙහේ දාන්නෙපා හෝදලා තියපන් හරිද.. මට මළ පනිනවා කාලා එහේ මෙහේ කෝප්ප තිබ්බහම.."

චමිරු මම කිව්ව එක ඇහුණෙ නෑ වගේ කුස්සියට ගිහින් කලින් දවසෙ ආශි හදලා අයුක අයියට එවපු තරු තරු කුකීස් ජාර් එක ඇරගෙන ඒකට අතක් ඔබාගෙන තේ බොන්න ගත්තා.. මම කව්න්ටර් එක උඩ තිබ්බ ට්‍රේ එකත් උස්සගෙන කාමරේට ආවා.. අයුක අයියා උදේ නැගිටලා ජිම් යන්න ඕන වගේ හීනෙන් කියවලා ගිහින් මූණ හෝදගෙන අද දෙසැම්බර් මාසෙ හෙන සීතල දවසක්ය, එදාට ගෙදර ඉන්න ඕනය, ජිම් එකේ කට්ටිය වැඩිය, මම දැන් ගාණට ඉන්නවාය මොනවද වැල් බයිලා ගොඩක් කියවලා ආයෙ ඔලුවෙ ඉඳන් වහගෙන නීදි.. කම්මැලියිනම් කම්මැලියි කියපන්කො බයිලා කියවන්නෙ.. පුදුම ගෝත ලේනෙක් තමා..

" ආයෙ නිදිද තව්සෙ.. එව්වා හරියන්නෑ නැගිටිනවා අද වැඩ ගොඩක් තියේ කරන්න.. සුදුඅයියේ..!!"

මම ඇඳ උඩට නැගලා ඇවිදගෙන ගිහින් අයුක අයියගෙ බඩ උඩින් වාඩිවෙලා මග් එක රස්නෙට බඩ උඩින් තියලා ගත්තා.. අයුක අයියා ඔලුවෙ ඉඳන් වහගෙන හිටපු බ්ලැන්කි එක පහළට දාලා මං දිහා බැලුවා..

" ම්ම්..??"

" කිරි එක බොන්න.."

" ම්ම්.. ම්ම්.."

මම මග් එක අයුක අයියට දික් කළා.. අයුක අයියා ඇදිලා හෙඩ්බෝඩ් එකට හේත්තුවෙලා නිදිමරගාතෙ මගේ අතක් ඇදලා අරන් අතට හාද්දක් දුන්නා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now