114 කොටස

8.7K 1.1K 506
                                    

"නොගියොත් යලිත් ආ නොහැකිය.එය සැබෑවකි..මට එය නොතේරුණි..යාම හොඳයි.. ගොස් ඊමද හොඳයි..ලොව ඇත්තේ යාම් ඊම්‍ ය..නෑවිත් යන්ට බැරිය.. නොගොස් එන්ට බැරිය..මගේ හදවත සැනසුම් ලද්දේය.."

(මළවුන්ගේ අවුරුදු දා)

ටේබල් ලෑම්ප් එකේ කහ පාට එළියෙන් මම එකදිගට විසිවෙනි වතාවටත් පුස්තකාලෙන් ගෙනාපු පොතේ පිටුව කියවගෙන කියවගෙන ගියා.. මේ පොත මම තුන්සැරයක් කියවලා තියේ.. අපේ ගෙදර කලින් තිබිලා අම්මා එයාගෙ පන්තියෙ අමයෙක්ට ඒක දුන්නා.. මුලින්ම කියවද්දි මම හය වසරෙ.. එතකොට ඔහේ අකුරු ටිකක් විතරයි කියවගෙන ගියේ.. දෙවෙනියට කියවද්දි අට වසරෙ.. යන්තම් තේරුණත් හරි ගැඹුරු අර්ථයක් මට හොයාගන්න බැරි වුණා.. දැන් මම ඒලෙවෙලුත් කල්ලා සාමාන්‍යෙන් දැනුම් තේරුම් ඇති වයසෙ.. එතකොට මම මේ පොතෙන් දකින භාව්‍ය, රසය, අර්ථය සෑහෙන්න වෙනස් වෙලා.. එකම පොත ජීවිතේ අවධි තුනකදි මට දැනුණෙ තුන් විදියකට.. කාලෙකදි මම දෙවොන්දොරාට බැන්නා.. කාලෙකදි නොරිකොට බැන්නා.. දැන්..?? දැන් ඒ දෙන්නටම නොලැබෙන දෙන්නගෙ දෛවය පිළිඅරගෙන, කාටවත් නොබැණ, ඒ ගැන හිතලා, ජීවිතේ පැතිකඩක් දකින්න හුරු වෙලා.. හරිම ශුන්‍ය හැඟීම් ගොඩක් විතරයි ඉතුරු වෙන්නෙ.. 

අඩුම තරමෙ දැනට මං ගාව තින්නෙ මගේ මූඩ් එක ෆික්ස් කරන්නවත් හොඳ පොතක් නෙමෙයි නිසා මගේ ඔලුව අවුල් වෙලා තිබ්බෙ.. ඊටත් වඩා තව ටිකකින් අයුක අයියට කතාකල්ලා මොනවද කියන්නෙ කියලා මට හිතාගන්න බෑ.. එක්කො මම ඕනවට වඩා හැම එකම හිතනවද දන්නෙ නෑ.. ඒත් ටික ටික හැමදේම මට කන්ට්‍රෝල් කරගන්න අමාරු වෙනකොට, මගේ පැත්තෙන් කවුරුත්ම නැහැ කියලා දැනෙනකොට හිතට වේදනාවක් දැනුණා.. අඩුම තරමෙ මේ දේවල් ගැන කියන්න පුළුවන් කෙනෙක්-

මම ඉක්මනට ආපු සිතුවිල්ලකට ෆෝන් එක අරගෙන චමිරුට කතාකළා.. මේ වෙලාවෙ ගෙදර ඉන්නවා ඇත්තෙ.. හෙට සෝශල් එකට එන්නත් තියනවනෙ.. මම ෆෝන් එක කනේ තියාගෙන නියපොත්තක් හපාගත්තා.. අපේ ගෙදර හැමෝම නිදාගන්න ගිහින්.. හුඟක් රෑ වෙලා නිසා.. ඒත් මට අයුක අයියට කතාකරනකල් නිදාගන්න හිතෙන්නෙත් නෑ.. අදම මේ දේවල් කියන්නත් ඕන.. කියන්න කලින් අඩුම තරමෙ මට කතාකරන්න පුළුවන්, මට තියන ප්‍රශ්න වලින් සීයට එකක් හරි දන්න මනුස්සයෙක් එක්කත් කතාකරන්නයි මට ඕන වුණේ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now