62 කොටස

12.3K 1.2K 1K
                                    

" මම මේ වෙලාවෙනම් අයුකට බල කල්ලම කියනවා බ්‍රේක් එකක් ගන්න කියලා.. see, physically and mentally, you are in a weak condition... If you understand this situation, it will help both of us a lot.."

" I will try..it will take at least two weeks, doctor.. එකසැරේටම කරගෙන යන ගමන් තිබ්බ වැඩ නවත්තන්න අමාරුයි.."

" මට තේරෙනවා දරුවෝ.. හොඳයි, තීරණයක් ගන්න මම ඔයාට ඉඩ අරිනවා.. සති දෙකතුනකින්වත් බ්‍රේක් එකක් ගන්නවනම් හොඳයි.. අනික මම ඔයාගෙ බෙහෙත් වෙනස් කළා.."

ඉසිවර අයියා දාගෙන ඉඳපු කණ්ණාඩි දෙක පන්නලා පැත්තකින් තියලා ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන හිටියා.. එයා කතාකරන්න කලින් කියන්න ඕන දේවල් ඔක්කොම මතක් කරගන්නවා වගේ..

" ආ.. අයුක ඔයාගෙ බ්ලඩ් රිපෝට් එක ආවා.. ආයෙම කරන්න දෙයක් නෑ ඒක නෙගටිව්.. No need to worry.."

" මම නම් තව්සෙට ආයෙ කියන්නෑ රෙද්ද.. හෙඩ් ප්‍රිෆෙක්ට් නම් කමක් නෑ අර ක්ලබ් එකෙයි මේ ක්ලබ් එකෙයි ක්‍රිකට් ටීම් එකෙයි-අනික හොඳටම දන්නවනෙ ඔය ක්ලබ් එකේ කැප්ටන් වෙනවනම් දිගටම මහන්සි වෙන්න වෙනවා කියලා.. බිග් මැච් එක ඉවරවුණාම තව මොන මොන මඟුල් ඔලුවට කඩාපාත් වෙයිද දන්නෙත් නෑ.. වැඩක් නෑ අයියෙ මූට කියලා.."

" අන්න ඒකටනම් මම අයුකගෙ සයිඩ් එකේ නෙමෙයි.. සෙනුක කියන දේ ඇත්තක් තියනවා.."

අයුක අයියා තොලකුත් හපාගෙන අත් දෙක දිහා බලාගෙන හිටියා.. බනින්නත් ඕන.. බනින්න හිතෙන්නෙ නෑ..

" හරි හරි අයුක කියනවනෙ සති දෙක තුනක් දෙන්න කියලා.. අපි දීලා බලමු.."

ඉසිවර අයියා ආයෙම දෙපැත්තටම නැති උත්තරයක් දීලා ඩයරියක කුරුටු ගෑවා.. 

' Oh, I book a new appointment
Yet another disappointment
They're all the same, same, same..'

මම ක්ලාස් ඉවරවෙලා එද්දි හොඳටම හවස් වුණා.. ක්ලාස් තියන වෙලාවල් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච නිසා.. අයුක අයියා ඉසිවර අයියව හම්බෙන්න තනියම යන්නෙ නෑනෙ.. එහෙම ගියොත් රයනුත් එනවා.. රයන් එන්නෙ නැත්තෙ මම හම්බෙන්න එන දවසක විතරයි.. සමහරවිට දැනුත් ඒකා එළියෙ ඇති.. ඒත් අපිට පේන්නවත් නැති එක හිතට සහනයක්.. ඉසිවර අයියා හුඟක් වෙලා අයුක අයියත් එක්ක කතාකර කර ඉඳලා පැයකට විතර පස්සෙ අපි එළියට ආවා.. මට දැන් මේ බිග් මැච් එකත් එක්ක පුදුම කේන්තියි.. ඕබී එකෙන් ඕනවටත් වඩා ක්‍රිකට් ක්ලබ් එක ස්ට්‍රෙස් කරනවද මන්දා.. පහුගිය කාලෙ කියාන් අයියත් කිව්වා ඒගොල්ලොන්ගෙ රග්බී බැට්ල් එකට ප්‍රැක්ටිස් කරද්දිත් ඔබී එකෙන් තරම් කේස් අදින්නෙ නෑ වෙන මොකකින්වත් කියලා.. ඒ දෙක ඉස්කෝලෙ මේන්ම ස්පෝර්ට්ස් දෙකක්නෙ.. අනික අර සංහිතයටත් ඕන උගේ පුතා අම්මටසිරි වෙන ප්ලෙයර් කියලා ලෝකෙට කියලා පොර වෙන්න.. මහ සිංහවංශයා හොඳයි අනිකා එක්ක බලද්දි.. අනේ දෙයියනේ සහරාන්ට බැරිවුනානෙ ඔය බෝම්බෙ බඩේ බැඳගෙන ගිහින් අයුක අයියා නැති වෙලාවට ඔය මැන්ශන් එකේ පුපුරෝගෙන මැරෙන්න.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now