28 කොටස

13K 1.5K 717
                                    

අයුක අයියව හොස්පිට්ල් එකේ ඉඳලා මම ගිය දාට පහුවදා ඩිස්චාර්ජ් කළා.. එයාගෙ අසනීපෙන් පවා ප්‍රයෝජන ගන්න මිනිස්සු ඒ ගෙදර ඉන්නෙ කියලා මම දැනගත්තෙ අයුක අයියා ඊලඟ සතියෙ ඉස්කෝලෙ ආවහම.. අපි සාමාන්‍ය විදියට හම්බුණා වගේම වෙලාවක් හම්බුණොත් කතාකළා.. හැමතිස්සෙම නෙමෙයි ඒකත්.. ඒත් වෙනදා වගේ මරාගන්නෙ නැතුව කතාබහ කළා.. අයුක අයියා කතාබහක් නැතුව හිටියට කියවන්න ගියාම වෙලාවකට කියාගෙන කියාගෙන යනවා හිතේ තියන දේවල්.. මම අහගෙන ඉන්නවා.. ඔය අතරෙ ලියුමක් දෙකක් එහෙමත් හම්බුණා.. සිංදුවක පද පේළියක් අස්සෙ අයුක අයියා කියන හදන මොන මොනවා හරි තිබුණා.. ඒකෙන් මේකෙන් වුණේ ඉන්ග්ලිශ් වර්ක් බුක් එකේ දෙතුන් වතාවක්ම අලුතින් ස්ටෙප්ලර් කටු වැදිච්ච එක..

අපේ ගෙදර සති දෙකක් තිස්සෙ රෙපෙයාර් කරනවා.. මගේ කාමරේ කලින් තිබ්බ විදිය වෙනස් කල්ලා අලුතින්ම හැදුවා.. ඇඳකුත් අලුතින් දාලා වෝඩ්‍රෝබ් එකක් හදලා සෑහෙන්න වෙනස්කම් ගොඩක් වෙලා තිබ්බෙ.. කලින් කාමරේ හරිම සාමාන්‍ය විදියට තිබ්බට දැන් පෙනුම වෙනස්.. බිත්තිවලට නිල්-සුදු එකතුවෙච්ච ආට් එකක් කරපු වෝල්පේපර්ස් දාලා පොත් රාක්ක දෙකක් අලුතින් දාලා පාඩම් කරන මේසේ ජනේලෙ ගාවට දාලා තියෙන්නෙ.. තව අම්මා ලස්සන ලස්සන පැල ජාති ගෙනත් කාමරෙන් තියලා හැදුවා.. සිවිලිමත් නිල් පාටට වෙනස් කළා.. නිල් පාට මම ආසම පාටක්.. අම්මලගෙ කාමරෙත් ඇඳවල් වෙනස් කල්ලා පරන බඩු ඔක්කොම එකතුකල්ලා ස්ටෝරූම් එකට දැම්මා.. කර්ට්න් අලුත් කළා.. ෆනිචර් අලුත් කළා.. කුස්සියෙත් පැන්ට්‍රි අලුතින් ඩිසයින් කල්ලා හැදුවා.. තාත්තගෙ හිතේ හුඟ කාලෙක ඉඳලා අදහසක් තිබුණා ගෙදර වෙනස් කරන්න.. අනික ගෙදර අය මොකක් හරි නිසා බිසී වෙනවනෙ.. පහුගිය සති දෙකේ සේරම වැඩ පැත්තකින් තියලා ගෙදර වැඩ ඉවරකල්ලා තියෙන්නෙ.. දැන් ගෙදර අලුත් පෙනුමයි.. කලින් තිබ්බට වඩා හුඟක් ලස්සනයි.. ඉඳලා හිටලා ගෙදර වෙනස්කමක් වුණාම ආස හිතෙනවා.. දැන් මට වැඩිපුර මගේ කාමරේ ඉන්න හිතේවි..

කොහොමහරි අලුත් සිවිලිම කියලා වෙනසක් නෑ මම හසුන් ටික ඒකෙ අස්සෙ ආයෙම ස්ථානගත කළා.. හැමදාම පොතේ කවරෙ අස්සෙ දාගෙන ඉන්න බෑනෙ.. මේවටත් යන කලක් තියෙන්න එපැයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now