107 කොටස

9.7K 1.1K 770
                                    

" අනේ අයුක අයියෙ ඔයා පරිස්සමට ඉන්න හරිද.. වෙලාවට කෑම කාලා පාඩම් වැඩ කරගෙන ස්ට්‍රෙස් වෙන්නෙ නැතුව.. ඔයා බයවෙන්නෙපා අනේ මම ඉන්නවනෙ සෙනුකව බලාගන්න.. අනික උගේ මොනවා බලාගන්නද කියන්නකො අර ඉන්නෙ මෝඩ ගෙම්බෙක් වගේ.. ඔයා පරිස්සමට ඉන්න මම අපේ එක්කෙනා ඔයාව බලන්න එද්දි කෑම හුඟක් හදලා එවන්නම්.. ඔයත් මේ වෙන වෙන ඉබ්බො දිහා බලන්නැතුව පාඩුවෙ ඉන්න නැත්නම් මමත් අපේ එක්කෙනාගෙ ලැගේජ් එකක හරි බැහැගෙන ඇවිත්-එක්කො ඔය රෙද්දෙ යන්න මට ඉඩ නෑනෙ.. බෝට්ටුවෙන් හරි ඕස්ට්‍රේලියාවට ඇවිත් ඔයාවත් එක්කන් පැපුවානිව්ගිනියාවට අතෑරලා එනවා.. මට දුකයි අනේ.. කේන්තියිත් එක්ක.. ගියපු ගමන් අපිට කෝල් කරන්න මම බලන් ඉන්නෙ හොඳේ.."

" ම්ම්.. ඔයත් පරිස්සමින් ඉන්න.."

ආශි මහා හයියෙන් අඬාගෙන අයුක අයියට හග් එකක් දෙන්න ළඟට ගියා.. හෙන උස කොට ප්‍රශ්ණෙ..! ඊටපස්සෙ ආශි සෝෆා එකට නැගලා අයුක අයියට හග් එකකුත් දීලා ඔක්කොම හොඳින් වෙයි කියලා ආයෙම අඬන්න ගත්තා.. අපි වැඩිය අවධානෙ නොදුන්නට ආශි සමහරවෙලාවට අයුක අයියට හුඟක් ළඟයි.. ඒ කියන්නෙ අයුක අයියා එච්චර කලබල නැති චරිතයක් නිසා ඔය කියන ඕන දෙයක් අහගෙන ඉන්නවා.. ආශි-අයුක වෙරි බෙස්ටීස් සොසයිටි එකේ කියවන්නෙම ෆැශන් ගැන, පේන්ටින්ස් ගැන, ස්කින් කෙයා, ඒ ඇරෙන්න කියාන් අයියගෙ වැරදි, අයාන් අයියගෙ ඕපදූප, මගේ වැරදි, මම අරවින්ද එක්ක කතාකරන ඒවා, කේලම් ඔය වගේ දේවල් තමා.. ඒක හරියට-මහීශා ෂනෙරුට කිට්ටුම ගෑණුළමයා වගේ මට කිට්ටුම ගෑණුළමයා ආශි.. ඒ ඇරෙන්න වෙන කෙල්ලො අපි ආශ්‍රය කරන්නෙ නෑනෙ.. අනික ඒකි මොකක් වුණත් හොඳයි.. ඔය පොඩ්ඩක් ඩ්‍රාමා ක්වීන් වුණාට කරදරයක් කලබලයක් වෙච්ච වෙලාවට කල්පනා කල්ලා බලලා හොඳ තීරණ දෙන්න, මොකක් හරි හදිසියකදි අපිට දිව පැටලෙනවනම් ඉස්සරහට පැනලා ගාණට බැලන්ස් කරගන්න දන්නවා.. අයුක අයියත් මාත් එක්ක කිව්වෙ ආශිගෙ හුඟක් හොඳ යාළුවෙක් කියලා.. වෙන කෙල්ලො නම් කොල්ලො ආශ්‍රය කරනවා කියලා පිටේ බැඳගෙන බෙරිහන් දෙනවනෙ. ගෑණු හොඳ නෑ ගෑණු තමයි ගෑණුන්ට වල කපන්නෙ කිය කිය වැලලෙනවනෙ.. මං හිතන්නෑ ආශි කිසිම දවසක ගෑණුකමට බැන්නා කියලා.. එයාට වැරැද්දක් කරන්නෙ කව්ද ඒ අයව ප්‍රතික්ශේප කළා මිසක් වෙන විදියකට මිනිස්සු රිද්දලා නෑ.. අනික ඉන්නෙම පිරිමි යාළුවො වුණත් ඒ අයගෙ කරේ ගිහින් අනවශ්‍ය විදියට අවධානෙ ගන්න දඟලලත් නෑ.. කෙල්ලෙක් වුණාම තියෙන්න ඕන ආත්මාභිමානයයි, කෙළි ගතියයි හොඳට මේන්ටේන් කරගෙන යන්න ආශි දන්නවා.. සමහරවිට එයාව පොඩිකාළෙ ඉඳන්ම කොන් වුණු නිසා එහෙම වුණාද කියන්න මම දන්නෙ නෑ.. මේකි මෙහෙම හිටියට සෝශල් මීඩියා වල එහෙම ප්‍රසිද්ධ ඩයල් එකක්.. ඒකි ඒවත් පාඩුවෙ කරගෙන ඉන්නවා.. කියාන් අයියට ඉදිරි කාලෙ හොඳ සපෝටිව් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්, වයිෆ් කෙනෙක් වෙන්න ආශිට පුළුවන් වෙයි කියලා අයුක අයියා දවසක් මාත් එක්ක කිව්වා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now