54 කොටස

13.7K 1.3K 1K
                                    

" කෙමෙස්ට්‍රි මන්ත්ලි ටෙස්ට් ළකුණු ගෙනැල්ලා.. ළමාආආආආආආයි!!!!!!!!!!!"

මමයි, ජොනායි, නෆ්‍රාසුයි උදේ පාන්දර පන්තියෙ බැම්මට හේත්තුවකුත් දාගෙන කියව කියව හිටියෙ.. වෙන මොකෙක්වත් උදේම ඇවිත් සෙට් වුණෙත් නෑ කියවන්න.. ජොනා, නෆ්‍රාස් එක්ක අපේ පන්තියට ආවා මාව හම්බෙන්න.. අනික අපේ හවුස් එක දිනපු එකේ පම්පෝරිය ගහන්නත් එපැයි.. අර අතිජාත මිත්‍රයා හැමදාම උදේට සේපාලිකා ගස් අස්සෙ වෘක්ෂදේවතාවා වගේ දේවතා එළි විහිදුවන්න යන නිසා මම මෙහේ හංස විලේ තනියම.. අද මතීෂගෙයි, හෂාන්ගෙයි මූණු දෙකට හෙන ගහලා වගේ උදේ ඉඳන්.. පුප ඉරාගෙන අලි ටෝක් දීලා හවුස් මීට් එකේ එක වෙයි කියලා අලිහොඬවැලෙන් හිටියෙ.. දැන් තුන වුණානෙ.. ඒකනිසා මාත් එක්ක ඇරියස් එකටමයි කතාකරන්නෙ.. උදෙත් මම පන්තියෙ බෑග් එක තියන්න ගියහම මූණටම ජරා හිනාවක් දැම්මා.. නොබෝ දිනකින් මුන් දෙන්නා කනවා කියලනම් මට දැන් ලාවට දැනීගෙන එන්නෙ.. එහෙම අමුතු හු#න පාට් වලින් මාත් එක්ක ඉන්න බෑ..!! මෙහෙම ගියොත් ෂනෙරු එක්කත් ඉන්න බෑ..!!

" ලොකුඅයියණ්ඩි නැද්ද බං.."

මේ ජොනතන් පගා හැමතිස්සෙම උගෙ ලොකුඅයියක් ගැන මගෙන්ම අහන්නෙ.. මම ඌව වඩාගෙන ඉන්නවයැ ඉස්කෝලෙ.. මුගෙ තියන බලුකම.. වෙන මොකුත් නෙමේ..

" මම සාක්කුවෙ දාගෙනද ඉන්නෙ.. බලපන්කො බං.."

නෆ්‍රාස් හිනාවෙවී පන්තියෙ කොට බැම්මෙන් ඉඳගත්තා.. අපේ පන්තියෙ අති උත්තම මහා පණ්ඩිතයො ඌ දිහා බැලුවෙ, ඌ මෙතන හරි පහත් දෙයක් කළා වගේ.. ජොනතන්ට මළ පැනලා ඌත් බැම්මෙන්ම ඉඳගත්තා.. මේ අපේ පන්තියෙ තමා මෙහෙම මගුල් තියෙන්නෙ.. හයියෙන් හිනාවෙන්න බෑ.. බැම්මකින් ඉඳගන්න බෑ.. ඩෙස්ක් එකක ඉඳගන්න බෑ.. මදාවියො ගාණට දාලා මහ අමුතු බැල්මවල් අපිට දෙන්නෙ.. 

" සාක්කුවෙ නෙමේ හාට් එකේනෙ දාගෙන ඉන්නෙ.. ආව් ආව්.."

ජොනතන් එහාපැත්තෙ තිබ්බ පේපර් බෑග් එක මගේ අතින් තිබ්බා.. 

" අම්මා උඹට දෙන්නෙයි කිව්වා.. අනික ෂනෙරුට දීපන්.."

" ස්තූතිවේවා..!!"

ජොනතන්ගෙ තාත්තා පයිලට් කෙනෙක්.. හැමදාම උගේ බෑග් එකේ චොක්ලට් මලු ගණන් තියනවා ඉස්කෝලෙ ඇවිත් කන්න.. අපි විහිළුත් කරනවා හිච්චි සැන්ටා කියලා.. තාත්තා ඉතින් ගිහින් ආවහම මූ ගෙදර තියන ඒවා උස්සන් ඇවිත් අපිටත් දෙනවා.. ඌටත් කාලම එපාවෙලා තියෙන්නෙ චොක්ලට්.. හැම තැනින්ම චොක්ලට් ගිලලා මට දියවැඩියාවවත් හැදෙයිද මන්දා.. ලේනට කියන්න ඕන ආයෙ වයින් දාපු චොක්ලට් කන්නෙ නැතුව කෙලින්ම වයින් බොමු කියලා.. මම කිව්වොත් නොසලකා හරින්නෙ නෑනෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now