56 කොටස

12.3K 1.3K 685
                                    

ගෙදරට අඩිය තියන්න හම්බුණේ නෑ ආත්තම්මා අත් දෙකත් පිටිපස්සට බැඳගෙන මහා ආඩම්බර ලීලාවෙන් මම එන දිහා බලාගෙන ඉන්නවා.. මට නැති චූබරකුත් ලෝඩ් වුණා ඉන්න විදිය දැකලා.. මෙයා එක විදියක්.. හෙනම සැරයි පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ඇනුම්පද කියන්න ගන්නවා.. අපේ තාත්තගෙම අම්මද කියලත් සැකයි.. හංස තාත්තා මට කිව්වෙ නෑනෙ අපේ අම්මගෙ නපුරු නැන්දම්මා මෙහේ එනවයි කියලා.. එකසැරේම ඇවිත් තියෙන්නෙ මොකාක් හරි ගිනිජාලාවක් අවුළලා යන්නද දන්නෙත් නෑ.. 

මම ආච්චිත් එක්ක රවන්න බැරි නිසා හිනාවෙලා සපත්තුදෙක ගළවලා පැත්තෙ රැක් එකෙන් තිබ්බා.. 

" හහ්..!!!"

ආච්චිගෙ හහ් එකට මාව උඩ ගියා.. බය කරනවනෙ මෙයා ඉඳගෙන.. මේ මොන සමයමක්ද මේ..

" අ-ආ ආත්තම්මෙ.. ආත්තම්මා එනවා කියලා දන්නෙත් නෑ.."

දැනගත්තනම් මම එන්නෙ රෑ දොළහට විතර.. කෝ මගේ සුදුනෝනා ගේ ඇතුළෙද..

" බොහොම යසයි ඉලන්දාරි ගෙවල් වලට එන වේලාව.. මහ රෑ දෙගොඩජාමෙ කොහෙ කොහෙ ගිහිල්ලද මේ එන්නෙ.."

බෝයිප්‍රෙන් එක්ක ඉඳලා එද්දි රෑ වෙනවා ආත්තම්මෙ.. අවලමේ යන්න එපැයි මහ රෑට.. නැත්නම් හරි නෑනෙ.. දැන්නම් මටත් මල පනිනවා හු#ත..

" ස්ටූඩියෝ ගියා අත්තම්මෙ.."

" ස්ටූඩියෝ..?? අර මක්කටද.. මද්දු..!!!! මෙහෙට ආවනම්.."

ඒ එක්කම අපේ අම්මා දුවගෙන ඇවිත් මගෙන් බෑග් එකයි ස්පොර්ට්ස් බෑග් එකයි අරගත්තා.. පව් අපේ අම්මා හෙනටම බයවෙලා ඉන්නෙ.. මූණ දැක්කහම කියන්න පුළුවන්.. නාලා තෙත පිටින්ම කොණ්ඩෙ බැඳගෙන.. හැමදාම තාත්තයි මමයි අම්මට බනිනවා නාලා කොන්ඩෙ බැඳගන්න එපා කියලා.. දැන් මේ මනුස්සයා ඇවිත් නිසා අම්මට කොන්ඩෙ කඩාගෙන ඉන්න එපා කියන්න ඇති.. හෙන ඩොටේනෙ මේ ආත්තම්මා.. අන්න ඒකට ෂනෙරුලගෙ ආත්තම්මා.. උම්මා දීලා බදාගන්න වටින ආත්තම්මෙක් එහෙ ඉන්නෙ.. මගේ ලව් එක..

" අ-අම්මෙ.. පුතා දැන්නෙ ගෙදර ආවෙ.."

" ගුරුවරු නේද.. මෙහෙම ළමයි මහ දෙගොඩහරියෙ ගෙදර එන එක හරිද.. හහ්..!! කොහෙද අඩු කු-"

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now