138 කොටස

8.9K 1.1K 1.5K
                                    

" මතකයිනෙ.. ගෙදර ඇවිත් කාලා බීලා දොරවල් වහගෙන ඉන්නෝන.. අපි කැම්පස් ඉවරවෙලා මෙහෙමම ගෙදර යනවා.."

" හරි හරි බං.. දැන් කී සැරයක් කිව්වද ඕක.."

මම ධනුජ අයියගෙ බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවලා ඌටම දුන්නා.. මේ දෙන්නම කොළඹ යනවලු.. කොළඹ කිව්වට ඇත්තටම ඒගොල්ලො ඉන්නෙ ගම්පහ.. සති අන්තෙ නිවාඩුවට ගෙදර ගිහින් උන් දෙන්නා එනකල් මම තනියම බෝඩිමේ.. මෙච්චර කාලෙකට තනියම ඉඳලත් නෑ.. නෑ එහෙම බයකට කියනවා නෙමෙයි.. මොකට බය වෙන්නද මම.. ඒත් තනියම ඉන්න මොකක්ද වගේ.. හරියට මට දැනෙනවා අඳුරු බලවේගයක් ඇවිත් මට වහ වැටිලා ජනෙල් පඩිය උඩ බලන් ඉන්නවා වගේ එකක්.. අම්මපා අර කනත්තෙ හැමදාම මහ රෑ දොළහට එකට උඩුබුරන බල්ලො දෙන්නව අල්ලගෙන කටවල් ගැටගැහුවනම් මෙච්චර හදියක් නෑනෙ.. එහෙනම් අයුක අයියට සේරම වැඩ අස්සෙ 'සුදූ ඔය කනත්තෙ ඇති හොල්මනක් නෑ' කියලා ලෙක්චර්ස් අස්සෙ මට මැසේජ් දාන්න වෙන්නෙ නෑ.. ඇඟත් හිරිවැටිලා යනවා ඒ බල්ලො කෑගහන විදිය මතක් වුණහම.. දැන් තමයි හිතෙන්නෙ ඔක්කොම දමලා ගහලා ෂනෙරුව හොයාගෙන ගිහින් ඌව බදාගන්න නිදාගන්න තිබුණනම් කියලා.. කොහෙද මූ ඉතාලියෙ ගිහින් පිත්ත වනලා එනකල් මට ඉන්න ඉවසන් ඉන්න වෙනවනෙ.. 

තාම කැම්පස් එකේ සෙට් වෙන යළුවෙක් සෙට් වුණේ නෑ.. අඳුරන අය දෙතුන්දෙනෙක් ඉන්නවා, උන් ඉන්නෙ නෝට් ඉල්ලගන්නයි ඔය කැන්ටිමට යන්නයි වගේ කැම්පස් එකේ වැඩ වලට මිසක් නුවර වටේ කරක් ගහලා, අර කාක්කො බෙටි දාපු වැව රවුමට වෙලා කයියක් ගහලා, දළදාව වැඳලා එන්න වගේ ඒවට නෙමේ.. ඒවට යන්න ඕන සේරම හැත්ත බුරුත්ත ඉන්නෙ කොළඹ.. විශේෂෙන්ම සනෙරු කියන ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තාරකාව නැතුව මගේ ජීවිතේ හොඳම යාළුවා පාට් එක කරන්න මොකෙක්වත්ම නෑ කියලා මට තේරිලා තිබුණෙ.. අර චමිරුවවත් හිටියනම් අපිට තිබුණා කාක් බෙටි පාග පාග 'මම ෂනෙරුට ආදරෙයි බාං' විලාපය අහන්න.. නැත්නම් අර ලේන් පගයා හිටියන් ඌ එක්ක ලව් කරන්නවත් තිබුණා.. ලව් නැතත් 'අරවින්දගෙ වෝක් එකට හිත යන්න තරම් මොනවද එච්චර තියෙන්නෙ, මගේ වෝක් එක ඊටවඩා කොච්චර ප'ෆෙක්ට්ද' වගේ එකක්වත්..?? නැත්නම් ආශි එක්ක ඔය රෝසපාට කොට්න් කැන්ඩි එකක් කකා ඒකිගෙ පවුල් බර ගැන කතාකරන්න තිබුණා.. මහීශා හිටියනම් මනුස්සයෙක් නින්දෙදි මරන්න පුළුවන් ලේසිම විධි ගැන තර්ක කරගන්න තිබුණා.. ජොනයි නෆ්‍රාසුයි හිටියනම් වැටෙන්න ගහලා බයික් එකත් උස්සන් රේස් පදින්න යන්න තිබුණා.. එක පගෙක්-එක පගෙක් නෑ..!! 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now