29 කොටස

12.9K 1.4K 599
                                    

" මල්ලිලා කෑම්පින් යන්නද.."

මම සයිස් එක හරිද බලලා ස්විමින් ක්ලබ් එකේ ජැකට් එකක් බාගෙට දාගෙන කණ්ණාඩියෙන් බැලුවා.. ඒක වැඩියි වගේ පොඩ්ඩක්..

" ඔව් අයියෙ.. හෙට තියෙන්නෙ.."

" ආ ඉතින් දැන්ද ඇඳුම් ගන්න ආවෙ.. හරි කට්ටිය තමා මෙයාලත්.."

බ්ලූන්ගෝල්ඩ් එකේ හැන්ඩ්සම් අයියා මම ජැකට් එකක් තෝරද්දි හිනාවකුත් දාගෙන ඇවිත් එතන තිබ්බ රැක් එකකට අතක් තියාගත්තා.. ඩයල් එක මම අඳුරනවා.. මෙහෙට ආවහම ෂනෙරුවා එක්ක ශොප් එක අනිත්පැත්ත ගහලනෙ යන්නෙ.. අර මගේ යාළු පගාට ඇඳුම් තෝරන්න ගියාම ඌ අඳින්නෙ එක්කො කළු එක්කො සුදු එක්කො කොටු කොටු.. ඌට ඕන විදියට ඉස්කෝලෙන් ශර්ට් ප්‍රින්ට් කරන්නෑ කියලා මම කොච්චර කිව්වත් ඒ මොලගෙඩියට තේරෙන්නෙ නෑනෙ.. රධ්‍ය අයියට කියන්න ඕන යාළුවුණ ගමන් මාසයක් එකදිගට පීඩියාප්‍රෝ දෙන්න කියලා.. එතකොටවත් හරියයිද බලන්න.. අනිකා මේ චීත්තෙ.. ඉස්කෝලෙ වෙන සේරම චීත්තෙ වගේ හොයනවා.. ශොප් එක දාගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව.. පෙනුම හැන්ඩ්සම් වුණාට කතාකරන්න ගත්තමනම් පොඩි~ ෆෙමිනි සයිඩ් එකක් තියනවා.. යූ නෝ වට් අයි මීන්..

" වැඩ හලෝ.. බිසී බිසී.."

" කවද්ද ඔයාලට බීසි නැත්තෙ ඉතින්.."

චිරාග් අයියා මගේ උරහිසට එකක් ගහලා කම්මුලටත් අතක් තියාගෙන අඳුම් තෝරන දිහා බලාගෙන හිටියා.. කෝ දැන් ශොප් එකට එනවයි කිව්වා ගෝත ඔලුබක්කා තාම ආවෙ නෑනෙ.. පරක්කු වුණොත් මම යනවා මගුල.. 

" සාගා එකලු නේ.. ඕ බී එකෙන් අලුතින් ශර්ට්ස් වගයක් ගහලා එව්වා.."

" ඔව්නෙ.. ඉස්සරහට රෑ එකොළහ දොළහ වෙනකල්ම ඉස්කෝලෙ නවතින්න වෙයි.. මියුසික් මාස්ටර් මරන් කන්න හදනවනෙ අපිව.."

" මෙයා නැති එකක් නෑනෙ අනේ.. ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්නද ඔච්චර මහන්සි වෙන්නෙ.."

" වුණොත් නරක නෑ හැබැයි.."

මම චිරාග් අයියට ඇහැක් ගහලා ගාණට තිබ්බ ජැකට් එක අතේ දාගත්තා.. අපේ ඉස්කෝලෙ පොතේ ඉඳලම ප්‍රින්ට් කරනවනෙ.. පොත්, නෝට් බුක්, පවුච්, බෑග්, ස්පෝර්ට්ස් බෑග්.. ශොප් එකට නිතර කට්ටිය එනවා ඒවා ගන්න.. අනිවාරෙන්ම බෑග් එහෙමනම් ගන්න ඕන නෑ.. ඒත් අලි ඔලුවට මේකෙන්ම ගන්න උනුත් ඉන්නවා.. මේකෙ බඩු හෙන ගාණක්නෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now