" මොනවා කරන්න ගිහිල්ලද හැමදාම අතපය කපාගන්නෙ.. මස් කඩේක වැඩට යනවද.."
" ආ-හ්ව්.."
" ඈව් තමා.. හලනවා මේ බෝතලේම තව්සෙගෙ තුවාලෙට.."
" රිදෙන-වා වත්සල්.."
" ඉවරයි ඉවරයි.. මේ ප්ලාස්ටර් එක ගැහුවහම හරි.."
අයුක අයියා පන්තියේ වාඩිවෙලා කලව ගාවට බොටම උස්සගෙන කකුල පුටුවක් උඩින් තියාගෙන ඉන්නවා.. පන්තියේ කවුරුත් හිටියෙත් නෑ මම මේ පැත්තෙන් යද්දි.. අයුක අයියලාට අද ක්‍රිකට් ප්‍රැක්ටිස් තිබිලා උදේ.. මේ මනුස්සයා යුනිෆෝම් නැතුව දවසෙම කලර්ඩ් ඉන්නවා.. කවුරුත් මොකුත් කියන්නෙත් නෑ.. හරි අසාධාරණයි අප්පා.. අපි තමයි පොඩ්ඩක් හදිසියට බොටමක් ගහගෙන ආවහම මෙහේ ඉන්න උත්තම පිපෙට්ටු ටික රෙදි ගලෝගෙන නටන්න යන්න.. මෝඩ මූසලයො ටික..
හෙට අපිට කළා උළෙල තියනවා.. පහුගිය සතියම ඉක්මනට ගෙවිලා ගියා.. විශේශයි කියන්න කිසිම දෙයක් වුනේ නෑ.. වුණූ එකම දේ කොහේ ගියත් මට අයුක අයියව හම්බුණූ එකයි ඌ මාත් එක්ක ආයෙ වලි ඇදගත්තෙ නැති එකයි.. ඉස්කෝලෙ උනුත් පුදුම වෙලා බලාගෙන ඉන්නවා.. ලැජ්ජයිත් එක්කන් අප්පා.. කලින් ගහගෙන, මරාගෙන, බැනගෙන, අපහස කරගෙන දැන් මෙහෙම එක ළඟ ඉන්නකොට මොකද්ද මොකද්ද වගේනෙ.. ශික්කෙ සෙනුක පුතේ.. උඹ ලැජ්ජ කරගන්නවා හොඳටම..
මම රධ්‍ය අයියගෙ බෑග් එකෙන් එයාගෙ ෆෝන් එකයි කේබල් වගේකුයි ගන්න දැන් පැය බාගෙකට විතර කලින් පන්තියට එනකොට පන්තියෙ සේරම ළමයි පුස්තකාලෙට ගිහිල්ලා.. අයුක අයියා විතරක් පන්තියෙ ඔලුව තියාගෙන ඉන්නවා.. මම කරදර කරන්නෙ නැතුව රධ්‍ය අයියගෙ ෆෝන් එකයි කේබල් ටිකයි ගිහින් මියුසික් රූම් එකෙන් තියලා ආයෙම එයාලගෙ පන්තියට එන්න ආවා.. මට ඉතින් හරි අමාරුවනෙ තියෙන්නෙ.. කවුරුහරි මූණ එල්ලන් ඉන්නකොට ගිහින් ඇඟිල්ලෙන් ඇන ඇන අහන්න..
මම ආයෙම ක්ලාස් එකට එනකොට අයුක අයියා කලව ගාවින් කකුල අල්ලගෙන අත් දෙක මිට මොළවගෙන ඩෙස්ක් එකට ඔලුව තියාගෙන ඉන්නවා.. මම ගිහින් වද දීලා ඌට බැනලා යන්තම් ඇයි කියලා අහගත්තම අයුක අයියගෙ බොටමෙත් ලේ පැල්ලම් දෙක තුනක් තිබ්බා.. කකුල කපාගෙන..
![](https://img.wattpad.com/cover/351759165-288-k605706.jpg)
ESTÁS LEYENDO
BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
Romance" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්‍ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක්...